25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවන බරින් තෙරපෙන මිනිසුන්ට පන්න පන්නා අවම බලය භාවිතා කරන ශ්‍රී ලංකා...

ජීවන බරින් තෙරපෙන මිනිසුන්ට පන්න පන්නා අවම බලය භාවිතා කරන ශ්‍රී ලංකා පොලීසිය

රඹුක්කන සිදුවීමෙන් එක් ජීවිතයක් මේ වනවිටත් අහිමිවී හමාරය.

තවත් 12 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අද උදෑසන සිට රඹුක්කන ජනතාව මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වුණේ ඊයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගයි.

කෙසේ වෙතත් සවස් වනවිට ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස්ද එල්ල කර තිබුණා.

අවසානයේ පොලිසිය විසින් වෙඩි තැබීම්ද සිදුකර තිබුණා..

පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එළව එළවා වෙඩි තබන දර්ශනද මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
එලෙස එළව එළවා වෙඩි තැබීම අවම බලය යෙදීමක්ද..?

කාගේ අණ අනුව මේවා ක්‍රියාත්මක කරනවාද..?

ජීවන බරින් මිරිකී සිටින මිනිසුන්ගේ ඉල්ලීම් හමුවේ පොලිසිය මේ ලෙසින් නිතිය අවනීතිය කිරීම බලධාරීන්ට නොපෙනෙන්නේද..?

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ අවනඩුව යනුවෙන් අපට පැවසීමට හැක්කේ මෙවැනි සිදුවීම්වලට බව සිහිපත් කළ යුතුය.

පොලිස්පතිවරයා මෙම සිදුවීම සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න අපි බලා සිටිමු.