― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්

අලුත් අවුරුද්දට විශේෂිත ප්‍රවාහන සැලසුමක්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල සිට අපහසුතාවකින් තොරව සිංහලහාහින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිසපොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

ඒ යටතේදවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් මෙම කාලය තුලක්‍රියාත්මක වේ.බස් සේවාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමපිණිස ජංගම නිරීක්ෂණ නිලධාරීන් සේවයේ යොදවනු ලැබේ. අලුත් අවුරුදු සමයේ බස්රථ වල ඇතිවන තදබදය අඩු කරගැනීමට  බස් සංචිතයක් පවත්වා ගැනේ. 

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දිනක ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා කොළඹ නගර සභාව යන ආසනවලඋසස් නිලධාරීහූඊට සහභාගී වූහ.

අලුත් අවුරුදු මගී ප්‍රවාහනසේවාවේ අදියර දෙකකි.පළමු අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා ය.කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කරනු ලැබේ.මගීන්ගේආරක්ෂාව,ආහාරපාන හා සනීපාරක්ෂාව ඇතුලු පොදු පහසුකම් නොඅඩුව සලසනු ඇත..

කඩවත,කඩුවෙල බස් පර්යන්තයන්වල හා මා කුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේදමෙම කාල සිමාව තුල ඉහත සේවා සහ පහසුකම් සපයයි.

දෙවන අදියර යටතේ නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලට පැමිණීමේදී ගාල්ල,මාතර,ඇඹිලිපිටිය,මොණරාගල,බදුල්ල,හැටන්,මහනුවර හා නුවර එළිය බස් පර්යන්ත වල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීමට සැලසුම් කර තිබේ.