33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන් පවුමක මිල රු 160,000 පනී

රන් පවුමක මිල රු 160,000 පනී

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල සියයට 3 කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර කොළඹ හෙට්ටිවීදියේ කැරට් විසි හතරේ රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැටදහසක් ලෙසයි.