27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය

ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩයවර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ය. එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝ ය. අපගේ රජය විසින්, පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු. කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ. මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්ෂාවන් සහ නැවුම් බලාපොරොත්තු සමඟ ය. අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූදරුවන් සතු වේ. දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩාත් සංවේදී වන බව මම දනිමි. එසේ ම, අවුරුදු අසිරිය අත්විඳීමට දූදරුවන් සමඟ එක් වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන් ම විදෙස්ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි. ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ

2022 අප්‍රේල් මස 14 වන දින