― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalවිපක්ෂයේ හැසිරීම සැක සහිතයි - හදිසි නීතිය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කරන්න විපක්ෂයේ...

විපක්ෂයේ හැසිරීම සැක සහිතයි – හදිසි නීතිය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කරන්න විපක්ෂයේ කිසිම පක්ෂයක් කටයුතු කළේ නෑ

විපක්ෂයේ හැසිරීම සැක සහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි. ඊයේ 6 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

ආර්ථික අර්බුදය වර්ධනය වෙනකොට දේශපාලන අර්බුදය අනිත් පැත්තෙන් වර්ධනය වෙනවා.

දැන් මේක උභතෝකෝටිකයක් බවට පත්වෙලා. ගෝඨාභය රාජපක්ෂට මේ ප්‍රශ්නය ඉස්සරහ පිට ගන්න තීරණයක් තියනවා.

එයා තීරණය කරන්න ඕන මම තවදුරටත් ඉන්නවද කියලා. මෙතන තියෙන ලොකුම උභතෝකෝටිකය තමයි මම හිතන්නේ සමහර මාධ්‍ය මේක වාර්තා කරන එකකුත් නෑ ඊයේ දවසේ හදිසි නීතිය සම්බන්ධයෙන් විපක්ෂයේ හැසිරීම.

ඒක ඇත්තටම හිතාගන්න බෑ විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් පාරේ බෝඩ් උස්සගෙන ඉන්නවා ආණ්ඩුව ගෙදර පළයං කියලා. හැබැයි ඊයේ අවස්ථාවක් තිබුන හදිසි නීතිය සම්බන්ධයෙන් යම් ඡන්ද විමසීමක් කැඳවන්න සුමන්දිරන් මන්ත්‍රීවරයා මේක මතු කළා හදිසි නීතිය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කරන්න විපක්ෂය කිසිම පක්ෂයක් කටයුතු කළේ නෑ

සමගි ජන බලවේගය කටයුතු කළේ නෑ ජාතික ජනබලවේගය කටයුතු කළේ නෑ එතකොට එතන තියෙන එකගතාවය මොකක්ද

ඒක ප්‍රශ්නයක් ඇත්තටම. ඒ වෙලාවේ හදිසි නීතියට විරුද්ධව ඡන්දය කැඳෙව්වා නම් ආණ්ඩුව වැටෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ආණ්ඩුවට තියෙන මේ මහජන අනුමැතිය තව අඩු වෙනවා.

ආණ්ඩුව ඊයේ රෑ හදිසි නීතිය අයින් කර ගත්තා. ජනාධිපතිවරයා දෝශාභියෝගයක් එනකන් ඉන්නවා ඇත්තේ. ජනාධිපතිවරයාට මහජන දෝශාභියෝගයක් ඇවිල්ල තියෙන්නේ.

ආණ්ඩුව ගන්නවා ආණ්ඩුව අරගෙන අපිට කරන්න පුළුවන් කියල කිව්වට අවුරුදු දෙකක් තෙල් අ රන්පෙ න්නන්න පුළුවන් කියල කිව්වට ඒ කියපු ප්‍රකාශ තමන්ට කරන්න වෙනකොට තමන්ට බලය අරගෙන කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා.

ක්‍රමානුකූලව මේක ඉස්සරහට තව වර්ධනය වෙනවා. ඇමතිකම් කවුරුත් ගන්නේ නැ ති උනාට පස්සේ ආණ්ඩුව පවත්වාගෙන යන්න විදියක් නැති වුණාට පස්සේ මේ ප්‍රශ්නය ඉස්සරහට වර්ධනය වෙනවා.

උද්ඝෝෂකයෝ හිතනවා හෙට යවන්න පුළුවන් කියලා. නෑ විශාල බලපෑමක් වෙලා තියෙනවා. හැබැයි තවමත් මේ ගොල්ල ඉන්නේ අඩිය පස්සට තියලා ලද පළවෙනි මොහොතේ අඩිය ඉස්සරහට තියන්න. තෙල් නැව් ටික ගෙන්න ගත්තොත් ඉන්දියාවේ ණය ටික ගත්තොත් අපිට පුළුවන් මේ ප්‍රශ්නය කරකවන්න කියලා

අපි අවධාරණය කරලා කියනවා මේ ඉන්දියාවෙන් හම්බෙන ණය හම්බ වෙන්නේ අවුරුදු දහයකට තෙල් ගන්න නෙමෙයි.

මේ හම්බ වෙන්නේ ඩොලර් බිලියන එකහමාරක්. මේක ප්‍රමාණවත් වෙන්නේ මාස දෙක තුනකට.

වැස්සට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ලස්සනට මේ අර්බුදය අස්සේ සල්ලි එකතු කරගත්තා..

අපි දැක්කා ජාතික ආණ්ඩුව සම්බන්ධ හොර සාකච්ඡා යනවා. ඒක එළියට එන්න කලින්ම මේ අර්බුදය ඉස්සරහට ආවා .

අන්තර්වාර පාලන ආව දැන් ඒ මුට්ටියට හොඳට වැදිලා තියෙනවා.

ඒක යෝජනා කළේ විමල් වීරවංශ සහ ඒ කණ්ඩායම්.

විමල් වීරවංශ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ල කිව්වේ නැවත රාජපක්ෂ කෙනෙක් ගේන්න වැඩ කරන්නේ නෑ කියලා.

හැබැයි ආපහු යෝජනා කළේ කැබිනට් එක අස්වෙලා ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරමු කියලා. ආපහු රාජපක්ෂගේ දෙපතුල ගාවට තමයි ගියේ.

මේ දේශපාලන විසඳුම් හැම එකේම කතා කරන්නෙ පාර්ලිමේන්තුවට නැති වෙලා තියෙන විශ්වාසය නැවත කොහොමද ගොඩනගා ගන්නේ.

ප්‍රශ්නය මේ ආර්ථික අර්බුදය. ජනතාවගේ සහභාගීත්වය සහිත ආර්ථික ප්‍රතිපත්තියක් යන්නේ නැත්නම් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.

දේශපාලන ක්‍රමය මාරු විය යුතුයි. මහජනතාවත් එක්ක බලය හුවමාරු කරගන්න වැඩපිලිවෙලකට යා යුතුයි.මහජනතාව ට එරෙහිව තීරණ ගන්නේ නැතිව මේ අර්බුදයට මුහුණ දුන්නොත් විතරයි මේක විසඳන්න පුළුවන්.