25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalගෝඨා ගෝ හෝම් උද්ඝෝෂණයට සහභාගී වු හිටපු මලල ක‍්‍රීඩක සුගත්ට...

ගෝඨා ගෝ හෝම් උද්ඝෝෂණයට සහභාගී වු හිටපු මලල ක‍්‍රීඩක සුගත්ට පහරදීමට තැත් කරලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉවත්වන යන ලෙස පවසමින් රට පුරා පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී ක‍්‍රිඩකයින් පැවැත්වූ විරෝධයකට සහභාගී වු සුපිරි මළල ක‍්‍රීඩක සුගත් තිලකරත්නට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් තර්ජනය කර තිබේ.

සුගත් තිලකරත්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන අතර, විරෝධතාවයෙන් පසුව සේවයට ගිය විට ඔහුට මෙසේ තර්ජනය කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු පැමිණිල්ලක්ද ගොනු කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුගත් තිලකරත්න මෙසේද කීවේය.

මම රැුකියාවට යන අවස්ථාවේද තමයි මේක වුනේ. මට හූ කියලා තර්ජනය කළා. මම පසුගිය බදාදා දිනයේදී සහෝදර ක‍්‍රීඩකයින් සමග ටොරින්ටන් වලදී විරෝධතාවයේ යෙදුනා. මගේ වොයිස් කට් එකක් දුන්නා කියලා තර්ජනය කළා

රජයට විරුද්ධව කතා කරන්න දෙන්නේ නෑ, රස්සාවට එන්න දෙන්නේ නෑ කියලා දහ පහලොස් දෙනෙක් තර්ජනය කළා

අද හැමෝම පාරට බැහැලා. ක‍්‍රීඩකයින් විදියට අපිට ජනතාව වෙනුවෙන් කතා කරන්න ඔ්න