― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsLocalජනතා අරගල මැඩීමට මර්දන නීති පැනවීම හෙළාදකිමු!

ජනතා අරගල මැඩීමට මර්දන නීති පැනවීම හෙළාදකිමු!

ජනතා අරගල මැඩීමට මර්දන නීති පැනවීම හෙළාදකිමු!
ජනතාවගේ මූලික අවශ්‍යතා කිසිවක් ලබාදීමට නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත් කර ඇති රාජපක්ෂ පාලනය, තම පාලනයට එරෙහිව නැගී එන ජනතා විරෝධයට මුහුණදී ගත නොහැකිව ඒවා මර්දනය කිරීම සඳහා මර්දන නීති පැනවීමට පටන්ගෙන ඇත. පළවෙනිදා රාත්‍රී හදිසිනීතිය බලාත්මක කළ ආණ්ඩුව දැන් ඇඳිරිනීතියද පනවා තිබේ. ඒ ජනතා විරෝධතා වැළැක්වීමටය.
ආණ්ඩුවේ මෙම බියගුලු හා ජනතා විරෝධී, මර්දනකාරී පිළිවෙත දැඩි ලෙස හෙළාදකින අපි හදිසිනීතිය ඇතුළු සියලු මර්දන නීති වහා හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමු.
ජනතාවගේ සාධාරණ විරෝධයන් හා සටන් මර්දන නීතිවලින් යටපත් කළ නොහැකි බව ලොව පුරා අත්දැකීම්වලින් පෙන්වා දී තිබේ. ජනතාවට සිය සාධාරණ අයිතීන් වෙනුවෙන් විරෝධය පෑමට හා අරගල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අපි මෙම දුෂ්ඨ පාලනය පලවා හැරීම සඳහා කරන සටන කුමන තත්වයක් තුළ හෝ නතර නොකරණ බවද අවධාරණය කරමු.
ජනතා විමුක්ති පෙරමුණ