― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalඅයි එම් එෆ් එකේ යෝජනා ක්‍රියාත්මකයි

අයි එම් එෆ් එකේ යෝජනා ක්‍රියාත්මකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කල යෝජනා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසයි. අද 24 දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියා.

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර

මේ තියෙන්නෙ මේ අවුරුද්දෙ මාර්තු මාසෙ දෙවැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කරලා තියෙනවා ලේඛනයක් ලංකාවේ මේ ණය අර්බුදය සම්බන්ධයෙන්. ඒ කරලා ඔවුන්ගේ මණ්ඩලයක් විසින් නිර්දේශ කරලා තියෙනවා  ලංකාවේ ආණ්ඩුවට යෝජනා කීපයක්.
 මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  වෙබ් අඩවියේ ශ්‍රී ලංකාව කියන කොටසට ගියාට පස්සේ මේ ලිපිය ඕන කෙනෙකුට බාගතකරගෙන බලන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් මේ ලිපිය තියෙනවා.
 මේක පළවෙන්නේ මාර්තු මාසේ දෙවැනි දා මාර්තු මාසේ දෙවැනි දා මේ ලිපිය පළ වීමත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනවා මෙන්න මේ නිවේදනය මුදල් ප්‍රතිපත්ති විවරණය අංක 22022 මාර්තු  ඒකෙ තියෙන්නෙ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කරයි. ඔබට මතක නම් ජනාධිපතිවරයා කිව්වා මේ අර්බුදය විසඳන්න තමන් දැඩි පියවරයන්ට එළඹෙනවා කියලා..
 ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු මේ නිවේදනය ආණ්ඩුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි කියනවා මෙන්න මේ ලිපියයි මේ අයි එම් එෆ් එකේ   ලිපියයි  එකට කියවන්න මේක ලියලා තියෙන්නේ එක්කෙනෙක් කියලා හිතෙන් නැත්තං ප්‍රශ්නයක්.
 අපි එහෙම කියන්නෙ ඇයි මේකෙ තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දාලා තියෙන කොන්දේසි දැනට ඉන්න දුගීන්ට පල්ලෙහා ඉන්න දුගීන්ට සහන දීලා සහන කපන්න සමහර දේශපාලනඥයෝ කියනවා වගේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් කපන්න කියලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ දැනට සහන දෙන දුගීන් ටත් වඩා දුගීන් ඉන්නවනම් ඒගොල්ලන්ට සහන දීලා මේක කපන්න ඉතුරු ටික දැන් ඒක කරල ද නැද්ද තියෙන්නේ
 කෝවිඩ් වසංගතය වෙලාවේ දී ආණ්ඩුව සහන දුන්නේ කාටද මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන්ට සමාගම් වලට සහන දුන්නා.
 ඉන්ධන මිලේ හෙළ යද්දි ගෑස් මිල ඉහළ යද්දී මේ රටේ ජනතාවගේ වැටුප එක රුපියලකින් ඉහළ දැම්මෙ නෑ. කෝටිපති ව්‍යාපාරිකයෝ කවුරු හරි කිව්වද මේ අර ජනාදිපතිගෙ ආර්ථික උපදේශක සභාවට උපදෙස් දෙන්න දාපු ඒ ව්‍යාපාරිකයෝ ඇවිල්ල කිව්වද අපේ ව්‍යාපාරය වැටිල තියෙන්නෙ කියලා.
 කවුරුහරි තමන්ගේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළා ද ඒගොල්ලන්ගෙ ලාභ සීයට සීයකින් සියයට 200කින් වැඩි වෙලා තියෙන්නෙ.
 බොරුනම් බලන්න මහ බැංකු වාර්තා වල මේවා තියෙනවා.
 ඊළඟ එක තමයි ඉන්ධන මිල සහ විදුලි බිල ඉහළ දමන්න මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන යෝජනාව ඒ යෝජනාව ම තියෙනවා පිරිවැය පිළිබිඹු කිරීම සඳහා කඩිනමින් ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කරන්න කියලා මේ මහබැංකු යෝජනාවේ තියෙනවා.
 මේ ලේඛන දෙකේ තියෙන එකම වෙනස අයි එම් එෆ්   ඉංග්‍රීසියෙන් මේක  සිංහලෙන් තියෙනවා.
 රුපියල අවප්රමාණය කරලා ආනයන භාණ්ඩවල මිල ඉහළ දාන්න කියලා පහුගිය කාලේ කරාද නැද්ද ආණ්ඩුව.
 ඒකෙ බලපෑම් එන්නේ ආයෙ පල්ලෙහා මිනිහට පොදු ජනතාවට.
 ලාභ ලැබිය නොහැකි පාඩු ලබන රාජ්‍ය ආයතන ව්‍යවසායයන් දේපල කඩිනමින් විකිනීම. මහ බැංකුවත් කියනවා උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්කම් කඩිනමින් අලෙවි කිරීම. ආණ්ඩුව ඒක කලාද නැද්ද.
 අද පුවත්පත් වාර්තා කරලා තිබුණා රාජ්‍ය ආයතන 39 ක්‌ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒව ලංකාවේ ආණ්ඩුවට ප්‍රධාන ආදායම් මාර්ග හම්බවෙච්ච රාජ්‍ය ආයතන.
මේවා පෞද්ගලීකරණය කිරීම විකිණීම.

ෂෙඩ් වලට දැම්මා හමුදා නිලධාරීන් ඇයි මොකද මේ තෙල් ඉල්ලලා ආවට පස්සේ තෙල් දෙන්නද?  නෑ මර්දනයට. හමුදා නිළ ඇඳුම් ඇඳගෙන කෙනෙක් ඉන්නවා දැන් මර්දනය පේන්න තියලා තියෙනවා.
 තෙල් නෑ හමුදා නිල ඇඳුම් තියෙනවා.
 අයි එම් එෆ්      එ කේ කොන්දේසි ගැන තප්පුලන අයගෙන් අපි අහනව මේවාට එකඟ ද.

අයි එම් එෆ්එ කේ යෝජනා ක්‍රියාත්මක කරන්න තමයි පහුගිය සතියේ රැස් වෙච්ච පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම සැලසුම් කරේ.
 ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූල න් මහත්මිය ලංකාවට ආවා ඒ මහත්මිය මේ ලංකාවේ ක්‍රියාපිළිවෙත ගැන පුදුම සතුටකින් කතා කළේ.

 මොනවද එයා කියලා තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරල තියෙනවා.
 මේ රටේ ජනතාවගේ ඉල්ලීම තිබුණෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වාමාංශිකයන්ගේ ඉල්ලීම උතුරේ ජනතාවගේ දකුණේ ජනතාවගේ ඉල්ලීම.

 මානව හිමිකම් කවුන්සිලයේ උවමනා ව ට වගන්ති කීපයක් සංශෝධනය කරපු පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනවා.
 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළේ ආණ්ඩුවට මානව හිමිකම් සම්බන්ධයෙන් එන්න තිබුණු චෝදනාව වලට මොනවා හරි විදියේ සැනසුමක් ගන්න මේ ඉන්න අනිත් රටවල් වලින්..
 අයි එම් එෆ් යාමට ගත්ත තීරණය සම්බන්ධයෙන් ප්‍රශංසා කරනවා. ඒක ප්‍රශංසා කරන්න දෙයක් නෙමෙයි. හරියට කවුරුහරි කොන්දේසි ටික අරන් බැලුවොත් එහෙම වැල ලෙන්න  වෙන්නේ.
 මෙතුමිය ඒකට ප්‍රශංසා කරනවා. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා ඉඩම් සංශෝධන පනත. මේවට  සතුට තමයි එයා ප්‍රකාශ කරන්නේ.
 මේ පනතින් කරන්නේ මේ රටේ ඉඩම් වල අයිතියෙන් සියයට අසූවක් තියෙන්නෙ රජයට ඉඩම් සින්නක්කර විකුණන්න විදේශිකයන්ට බැංකුවලට එහෙම සින්නක්කර විකුණන්න බැහැ රජය යටතේ ඉඩම් තියෙන්නෙ.
 ඒව රජය මඟින් ප්‍රධාන   ඔප්පු   දීල තියනව ගොවියන්ට ගොවිතැන් කටයුතු කරගෙන යන්න සහ ඔවුන්ගේ ජීවත්වීම සඳහා අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න රජයෙන් ප්‍රධාන ඔප්පු දීල නිදහස් කරලා තියෙනවා.
 දැන් ඔන්න රජයට ප්‍රශ්නයක් එනවා ගොවියට ඉඩමේ අයිතිය නැහැ ගොවියට බැහැ විදේශීය සමාගම් වලට මේවා සින්නක්කරයට විකුණන්න ඉඩම්තියෙන්නෙ රජයේ යටතේ රජය යටතේ කියන්නේ මේ රටේ ජනතාව යටතේ.
 එම්    සී  සී  එකේ ඔබට මතක නම් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබුණා ඉඩම් නීති සංශෝධනය කරන්න.
 ඒ ගිවිසුම අත්සන් කළේ නෑ හැබැයි ඉඩම් සංශෝධන පනත පහුගිය සිකුරාද පාර්ලිමේන්තුවේ දී සම්මත කළා.
 දැන් ගොවියට පුළුවන් ඉඩම් ටික විකුණන්න
 ඊළඟට ඇය කියනවා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන උසස් අධ්‍යාපනය පුළුල් කරන්න ඔවුන්ගේ සහයෝගය දෙනවලු.
 මේකයි කොතලාවල පනත ගේන එකයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
 කොතලාවල පනත ගේන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරලා විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය සමිති ඔක්කොම සටන් කරලා කොතලාවල පනත අහෝසි කළා.
 අපි අහන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වහලා තියෙද්දි පෞද්ගලික අංශයේ දායකත්වය මොකටද උසස් අධ්‍යාපනය පුළුල් කරන්න. මේක කිව්වට පස්සේ ජනාධිපතිවරයාට මේක කියන්න හිතුනද කියල ප්‍රශ්නයකුත් තියෙනවා.
 ඔහු සහයෝගය ඉල්ලලා තියෙනවා විදුලි ජනනය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගන්න ඇමරිකාවට සහාය දෙන්න කියලා 2030 අවුරුද්දේදී ලංකාවේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත්වෙන්න තිබුණු දෙ වැනි ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත් වෙන්න තිබුණ ස්වභාවික වායු වලින් බලශක්තිය නිෂ්පාදනය කරන ප්‍රධාන බලාගාරය ඇමරිකන් සමාගමකට විකුනපු ආණ්ඩුවේ ජනාධිපති ඇමරිකාවේ නියෝජිතවරිය ගෙන් ලැජ්ජ නැතුව පුනර්ජනනීය බලශක්ති වර්ධනය කරන්න සහාය දෙන්න කියලා ඉල්ලනවා.
 ඔන්න අපි වැටිච්ච තැන. ලංකාවේ බලශක්ති ප්‍රභවයන් ගැන තීරණ ගැනීමේ බලය  තියෙන්නේ ඇමරිකාවට.
 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රටවල් වල මේ ආර්ථික අර්බුදය ඇතිවීමට වගකිවයුතු ප්‍රධාන පාර්ශවයක්.
 ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ එක්සත් රාජධානිය කියන්නේ ඉන්දියාව කියන්නේ චීනය කියන්නේ රුසියාව කියන්නේ මේ ආර්ථික අර්බුදයෙන් රටවල් පීඩාවට පත්වීමට වගකිවයුතු ප්‍රධාන පාර්ශවයක්.
 මේකට උත්තරය තියෙන්නේ එකම එක තැනක අපි මේ සහන කප්පාදුවට විරුද්ධව සටන් කරන තැන. අධ්‍යාපනය විකිණීමට එරෙහිව සටන් කරන තැන. ගොවියගෙ ඉඩම් අයිතිය උදුරා ගැනීමට එරෙහිව සටන් කරන තැන. විදුලි බිල ඇතුළු භාණ්ඩ මිල ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාමට විරුද්ධව ඒවට සහන දෙන්නේ නැ ති එකට විරුද්ධව සටන් කරන තැන.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ නරුම පනත් අහෝසි කිරීම සඳහා උතුරු-දකුණු භේදයක් නැතිව එකාවන් ව සටන් කිරීම ඇතුළු සටන් කිරීම සඳහා ජනතාව සංවිධානය වීම ඇතුළේ.
 අපි ආණ්ඩුවට බරපතළ විදියේ අනතුරු ඇඟවීමක් කරනවා අපි මේවට නිකන් ඉන්නේ නෑ
 ඉඩම් සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය කරගන්න ඇති හැබැයි ඔය    ගුබ්බෑ ය මෙන්  මෙන් එලියේ ඒක පරාජය කරන විදිහ අපි දන්නවා.
 කොතලාවල පනත ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත්වීමෙන් තාවකාලිකව පරාජයට පත් කළේ සටන් කරලා.
 අයි එම් එෆ් එකට මේවා කෙලින් කියන්න පුළුවන් නම් අපිත් මේවා කෙළින් කියනවා අයි එම් එෆ් එකේ මේ නරුම කොන්දේසි වලට විරුද්ධව සටන් කරන්න පෙළ ගැහෙන්න ගොවියගෙ ඉඩම් ටික ගන්න එකට විරුද්ධව සටන් කරන්න පෙළ ගැහෙන්න.
 අධ්‍යාපනය විකුණන එකට විරුද්ධව සටන් කරන්න පෙළ ගැහෙන්න. මේ මර්දනීය අණ පනත් ගෙන එකට විරුද්ධව සටන් කරන්න පෙළ ගැහෙන්න.
 එකාවන්ව සටන් කරන්න පෙල ගැහිලා ජනතා බලයක් ගොඩ නඟන  එක තමයි උත්තරය.