― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමහජනතාවගේ බලයක් ගොඩ නඟන විකල්ප පාලනයක්‌ විකල්ප ආණ්ඩුවක ආරම්භය

මහජනතාවගේ බලයක් ගොඩ නඟන විකල්ප පාලනයක්‌ විකල්ප ආණ්ඩුවක ආරම්භය

මහජනතාවගේ බලයක් ගොඩ නඟන විකල්ප පාලනයක්‌ විකල්ප ආණ්ඩුවක ආරම්භය සනිටුහන් කරන ආරම්භක සමුළුව මාර්තු 27 වන දින නුගේගොඩදී පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

මාර්තු මාසේ 27 වැනිදා නුගේගොඩදී අපි සංවිධානය කරලා තියනවා ජන අරගල ව්‍යාපාරයේ පලවෙනි සම්මේලනය.
අවුරුදු හැත්තෑ ව කටත් වඩා කාලයක් තිස්සේ අරගෙන ආපු දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය විසින් රට විශාල අර්බුදයකට ගෙනල්ලා තියෙනවා.
 මේ අර්බුදය විසඳීම සඳහා මහජනතාවගේ බලයක් ගොඩ නැඟිය යුතුයි. අපි හැමදාම අර්බූද ආවට  පස්සේ අර්බුද විසඳගන්න කියලා තෝරපු උත්තර තමයි ඔලුව කැක්කුමට කොට්ට මාරු කරන වගේ හිසේ රුදාවට පැරසිටමෝල් බොනවා වගේ මේකට ඇත්ත හේතුව හොයලා ඇත්ත හේතුවට පිළියම් කළේ නෑ.
 හැමදාම රටේ ජනතාව විදියට කරල තියෙන්නෙ මැතිවරණයකදී කවුරුහරි කෙනෙකුට ඡන්දෙ පාවිච්චි කරලා ඒගොල්ලො රට හදයි කියලා බලාගෙන හිටපු එක.
 ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ රට හදන එක නෙමෙයි ඒගොල්ලො තමන්ගේ පවුල් හදන එක තමන්ගේ බඩ වඩාගන්න එක. අවුරුදු ගාණක් තිස්සේ අපි ඒ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා.
 අද රටේ ජනතාව ඛේදවාචකයකට ඇද වැටිලා. දෛනික ජීවිතයේ අවශ්‍යතාවයන් වත් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා.
 මේ අර්බුදය කොරෝනා නිසා ඇති වුණා ය යුක්‍රේන් අර්බුදය නිසා ඇති වුණාය කියලා සමහරු කියනවා. මේවා ඒ අර්බුද නිසා ඇති වෙච්ච ඒව නෙමෙයි ඒ අර්බුද නිසා මේ ප්‍රශ්න උත්සන්න වුණා.
 මේකෙ ඇත්ත හේතුව අපි අරගෙන ආපු සමාජ ආර්ථික ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය පරාජය කරන උපායමාර්ගික එකගතාවයක් සහිත ඒ කියන්නේ විවිධ සටන් පාඨ වලට සීමා වුණු ව්‍යාපාරයක් නෙමෙයි මේ ජන අරගල ව්‍යාපාරය, අරමුණු ගණනාවක් මුදුන් පමුණුවා ගැනීම සඳහා ගොඩනගන ව්‍යාපාරයක්.
 අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට එරෙහි වියාපාරයක් ඒ වගේම ජාතිවාදයට එරෙහි ව්‍යාපාරයක් මේ ව්‍යාපාරය. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කරන ව්‍යාපාරයක්.
 පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක්. පසුගාමීත්වයට එරෙහිව සටන් කරන ව්‍යාපාරයක්.
 මේ පුළුල් අරමුණු හය ඔස්සේ ගොඩනගන මේ මහජන ව්‍යාපාරය අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ දේශපාලන පක්ෂ වලට විසඳුම් දෙන්න පුළුවන් කියලා සමහරු කල්පනා කරාට ඒ හැම පක්ෂයක්ම යෝජනා කරන්නේ තව අවුරුදු තුනකින් හරි හතරකින් හරි ඡන්දයකින් ඒ ප්‍රශ්නය බේරගමු  කියලා. ඡන්ද වලදී අපි දන්නවා ඉතිහාසය පුරාම වෙලා තියෙන දේ.
 ඡන්දවලදී කවුරුහරි කෙනෙක් පත් කරලා එයාට ප්‍රශ්න විසඳන්න කියලා බාර දෙනවා ජනතාව ඊට පස්සේ එයාගෙන් ගුටි කනවා. කාගෙන්ද ගුටි කන්නේ කියන අයිතිය තමා අපිට ඡන්දවලදී හම්බ වෙන්නේ.
 ඒ වෙනුවට අපි යෝජනා කරනවා වෙනත් ක්‍රියාමාර්ගයක් වෙනත් වැඩපිළිවෙළක්. අපි ආණ්ඩු බලයක් හදමු පාර්ලිමේන්තුවෙන් එලියේ. මේක විශේෂ යෝජනාවක්. මෑත ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ මෙවැනි දේශපාලන යෝජනාවක් සහිතව වැඩපිළිවෙළක් ඉදිරිපත් කල පලවෙනි වතාව .

 ජනතාවගේ සංවිධානාත්මක බලයක් ගොඩනැගීම තුලින් ජනතාවගේ බලයක් ගොඩනැගීම තමයි අපි අපේක්ෂා කරන්නේ. ඡන්දෙ දීලා ඉවර උනාට පස්සේ මිනිස්සු පොල්කුඩු ගානට වැටෙනවා ඡන්දෙ විතරයි දේශපාලන කරන්න තියෙන අයිතිය වෙනුවට ඡන්ද අතරමැද කොහොමද තමන්ගේ බලය හසුරවන්නේ ආණ්ඩු පාලනය කරන්න බලය යොදා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට අපි විසඳුමක් හොයාගන්න ඕනේ.
 ඒකට තියෙන එකම විසඳුම තමයි සංවිධානාත්මක බලයක් ජනතාව තුළ ගොඩනඟා ගන්න ඕනේ. දැනට ගොඩනැගිලා තියෙන බලයන් ඒකරාශි කිරීම. විශේෂයෙන් කම්කරු ව්‍යාපාරය ගොවි ව්‍යාපාරය ශිෂ්‍ය ව්‍යාපාරය මේ හැම බලයක්ම ඒකාබද්ධ කිරිම. දැනට බලයක් ගොඩනැගිලා නැති තැන්වල සංවිධානාත්මක ශක්තියක් ගොඩනැගිලා  නැති තැන්වල සංවිධානාත්මක ශක්තියක් ඇති කිරීම.
 ඒ සංවිධානාත්මක බලය යම් කිසි මොහොතක රටේ ආණ්ඩු වලට පිළිගන්න සිද්ධ වෙන අමාත්‍යාංශ වල ආණ්ඩුවල තීරණ වලට බලපෑම් කරන්න පුළුවන් ව්‍යුහාත්මක බලයක් බවට පත් කිරීම තමයි මේ ව්‍යාපාරයේ අරමුණ. මේක හුදු උද්ඝෝෂණ ව්‍යාපාරයක් නෙමෙයි.
 මහජනතාවගේ බලයක් ගොඩ නඟන විකල්ප පාලනයක්‌ විකල්ප ආණ්ඩුවක් ගොඩනගන්න බල කරන ව්‍යාපාරයක්. අපි ඒ වැඩේට අත ගහනවා රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා හැමදාම එකම ක්‍රමයට උත්තර හොයන්න හදපු ජනතාවට අපි අවුරුදු 70ක් තිස්සේ ඔය ක්‍රමයට  උත්තර හොයන්න හදලා තියෙනවා.
 ගොවි ජන සංවිධාන ධීවර සංවිධාන ශිෂ්‍ය සංවිධාන කම්කරු සංවිධාන ගොවි සංවිධාන ඒ වගේම සිවිල් පුද්ගලයින් විශ්වවිද්‍යාල ආචාර්යවරු කලාකරුවන් සියලු දෙනා ඒකාබද්ධ වෙලා තමයි මේ සංවිධානය ගොඩනඟන්නේ මේක දේශපාලන පක්ෂයකට සීමා වෙච්ච ව්‍යාපාරයක් නෙමෙයි.
 සියලුම දේශපාලන පක්ෂවල සමිතිවල සමිති වල සංවිධානවල  ක්‍රියාකාරිකයින් ට අපි ආරාධනා කරනවා මේ මූලික අරමුණු හයත්  එක්ක එකගනම් ඒ හැම කෙනාටම මේ ව්‍යාපාරත් එක්ක බද්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.