― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalජාතික ගෙවතු වගා සංග්‍රාමය අගමැති එක්වෙයි

ජාතික ගෙවතු වගා සංග්‍රාමය අගමැති එක්වෙයි

“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය – 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කළේය. පෙරවරු 9.18 යෙදුණ සුභ මොහොතින් හිරෝසා ප්‍රභේදයට අයත් කොස් පැලයක් මෙසේ අගමැතිතුමා විසින් මෙහිදී රෝපණය කර තිබෙයි වස විසෙන් තොර පෝෂණයෙන් පිරි නැවුම් එළවළු හා පළතුරු, පලාවර්ග, අලවර්ග ඇතුළු බෝග සිය ගෙවත්තෙන්ම සපයා ගැනීමට සැලසීමත් ඒ තුළින් නිරෝගී හා ස්වයංපෝෂිත පවුල් ඒකකයක් බිහිකිරීමේ අරමුණ ඇතිව “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය ක්‍රියාත්මක වේ. මෙම ජාතික වැඩසටහන අනුව යමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා දේශීය සැපතිල්ලා පැලයක් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා බිබිලේ ස්වීට් ප්‍රභේ දයට අයත් දොඩම් පැලයක් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රෝපණය කර ඇත මෙම ගෙවතු වගා වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 22ක් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත. ඒ අනුව අද පටන් සතියක කාලයක් පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පැල තවාන්වල රෝපිත එළවළු පැල වර්ග එම වසම්වල ප්‍රතිලාභීන් වෙත බෙදා හැරීමට ද නියමිතය.

http://www.dinamina.lk/2022/03/29/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/144253/%E2%80%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AD-%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%9D-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B6%9C%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92