29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරට අරාජිකත්වයෙන් ගලවාගැනීමට අර්ථාන්විතව සහ සබුද්ධිකව පෙළගැසෙමු!

රට අරාජිකත්වයෙන් ගලවාගැනීමට අර්ථාන්විතව සහ සබුද්ධිකව පෙළගැසෙමු!

රට අරාජිකත්වයෙන් ගලවාගැනීමට අර්ථාන්විතව සහ සබුද්ධිකව පෙළගැසෙමු!සිංහල – බෞද්ධ සහ දෙමළ – හින්දු ජන කොටස් පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කෙරෙන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට(14) යෙදී තිබේ. ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවී ගිය වසර දෙක තුළ අපට අපගේ ශිෂ්ටාචාරගත උරුමයන් සිහිපත් කර දෙන ඒ මහා සංස්කෘතික උළෙලේ අසිරිය නියමාකාරයෙන් විඳ ගත නොහැකි විය. 2019 වසරේ ද ලැබුවාවූ ජාතික අලුත් අවුරුද්ද ගෙන ආ ප්‍රබෝධය උදුරා ගනු ලැබූයේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විසිනි. ලොවටම ආදර්ශයක් වෙමින් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට හැකි වුවද ආර්ථික අර්බුදය කල්තියා දැක තීරණ නොගැනීමේ ප්‍රතිවිපාකවලට අද අප ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින්නෙමු. විදේශ වත්කම් සංචිතය දුර්වල වීමෙන් ඉන්ධන, ගෑස්, විදුලිය අඛණ්ඩව ලබා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයන් ද බඩුමිල ඉහළ යාම ද ජන ජීවිතය දුෂ්කර තත්වයකට ඇද දමා තිබේ. අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරම අලුත් අවුරුදු සැමරුම මෙය බව ද තහවුරු වෙමින් ඇත.මෙම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ද වර්ධනය වී ඇති අතර ඉක්මනින් රට තුළ ස්ථාවරත්වය ඇති කිරීම මේ මොහොතේ අප ඉදිරියේ ඇති අභියෝගය වී තිබේ. එහිදී රට විනාශ කිරීමට දායක වූ පිරිස් ඉවත් කර රට ගොඩනැගීම සඳහා දෑහිතකාමී පාලනතන්ත්‍රයක් ඇති කිරීම ඊට විසඳුම ය. තරුණ පරම්පරාවේ හඬෙහි තිබෙන වැදගත්කම ද තේරුම් ගනිමින් ඉතා නුදුරේදීම රට තුළ ඇති අරාජික තත්වය වෙනස් කොට ස්ථාවරභාවය ගෙන ඒමට අප නායකත්වය දෙන අතර ඒ වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි සියල්ල කරමින් සිටින්නෙමු.ඒ අප කිසි විටෙක පටු වාසි තකා මේ මාතෘභූමිය අරාජිකත්වයට පත්කර සතුටු වන පිරිසක් නොවන නිසාය. එබැවින් අප මාතෘභූමිය අරාජිකත්වයෙන් බේරාගෙන ස්ථාවරකර සතුටු වන පිරිසක් බවට පත්වීමට සබුද්ධිකව පෙළගැසීමට මේ මොහොතේ අදිටන් කරගන්නා ලෙස සියලු ලාංකීය ජන කොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.සැමට සුබ අලුත් අවුරුද්දක්!

විමල් වීරවංශ (පා.ම.),

නායක,ජාතික නිදහස් පෙරමුණ

2022-04-14