― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොටදෙණියාව පහරදීමේ සිද්ධියට දේශපාලන මැදිහත්වීම සහ ලේකම්ගේ තවත් චණ්ඩි පාට් සාක්ෂි සහිතව...

කොටදෙණියාව පහරදීමේ සිද්ධියට දේශපාලන මැදිහත්වීම සහ ලේකම්ගේ තවත් චණ්ඩි පාට් සාක්ෂි සහිතව හෙළිවෙයි

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ අවනඩුව.
මේක පැරණි කියමනක් වුණාට අතීතයටත් වඩා මේ කතාවට සාධාරණයක් ඉටු වෙලා තියෙන්නේ වර්තමානයේදී.
පසුගිය දවසක කොටදෙණියාව සමූපාකාර ඉන්ධන පිරවුම්ලේදී පහරදීමක් සිදුවෙනවා.
වහලා තිබුණු ඉන්ධන පිරවුම්හල දවස් තුනක ඉදන් පෝලිමේ ඉන්න මිනිස්සු ඉද්දි විවෘත කරලා රාජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙක් ඉන්ධන ලබාගන්නවා.
තමන් දුක් මහන්සියෙන් එදාවේල හරිහම්බ කරගන්න තමන්ගේ වාහනේට ඉන්ධන ලබාගන්න පෝලිම්වල මිනිස්සු දුක් විදිද්දි බීමතින් පැමිණි මේ ලේකම්වරයා සහ පිරිසට ඒ මිනිස්සු විරුද්ධ වෙනවා.
දේශපාලන හයිය භාවිත කරමින් අදාල ලේකම්වරයා සහ මැර පිරිස පෝලිමේ සිටි මිනිසුන්ට එළව එළවා පහරදෙන්නේ අපේ රටේ දේශපාලකයාගේ සැබෑ තත්ත්වයද මිනිසුන්ට නැවත වරක් සිහිපත් කරමින්.
කොහොම වුණත් මේ වනතුරුත් ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.
කොටදෙණියාව ස්ථානාධිපතිවරයා නීතිය අකුරට ඉටු කරන තම රාජකාරිය දේවකාරිය සේ සලකා කටයුතු කරන නිලධාරියෙක් බව එම ප්‍රදේශයේ සියළු දෙනාම දන්නා කරුණක්.
හැබැයි ඔහුට නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න දේශපාලන අධිකාරිය ඉඩ ලබාදෙන්නේ නෑ..
එයට සාක්ෂි සහිතව අප තවත් ස්වල්ප මොහොතකින් රට හමුවේ හෙළිකිරීමට සූදානමින් සිටිනවා.
ඒ වගේම මෙම සිදුවීම ඇතිවූ දිනයේදීම අදාල ලේකම්වරයා බඩල්ගම පොලිසියට ගොස් තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයාගේ හිතවතෙකුගේ වැලි ජාවාරමක් පොලිසිය විසින් කොටුකර ගැනීමෙන් පසුවයි.
පොලිස් ස්ථානයටම ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකළ නිලධාරීන්ටද පරුෂ වචනයෙන් අදාල ලේකම්වරයා බැන වැදී තිබෙනවා.
ඔහු මෙලෙස නීතියට පවා බලපෑම් කිරීමට ඇති හයිය කුමක්ද..?
පොලිසිය භාර ඇමතිතුමනි, පොලිස්පතිතුමනි, මෙම ලේකම්වරයා රාජකාරියට බාධා කිරීම් සිදුකර ඇති බව අප අද රට හමුවේ තබන හඩපට සහ සාක්ෂිවලින් මනාවට පැහැදිලි වේ.
එලෙස පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමක් සිදුකරද්දීත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි තරමට පොලිස් නිලධාරින්ට දේශපාලඥයන්ගෙන් අතගැසීම් සිදුවීම ලැජ්ජා සහගත කරුණකි.
එක රටක් එක නීතියක් තිබෙනවා කියලා මෙම සිදුවීම්වලින් තවදුරටත් පැවසිය හැකිද..?
නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන ස්ථානාධිපතිවරුන්ට පවා අවසානයේදී අත්වන්නේ දුර පළාතකට ස්ථාන මාරුවීම් ලබාගැනීමටයි.
හපත් රටක්, යහපත් සමාජයක් ගොඩගැනීමට බුදුන් පය තිබූ අපේ මේ සුන්දර රටේ ඔබේත් අපේත් දරුවන්ට සුරක්ෂිත ලෙස ජීවත් වීමට සුදුසු ලෙස ගොඩ නැගීම හෘද සාක්ෂියක් ඇති අපගේ වගකීමක් නොවන්නේද..?
කොන්දක් ඇති මාධ්‍යයක් අපේ රටේ තිබෙනවාද යන්න පොලිස් නිලධාරීන් පවා අද විමසන්නේ ඇතැම් මාධ්‍ය මෙවැනි සිදුවීම් ගැන නෑසුනා සේ සිටිනා බව එම නිලධාරීන්ද දන්නා නිසාවෙන් වියයුතුය.
අපේ රටේ නීතියට දේශපාලන බලපෑම සිදුවන අයුරු තවත් ස්වල්ප මොහොතකින් අපි රට හමුවේ සාක්ෂි සහිතව හෙළි කිරීමට සූදානම්..