25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුප්පතාගේ ඡන්දයෙන් බැබලෙන, ජනතාවගේ දුක, වේදනාව නොහදුනන රටේ සියළුම මැති ඇමතිවරුන්ගේ නිවෙස්...

දුප්පතාගේ ඡන්දයෙන් බැබලෙන, ජනතාවගේ දුක, වේදනාව නොහදුනන රටේ සියළුම මැති ඇමතිවරුන්ගේ නිවෙස් වැටලීමේ සූදානමක්..?

ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ඒත් සමගම තවත් බොහෝ ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේද නිවස පිරිසක් වටලා ඇති බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් තවත් බොහෝ ඇමතිවරුන්ගේ නිවෙස් වැටලීමේ අවස්ථා තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් සුරසැප විදිනා ඇමතිවරුන් සියළු දෙනාම අහිංසක මිනිසුන් රැවටීම පමණක් සිදුකළ බවයි ජනතාව පවසන්නේ.

ඔවුන් මිනිසාට ගරු කරන මිනිසාට බය වියයුතු බවයි ඔවුන්ගේ මතය වන්නේ.

කලක පටන් මැතිඇමතිවරුන් ජනතාවට බොරු පවසා මුලා කිරීම සිදුවුණි.

මේ සියල්ල දරාගත නොහැකි තැන මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයා පාරට පැමිණ උද්ඝෝෂණයේ නිරතවන අයුරු දැකගන්නට ලැබේ.