― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසංශෝධන එපා වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න

සංශෝධන එපා වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න

සංශෝධන කරන්නේ නැතිව වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 21 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

හෙට දවසේ මාර්තු මාසේ විසි දෙවැනි දා පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට සහ ඡන්ද විමසීමට ලක් වෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත.
 මේ පනත් කෙටුම්පත හරහා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ඉතාම බරපතළ කරුණු ප්‍රමාණයක් උද්ගත වෙනවා. මේ මොහොතේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා  තෙල් හිඟයක් තියෙනවා. තෙල් පෝලිම් වල සහ ගෑස් පෝලිම්වල ජනතාව මියැදෙමින් ඉන්නවා.
 කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් හයසිය අනුව දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4200 ක් පමණ වෙලා.
 සිමෙන්ති රුපියල් දෙදහසේ සීමාවට ලං වෙලා ඩොලර් එක රුපියල් 185 ක වගේ ඉලක්කමකට යමින් තියෙනවා. මේක රුපියල් 300 දක්වා යාමේ අවදානමක් ඇවිල්ල තියෙනව.
 මීට සතියකට කලින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් ගෙනල්ල සම්මත කළා ඒ පනත හරහා ඔවුන් උත්සාහ කරන්නේ මේ තියෙන තොරතුරු ජනමාධ්‍ය හරහා එළියට එන එක වලක්වන්න.
 මේ පනත හරහා මාධ්‍යවේදීන්ට රුපියල් කෝටියක දඩයක් නියම කිරීමේ හැකියාව තියෙනවා අමතරව අදාළ පුද්ගලයාට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීම නිසා කියලා.
 මහජනතාවගෙන් දත්ත වල පෞද්ගලික රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ මුවාවෙන් ගෙනල්ලා තියෙන්නේ ජනමාධ්‍ය වලට වැටබඳින ජනමාධ්‍ය නිදහස නැති කරන මාධ්‍ය වලින් මොනවා හරි විදියක වංචා දූෂණ අක්‍රමිකතා හෙලි කරනවා නම් හෙළි කරන අයට දඩ ගහන වන්දි ගෙවන්න සිද්ධ වෙන පනත් කෙටුම්පතක් තමයි ගෙනල්ලා තියෙන්නේ.
 බැඳුම්කර වංචාවට සම්බන්ධ ඇමතිවරයෙක්ගේ නිවස සම්බන්ධ තොරතුරු හෙළිදරව් කරල මේ නිවස ගත්තෙ බැඳුම්කර සල්ලි වලින් නේද කියලා අහන එක රුපියල් කෝටියක දඩයක් නියම වෙන්න අවශ්‍ය මට්ටමේ වරදක් බවට පත්වෙලා තියනවා.
 තවත් හිටපු ඇමතිවරයෙක් ද ජාතික හැඳුනුම්පත් දෙකක් තියෙනවා කියලා ඒ ජාතික හැඳුනුම්පත් දෙකේ අංක සමඟ හෙළිදරව් කිරීමක් කරලා තිබුණා මාධ්‍යවලින් මින් ඉස්සරහට එවැනි හෙළිදරව් කිරීමක් කළොත් එහෙම රුපියල් කෝටියක දඩය කුයි අදාල ඇමතිවරයාට වන්දිය කුයි ගෙවන්න වෙනවා.
 ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරල සතියක් යද්දි ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත නමින් පනතක් සම්මත  කරන්න යනවා.
 2022 ජනවාරි මස 27 වැනිදා මේ පනත පාර්ලිමේන්තුවේ සභා ගත කළා. ඒ සභාගත කරද්දී ඔවුන් කිව්වේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ ප්‍රශ්න විසඳීම සඳහා තමයි මේ සංශෝධනය ඉදිරිපත් කරන්නේ කියලා.
 මේකෙ තියෙන ප්‍රශ්න ටික මොකක්ද කියලා බලමු. මේ පනතේ  නම   තියෙන්නේ එක්  දහස් නවසිය හැත්තෑ නම යේ අංක 48 දරන  ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විශේෂ විධිවිධාන පනත කියලා තමයි තියෙන්නේ.
 මේක දැම්මේ තාවකාලිකව ත්‍රස්තවාදී කටයුතු වලට මුහුණ දීම සඳහා තාවකාලිකව කියලා තමයි මේක දැම්මේ. එක්දාස් නවසිය හැත්තෑ නවයේ සිට මේ දක්වා අති විශාල කාලයක් අවුරුදු 43 ක කාලයක්. මේ පනත ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
 මේක රටේ සාමාන්‍ය නීතිය බවට පත් කරලා.
 මේ පනත ගෙයි දී කිව්වනං තාවකාලික විශේෂ විධිවිධාන පනතක් කියලා තාවකාලික කියන පදනමෙන් මේ පනත අහෝසි කළ යුතුයි.
 පුද්ගලයෙක්ව මේ පනත යටතේ අත්අඩංගුවට ගත්තට පස්සේ සාමාන්‍යයෙන් නම් පුද්ගලයෙක් වත් අඩංගුවට ගත්තට පස්සේ නිශ්චිත කාලයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ පුද්ගලයව රඳවා තබා ගන්නවාද නැද්ද කියන බලය තියෙන්නේ අධිකරණයට.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන් රැඳවුම් නියෝග ගහලා මේ අයව තියාගන්න.
 අඩුම ගණනේ අධිකරණයක නඩු පවරලා නැති චෝදනාවක් පවා නැති විශාල පිරිසක් මේ විදිහට තියාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගන්න කෙනෙක්ව තියාගන්න ඕනෙ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ.

 මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න අයව නම් නොකල ස්ථානවල රඳවා තියාගන්න පුළුවන්.
 බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ මේ තරම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙද්දි අනෙකුත් තැන්වල මොන තරම් දේවල් වෙනවා ද කියන ප්‍රශ්නය තියෙනවා. මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න කෙනෙකුට ඇප ගැනීමේ හැකියාවක් නෑ.
 හොඳම උදාහරණයක් තමයි ලක්ෂමන් කදිරගාමර් ඝාතනය ට කියලා සැකපිට අත්අඩංගුවට ගත්තා අල්ලපු ගෙදර වත්තේ අත්තක් කපපු ගස් කපන රැකියාව කරන මනුස්සයෙක්  අත්අඩංගුවට ගත්තා. ඔහු මිය ගියෙත් බන්ධනාගාරය තුළ.
 ඔහු කිසිම වරදක් කරලා නෑ ඔහුට තිබුණ චෝදනාව තමයි ගහක අත්තක් කැපීම ඒ අත්ත  කැ පීම නිසා අදාළ වෙඩික්කරුවා හට අමාත්‍යවරයාට වෙඩි තැබීම පහසු වුණා කියන තර්කය තමයි ගෙනාවේ. ඔහු ඒ ක්‍රියාවලිය සමඟ සම්බන්ධයි කියලා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැතුව ඔහු මිය යන තුරු සිර මැදිරියක හිටියේ..
 මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අත්අඩංගුවට ගන්න කෙනාට වධහිංසා දීලා පොලිසිය දී ගන්න පාපොච්චාරණයක් ඇඟිල්ල තියලා අත්සනක් ගත්තට පස්සේ ඒක ඔහුට එරෙහි ව උසාවියේ දී භාවිතා කරන්න පුළුවන්කම.
 මේ පනත සංශෝධනය කරනවා කියලා යුරෝපා සංගමයෙන් ලකුණු දාගන්න ජීඑස්පී සහනය අහිමි වෙන එක නවත්ත ගන්න මේ සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා.
 මේ සංශෝධනය තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ සංශෝධනය ත්‍රස්තවාදයට අදාළ නිර්වචනයක් නැහැ.
 ඒක පණතෙත් නෑ මේ සංශෝධනයෙත්නෑ.
 ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා පහුගිය කාලේ ගෙදර අලංකාර කඩුවක් තියාගෙන හිටපු අයව. තමන්ගේ සංස්කෘතියට අනුව ගෙදර මොකක් හරි පිහියක් තියාගෙන හිටපු කට්ටිය.
 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සමහර අයව අත්අඩංගුවට ගත්තේ අරාබි භාෂාවෙන් ලියැවුණු පොත් තිබුණ කියන පදනමෙන් තමයි අත්අඩංගුවට ගත්තේ. අස්නාෆ් ජසී ම් කියන කවිය ව අත්අඩංගුවට  ගත්තෙ කොහොමද  ඔහු ලියූ කවි වල තියෙන ප්‍රශ්නයක් කියලා තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ.

 අවසානයේදී දැන් හෙළිදරව් වෙලා තියෙනවා ඔහුගේ කවි පොතේ තියෙන්නෙ අන්තවාදයට එරෙහි කවි කියලා.
 මේ පනත යටතේ ම අත්අඩංගුවට ගත්තා  නීතිඥ හිජාස් හිස්බුල්ලා. ඔහු අත්අඩංගුවට ගත්තේ ඇතැම් නඩු වලට ඔහු නීතීඥයෙක් ලෙස පෙනී සිටීම නිසා.
 යුද්ධයේ දී මියගිය ඥාතීන් ම සමරන්න ඉටිපන්දම් පත්තු කරපු අයව පහුගිය කාලයේදී අත්අඩංගුවට ගත්තා. හෙටත් ඕනම දෙයක් කරන කෙනෙක් ව අඩංගුවට ගන්න පුළුවන් මේ පනත යටතේ ත්‍රස්තවාදියෙක් කියලා.
මේ පනත සම්මත වෙන්න ඉඩ දෙන්න බෑ. ඔප්පු කළ හැකි කිසිම චෝදනාවක් නැතිව මනුස්සයෙක්ව අවුරුද්දක් කොහේ හරි රඳවා තියා ගන්න පුලුවන් ගහගහ වද හිංසා කර කරමේ පනතේ දාසය වැනි වගන්තිය වෙනස් කරල නෑ.අපිට මතකයි නල්ලරත්නම් සිංහරාසා නඩුව ඔහු පොලිසියේ දී ලබා දුන්නා යැයි කියනු ලබන පාපොච්චාරණයට ඔහුගේ අත්සන වත් නැතිව   ඇ ඟිල්ල තීන්තවල ඔබල කොළ යටින් තියල ඒක පදනම්ව ඔහුට වසර 35 ක සිර දඬුවමක් දුන්නා.

 ඔහු අධිකරණයේ දී දිගින් දිගටම කියද්දී මම මෙවැනි පාපොච්චාරණයක් ලබා දුන්නේ නෑ මේක බොරුවක් කියලා දිගින් දිගටම කියද්දී ඔහුට වසර 35 ක සිර දඬුවමක් දුන්නා.
 , අවසානයේ දී ඔහු මූලික අයිතිවාසිකම් නඩුවක් ගියාට පස්සේ ඒ නඩුව පවා ප්‍රතික්ෂේප වුණා පනතේ එවැනි බලයක් තියෙනවා කියලා.
මේ නඩුව මුළු ලෝකයේම අවධානයට ලක් වෙච්ච නඩුවක්. හෙටත් ආයුධ පෙන්නන්න කියලා බන්ධනාගාරයේ ඉන්න මිනිස්සුම එළියට අරගෙන එන්න පුළුවන්.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සතුව අධිකරණයටත් ඉහළින් ගිය බලයක් තියෙනවා. අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළාට පස්සෙ තමන් කැමති ගෙදරක තියාගෙන ඉන්න බලය දෙන පනතක් මේක. ඒක වෙනස් කරලා නෑ.
 ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනය කියලා මොකක්ද මේකේ කරලා තියෙන්නෙ. තිස්සනායගම් ගේ සිද්ධි අපට මතක් වෙනවා ඔහුට තිබුණ චෝදනාව තමයි ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන පරිදි තීරු ලිපියක් ලිව්වා කියන එක.
 ලියන කෙනෙක්ව අත් අඩංගුවට ගන්න පුළුවන්ද.
 අධිකරණ අමාත්‍යවරයා අලි සබ්බ්‍රි කියනවා මේකේ ඇප ලබාදීමේ විශේෂ සහනයක් දීලා තියනවා කියලා මොකක්ද මේකෙ තියෙන සහනය.
 ඇප ඉල්ලන්න පුළුවන් අත්අඩංගුවට අරන් මාස 12 ක් යනකන් නඩු පැවරුවේ නැත්තං තමයි අප ඉල්ලන්න පුළුවන්. නඩු දාපු අයට නඩුව ඉවර වෙනකන් ඇතුළෙ තමයි ඉන්න වෙන්නේ. අත්අඩංගුවට අරන් මාස 11 ක් යනකන් කිසිදු චෝදනාවක් නැතිව තියාගෙන ඉන්නවා.
 මේකෙ නිකමට දාලා තියනවා මාසයකට සැරයක්  රඳවලා තියෙන ස්ථාන වලට මහේස්ත්‍රාත්වරයාට යන්න පුළුවන්. අපිට ඉල්ලන්න බෑ මහේස්ත්‍රාත්වරයාට කැමතිනම් යන්න පුළුවන්. මහේස්ත්‍රාත්වරයා තීරණය කරනවා නම් මාසෙකට සැරයක් ඒ ස්ථාන වලට යන්න පුළුවන්.
 කෙනෙක් අයුතු ලෙස අත්අඩංගුවට ගත්තට පස්සේ ඒකට නීති ආධාර ගැනීමේ ක්‍රමයක් වත් නෑ  .
 මේ අත්අඩංගුවට ගන්න  අය ඒ අයගේ පවුල්වල අයට අවබෝධයක් නෑ මොකක්ද කරන්න ඕනේ කියලා.
 මේක කියලා තියෙනවා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට ඒ රඳවලා තියෙන තැන් වලට ගිහිල්ලා බලන්න පුළුවන් කියලා. ඕක වැඩක් නෑනේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මොකක්ද මානව හිමිකම් කොමිසම කියන්නේ මානව හිමිකම් කොමිසමේ සියලු කොමසාරිස්වරු පත් කරන්නේ ජනාධිපති.
 විසිවෙනි සංශෝධනයෙන්ප ස්සේ මානව හිමිකම් කොමිසම වැඩක් නෑ ඒක සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා ගේ පූර්ණ පාලනය යටතේ තියෙන ආයතනය ක්‌.

 මේ බොරුවක් කරලා තියෙන්නේ ජී  එස්පී ප්ලස් සහනය ගන්නයි යුරෝපා සංගමයෙන් කීයක් හරි ගන්නයි රටේ තියෙන මර්දන නීති වෙනස් කරා කියලා බොරුවක් මේ කරලා තියෙන්නේ.
 අපි බල කරනවා ආණ්ඩුවට සංශෝධන එපා වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. ඒ හා සමාන්තරව ගෙනල්ල තියෙන සියලු පනත් අහෝසි කරන්න. 2015 අවුරුද්දේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කරපු වාර්තාවක තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත එකසිය අසූ දෙදෙනෙක් ඉන්නව කියල බන්ධනාගාරය තුළ.
 අනිත් තැන්වල කීදෙනෙක් ඉන්නවද කියලා දන්නේ නෑ. අපිට එක සැරයක් හම්බුනා මානසික රෝගයක් හැදිලා උමතු වෙච්ච සැකකරුවෙක් ඔහු අවුරුදු දහඅටක් ඉඳලා තියෙනවා ඇතුලේ. කිසිදු චෝදනාවක් නෑ අදටත් නඩුවක් නැහැ. එල්ටීටීඊ එකේ එක්කෙනෙක් ඔහුට දුරකථන පණිවිඩයක් ගත්තා කියන චෝදනාව තියෙන්නේ.
 එල්ටීටීඊ එකත් එක්ක ඔහුට තිබුණු කිසිදු සබඳතාවක් අවුරුදු දහඅටක් තිස්සේ ඔප්පු කරන්න බැරි වෙලා තියනව.
 උපතින්ම හදවත් රෝගයක් තියෙන දරුවෙකු හා එයාගේ අම්මයි අදටත් ඉන්නවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන බොරැල්ලේ. හිරේ ඇතුලේ දරුවා ඉපදිලා තියෙන්නේ.
 දරුවා හදවත් රෝගියෙක් අවම වශයෙන් ඒකට ප්‍රතිකාර ගන්න විදිහක් නෑ.
 හෙට පාර්ලිමේන්තුවේ මේක විවාදයට ගන්නා අවස්ථාවේ දී අපි බලකරනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේකට විරුද්ධ වෙන්න කියලා.
 2016 දී යහපාලන ආණ්ඩුව කරන්න හැදුවේ පී ටී ඒ අහෝසි කරලා  සී ටී ඒ එකක් ගේන්න. ඒ අලුත් එක තිබ්බ එකටත් වඩා අවුල්.
 ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ජිනීවා වල අරහෙ මෙහෙ යුරෝපා සංගමයේ පස්සේ යන එක නෙමෙයි ලංකාව ඇතුලේ මේ මර්දනීය අණපනත් වලට එරෙහිව ජනතා බලයක් ගොඩ නඟන්න. 1980 දශකයේ මුල උතුරේ දෙමළ ජනතාව ඉතාම බරපතළ මර්දනයට ලක් කළා මේ පනත හරහා.

 87 89 වකවානුවේ අපේ පක්ෂයේ සහෝදරවරු හිතවතුන් මේ පනත නිසා අවුරුදු ගණන් තියාගෙන හිටියා. දෙදාස්  ගණන් වල  යුද්ධෙ කාලෙ මේ පනත පාවිච්චි කරලා දරුණු මර්ධනයක් දිවත් කරා.
 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම්වරුන්ට එරෙහිව දරුණු මර්ධනයක් දියත් කරා. පන්සියයකට අධික මුස්ලිම් ජනතාවක් රඳවාගෙන ඉන්නවා කියලා ආරංචි වෙලා තියෙනවා. කාත්තන්කුඩිය සහරාන්ගේ අසල්වැසියෝ කියලා අත්අඩංගුවට ගත්තා අනූ අට දෙනෙක්.
 හයදෙනෙක් ඇප දීලා නිදහස් කරාට පස්සේ අණු දෙකක් ඇතුළෙ. එකම චෝදනාව සහරාන්ගේ නිවස අසල නිවසක් තිබීම.
 ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ වෙලාවේ අමාරුවේ තමයි ඉන්නේ ඒ අමාරුව මැද මේ නීතිය කරනු ලබන බරපතළ වෙනස්කම් ඒ පිළිබඳව අවධානය තියාගෙන ඉන්න. අද පෝලිම් වල බැන බැ න ඉන්න ජනතාව හෙට පාරට බහිනකොට ත්‍රස්තවාදීන් කියලා අත්අඩංගුවට ගන්න තමයි මේ  නීති සකස් කරල තියෙන්නෙ.
 මේක හෙට ගෑස් නෑ තෙල් නෑ කිරිපිටි නෑ සිමෙන්ති නෑ කියලා පාරට බහින මිනිස්සුන්ට එරෙහිව පාවිච්චි වෙන පනතක්.