25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅපිටත් චූටි දුවලා ඉන්නවා.. එයාලත් එක එක දේවල් ඉල්ලනවා.. නිකං බොරුවට කඳුළු...

අපිටත් චූටි දුවලා ඉන්නවා.. එයාලත් එක එක දේවල් ඉල්ලනවා.. නිකං බොරුවට කඳුළු පෙන්නලා අනුකම්පාව ගන්න එපා..

තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී ය.

හෘද සාක්ෂියට එකඟව සහ රටේ දේශපලනික ස්ථාවරය සකස් කිරීම සඳහා තමන් එම තීරණය ගත් බව ඔහු එහිදී පැවසීය.

අදාළ මාධ්‍ය හමුවේදී අප්‍රේල් 14 වන දින සිය නිවස ඉදිරිපිට පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවේදීව අදහස් දැක්වූයේ ය.

“ඊයේ දවසේ ඉතා ම අසාර්ථක උත්සහක් ගත්තා මගේ දේශපාලනය විනාශ කිරීමේ අරමුණින්. කණ්ඩායමක් මත්පැන් පාවිච්චි කරලා, මා නිවසේ නැති වෙලාවේ නිවාස ළඟට ඇවිල්ලා පරුෂ වචනයෙන් සහ විවිධ ආකාරයෙන් බැන වැදිලා විවිධ චෝදනා එල්ල කරමින්, මේ ස්ථානයෙන් ගිහිල්ලා තියෙනවා.

(සංවේදීව…) මට චූටි දුවෙක් ඉන්නවා. ඒ දුව ඊයේ දවස ම ආහාරවත් ගත්තේ නැහැ. 

ඒ නිසා ඒ කැත දේශපාලනය දඹදෙණියෙන් ඉවත් කිරීම සඳහා අනිවාර්යයෙන් ම මාත් එක්ක මේ රටේ බහුතර ජනතාව හිට ගන්නවා කියන එක මම දන්නවා.” 

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද පරිශීලකයින් විවිධ අදහස් පළ කර තිබිණි.