ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිරීම වෙනුවට එය වහාම අහෝසි කරන ලෙසත්, අද පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට බඳුන් කරන ව්‍යාජ සංශෝධන පනත පරාජය කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මුවාවෙන් වෙනත් මර්දන පනත් ගෙන නොඑන ලෙසත් බල කරමින් මාර්තු 22 දින සම අයිතිය ව්‍යාපාරය බොරැල්ල, එන්. එම්. පෙරේරා ශ්‍රවණාගාරයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කරන ලදී.






