― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුර වික්‍රමනායක වත්කම් ලෙස පෙන්වා ඇති සියල්ල බොරු බව ඔහුගේම සොහොයුරිය හෙළි...

විදුර වික්‍රමනායක වත්කම් ලෙස පෙන්වා ඇති සියල්ල බොරු බව ඔහුගේම සොහොයුරිය හෙළි කරයි

මේ වෙද්දි හැමෝම කියන දෙයක් තමයි පාර්ලිමේන්තුවේ 225 එපා කියන එක.
මේ කතාව පැතිරෙද්දි ඇතැම් මන්ත්‍රීවරු පවා කිව්වා ඔවුන්ගේ සියලු වත්කම් විගණනය කරන්න කියලා.
අදත් දයාසිරි ජයසේකර කිව්වේ තමන්ගෙන් ඉස්සෙල්ලම මේක පටන් ගන්න කියලා.
ඒ වගේම මන්ත්‍රීවරු 13 දෙනෙක් තමන්ගේ වත්කම් ගැන තොරතුරු ප්‍රසිද්ධ කරලා තිබුණා.
ඒකට බොහෝ දෙනෙක් ගුණ වයලත් තිබුණා.
හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ තොරතුරු ඇත්තද කියන එක.
ඒකට හොඳම උදාහරණය තමයි මේ තමන්ගේ වත්කම් හෙළිකරලා තිබුණු විදුර වික්‍රමනායකගේ වත්කම් බොරු කියන එක ඔහුගේම සොහොයුරිය ප්‍රශ්න කරලා තිබුණා.
ඇය පවසලා තිබුණේ ඔහුට ලැබුණු වාහන බලපත්‍රවලින් ලබාගත් වාහන විකුණූ මුදල් එයට ඇතුලත් කරලා නෑ කියලයි.. එහෙම විකුණුවේ නැත්නම් ඒ වාහන ගැන සඳහන් කරලා නැත්තේ ඇයි කියලයි..?
තවමත් ඔවුන් මේ සමාජය රවටනවා නෙවෙයිද..?
මේ විදුර වික්‍රමනායකගේ සොහොයුරිය තුෂාරා වික්‍රමනායක තැබූ සටහනයි..

ස්තූතියි වත්කම් ප්‍රකාශ කළාට.. 2021 වන තෙක්ම ඔබේ ඡන්ද දායකයෙක් වුණු මට කරුණාකරලා පැහැදිලි කරන්න
2010 සහ 2015 ඔබට ලැබුණු තීරු බදු රහිත වාහන පර්මිට් දෙක විකුණා ලබාගත් මුදල් වත්කමේ පෙන්වා නැත්තේ ඇයි..?
පර්මිට් වික්කේ නැත්නම් වාහන දෙක කෝ..? නිශ්චිත පාරදෘෂ්‍ය භාවයෙන් වැඩ කරනවානම් වත්කම් බැරකම් ප්‍රකාශය පමණක් නොවේ.. එය විගණනය කිරීමට එකග වන්න.. නැත්නම් ඕනේ ටොම් පචයක්..