― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalජන අරගල ව්‍යාපාරයේ පළමුවන සමුළුවේසමුළු ප්‍රකාශය

ජන අරගල ව්‍යාපාරයේ පළමුවන සමුළුවේසමුළු ප්‍රකාශය

ජන අරගල ව්‍යාපාරයේ පළමුවන සමුළුවේසමුළු ප්‍රකාශය——————————————————–

මෙරට ජනතාව දශක හතකට වඩා කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ පාලනය වෙමින් බරපතළ සමාජ ආර්ථික පීඩනයන්ට ගොදුරු වෙමින් අද වන විට එහි තීරණාත්මක කඩඉමක් වෙත එළඹ ඇත. මෙම අර්බුදය පහුගිය ඉතිහාසයක් පුරා මෙරට පාලක පන්තිය අනුගමනය කළ දේශපාලන ආර්ථික ප්රතිපත්තියේ ප්රතිඵලයක් ලෙස දකින මෙම සමුළුව එම ප්රතිපත්තිය පරාජය කිරීම සඳහා උපායමාර්ගික සටන් පාඨ හයකින් යුතු එකඟතාවක් මත ජන අරගල ව්යාපාරය නමින් මහජන ව්යාපාරයක් ගොඩනැගීම සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ගොවි, ධීවර, කාන්තා , තරුණ හා ශිෂ්ය සංවිධාන, පූජක ප්රජාව, සරසවි ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, මාධ්යවේදීන් ලෙස අපි මෙහි ඒකරාශිව සිටිමු..අධිරාජ්යවාදී බල පොරයක ගොදුරක්ව තිබෙන මෙරට දේශපාලනය ක්රමානුකූලව ඇමරිකානු- ඉන්දියානු- චීන ලෝක බලවතුන්ගේ දඩ බිමක් බවට පත්වෙමින් ඇත. මේ සන්දර්භය තුළ ලංකාව අධිරාජ්යවාදී රටවල, ලෝක බලවතුන්ගේ හා කලාපීය බලවතුන්ගේ ඉත්තෙකු බවට පත්ව ලෝක යුද්ධයක ගොදුරක් වීමේ අවදානමක් නිර්මාණය වී තිබේ. එහිදී අධිරාජ්යවාදි දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළද ඇතුළු සියලු පැතිකඩවල ප්රහාරයට එරෙහිව සටන් කිරීමටත් ඒවා පරාජය ක්රීමටත් ජන අරගල ව්යාපාරය සූදානම් බව සපථ කර සිටී.1977 සිට මෙරටට හඳුන්වා දුන් කොල්ලකාරී නව ලිබරල් ආර්ථික ප්රතිපත්තිය අද වන විට ජනතාවට විශාල ඛේදවාචකයකට ඇද දමා ඇත.

වර්තමානයේ අප මුහුණදී සිටින අර්බුදයේ ප්රධානතම මූලයක් වන්නේද එම ප්රතිපත්තියයි. ගෝලීය ප්රාග්ධන අභිලාෂයන් වෙනුවෙන් සමස්තය බිලිදෙන මෙකී නව ලිබරල් ධනවාදී ප්රතිපත්තියේ වත්මන් සියලු අභියෝගයන්ට එරෙහිව සටන් කිරීමටත් ධනවාදී ප්‍රතිපත්ති පරාජය කිරීමටත් මෙම සමුළුව අදිටන් කරගනී.එමෙන්ම ජාතිවාදය හා ජාතික පීඩනය මුළු ඉතිහාසයක් පුරා මෙරට ජනතාව විවිධාකාර ගැටුම්වලට යුද්ධවලට ඇද දැමූ එමෙන්ම මැතිවරණ ව්යාපාරය තුළ ජනමතය කොල්ලකෑමට යොදාගත් ක්රියාවලියකි ජාතිවාදයට එරෙහි අරගලය ජන අරගල ව්යාපාරයේ ප්රමුඛ කාර්යයක් වන අතර දශක තුනක යුද්ධයේ සහ ජාතිවාදී – ආගම්වාදී ගැටුම් වල විනාශකාරී ලේ වැකි අත්දැකීම් යළි ප්රතිනිර්මාණය වීම වැලැක්වීමේ වගකීම ජන අරගල ව්යාපාරය භාර ගනී.වත්මන් පාලන ක්රමය පවත්වාගෙන යාමේදී සමාජ පසුගාමිත්වයන් විශාල කාර්ය කොටසක් ඉටු කරයි. පාලකයන්ගේ අරමුණ වන්නේද මෙකී පසුගාමීත්වයන් වඩාත් තහවුරු කරමින් දිගු කාලීනව පවත්වා ගැනීමයි. මෙම තත්වය තුළ සමාජයේ විවිධ ක්ෂේත්ර තුළ ක්රියාත්මක වන විවිධාකාරයේ පසුගාමීත්වයන් ට එරෙහි අරගලයට හා සම අයිතිය දිනා ගැනීමට ජන අරගල ව්යාපාරය ප්රමුඛතාව ලබා දෙනු ඇත.පවතින අර්බුදය හමුවේ පොදුවේ ජනතාවගේ උද්ඝෝෂණික දේශපාලන ක්රියාකාරීත්වය ඉහළ නැංවී ඇති අතර එය වත්මන් පාලන තන්ත්රයන් පවත්වාගෙන යාමට මෙන්ම වත්මන් සමාජ – ආර්ථික – දේශපාලන ක්රමය පවත්වාගෙන යාමටද එරෙහි බලයක් ලෙස වර්ධනය වන ලකුණු පෙනෙන්නට තිබේ. මෙම තත්වය හමුවේ පාලකයන් ජනතාවගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් පවා කප්පාදු කරමින්, අත්තනෝමතික බලයක් ගොඩ නගා මිලිටරීකරණයට පාර කපමින් සිටී.

ඊට එරෙහිව සැබෑ ප්රජාතන්ත්රවාදී අයිතීන් දිනා ගැනීමේ කර්තව්යය උදෙසා සමාජය සංවිධානය කිරීම ජන අරගල ව්යාපාරය සිය ප්රමුඛ වගකීමක් ලෙස පිලිගනී.ලාභය පමණක් ඉලක්ක කරගත් වත්මන් ආර්ථික උපායමාර්ගය විසින් පරිසරය මින් පෙර කිසිදා නොවූ විරූ ලෙස විනාශ කරමින් සිටී. සමාගම්වල ලාභ අරමුණු වෙනුවෙන් සමස්ත මිහිතලය මතු නොව මිනිස් වර්ගයාගේ පැවැත්ම පවා විශාල අවදානමකට ගොදුරුවී ඇති පසුබිමක් තුළ පරිසරය ආරක්ෂා කිරීමේ සමාජමය බලයක් හා පරිසරය වෙනුවෙන් වන සටන් පෙරමුණක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජන අරගල ව්යාපාරය පෙනී සිටී.මෙකී අරමුණු වෙනුවෙන් ජාති-ආගම්-කුල-පක්ෂ-පාට භේද වලින් තොරව පීඩාවට පත් සියලු ජනතාව බලමුළු ගන්වන පුළුල් මහජන ව්යාපාරයක් ලෙස ජන අරගල ව්යාපාරය ගොඩනැගීම උදෙසා උපරිම කැපවීමෙන් මැදිහත් වන බව ශපථ කර සිටිමු.

ජන අරගල ව්යාපාරය

2022 මාර්තු 27 දින

නුගේගොඩදී