27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalශ‍්‍රී ලංකාවෙන් පැන එන සරණාගතයන් වලකන්න ඉන්දියාව දැඩි රැකවල් යොදයි

ශ‍්‍රී ලංකාවෙන් පැන එන සරණාගතයන් වලකන්න ඉන්දියාව දැඩි රැකවල් යොදයි

උතුරු මුහුදු තීරය හරහා ඉන්දියාවට අනවසරයෙන් ඇතුලුවන ශ්‍රීලාංකිකයින් නැවත්වීම සඳහා ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව වැඩි කිරීමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇති බවට වාර්ථා වෙයි.

ඉන්දීය නාවික හමුදාව, වෙරලාරක්ෂක බලකාය මෙන්ම පොලීසියද එක්ව මෙලෙස මුහුදු තීරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර පසුගිය 08 වනදාද ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයට තලෙයිමන්නාරමේ සිට අනවසරයෙන් ගිය පවුලකට අයත් සිව් දෙදෙනකු තමිල්නාඩු නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන ඇත.

දරුවන් දෙදෙනෙකු සහ මව සමග පියා යන සිව් දෙනෙකු ඩිංගි යාත්‍රාවක් අධාරයෙන් මෙලෙස ධනුස්කොඩි මුහුදු තීරයට ගොස් තිබූ අතර එහිදී ඉන්දීය ආරක්ෂාක අංශ වෙතට එම සිව් දෙනා පවසා ඇත්තේ තමන්ට ලංකාවේ පවතින අගහිගකම් හේතුවෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවීම මත මෙලෙස ඉන්දියාවට පැමිණි බවටය.

මේ අතර පසුගිය මාසයේද (මාර්තු) පෙරද උතුරු මුහුදු තීරය ඔස්සේ ඉන්දියාවට පළමුව 12 දෙනෙකු සහ අනතුරුව තවත් සිව් දෙනෙකු සමගින් 16 දෙනෙකු අනවසරයෙන් ගොස් සිටියදී රැඳවුම් භාරයට ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ