― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalකන්න නැතුව මැරෙනවද ඖෂධ නැතුව මැරෙනවා ද

කන්න නැතුව මැරෙනවද ඖෂධ නැතුව මැරෙනවා ද

දැන් කන්න නැතුව මැරෙනවද ඖෂධ නැතුව මැරෙනවා ද කියලා තෝර ගන්න තත්වයට ජනතාව පත්ව සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 27 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියා .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා

මුත්‍රා අඩස්සියෙන්පෙ ළෙන රෝගියෙකුට මුත්‍රා බටයක් දාගන්න විදිහක් නෑ. කිසිම පර්යන්ත රෝහලක මූත්‍රා බට නැහැ.
 එක වරක් විතරක් පාවිච්චි කරපු වෛද්‍ය උපකරණ ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට සුද්ද කරලා නැවත නැවත පාවිච්චි කරමින් තියෙනවා උදාහරණයක් විදිහට රෝගීන්ගේ සෙම අයින් කරන බට එක රෝගියෙක්ට පාවිච්චි කරාට පස්සේ අනිත් රෝගියාට සුද්ද කරල පාවිච්චි කරන තත්ත්වයට ගිහිල්ලා තියෙනවා.
 කොළඹ ජාතික රෝහලේ බරපතළ පුළුන් හිඟයක් තියෙනවා.
කොළඹ ජාතික රෝහලේ ඉඳලම ප්‍රශ්නයක් තියෙනවා කැනියුලා නෑ.
දරුවන් සඳහා ලොකුම ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනව.
 සිරප් වර්ග විදිහට ලබා දෙන ඖෂධ වර්ග ගණනාවක් උදාහරණයක් විදිහට ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන්ට ලබාදෙන සැල්බියුටමෝල් සිරප් එක කොහෙවත් නෑ. උණ රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා ලබාදෙන  පිරිටන් සිරප් එක කොහෙවත් නෑ.
 දියවැඩියා රෝගීන් සඳහා භාවිතා කරන ඉන්සියුලින් නැහැ.
 වෝෆරින් කියලා ඖෂධයක් තියෙනවා රුධිර කැට ගැසෙන එක අඩු කිරීම සඳහා හදිසි රෝගීන්ට භාවිතා කරන එකක්. ඒ ඖෂධ මොකක්වත් නැහැ.
 මේ පුවත්පතට කියලා තියෙනවා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ ගෝඨාභය රණසිංහ මහත්තයා රටේ ඇවිල්ල තියෙන ආර්ථික පීඩනය වගේ හේතු මත හෘදයාබාධ විශාල පිරිසකට වැළඳිලා තියෙනවා කියලා.
 ජලභීතිකාවට ලබාදෙන එන්නත සීඝ්‍රයෙන් හිඟ වෙමින් යනවා. බල්ලෙක් කාලා රෝහලට ගියාට පස්සේ වෙනදා වගෙ විදින්නේ නෑ එන්නත.
 ඒ වෙනුවට කියන්නේ බල්ලා මැරුනොත් විතරයි එන්නත විදින්නේ.
 බල්ලා කාපු අයට කියනවා බල්ලාව එන්නත් කරලා එන්නත් සහතිකය අරගෙන එන්න කියලා.
 පීඑච් අයි මහත්තයා කියනවා බල්ලන්ට විදින ජලභීතිකා එන්නත් මොකුත් නැහැ කියලා .
 මිනිස්සුන්ගෙ බෙහෙතුත් නෑ සත්තුන්ගේ බෙහෙතුත් නෑ ඉතාම අර්බුදයකට ඇවිල්ල තියෙන්නේ.
 නිසි කලට මේ ඖෂධ ඇනවුම් කළේ නැහැ. ඖෂධ ඇනවුම් නොකිරීම සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මොකද කියන්නේ.
 ඔහු කියන්නේ ඒ සඳහා ණයවර ලිපි විවෘත කරගන්න බැරි වුණා කියලා.
 මේකට කවුද වගකීම භාරගන්නෙ. දැන් මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ. ඩොලර් නෑ ඩොලර් නෑ කිව්වට.
 මිලියන 500 ක ණය වාරිකයක් ගෙවූවනේ  ජනවාරි මාසේ.
 දැන් ණය ගෙවන්න බෑ කියන වෙලේ ජනවාරි මාසේ ම ණය ගෙවන්න බෑ කියලා මිනිස්සුන්ගෙ බෙහෙත් ටික ගේන්න තිබුණානේ.
 පහුගිය දෙසැම්බර් 25 වැනිදා ඇණවුම් කරපු ඖෂධ ලංකාවට ළඟා වෙන්න දින සීයක් යනවා. ඒ කියන්නේ මාස තුනක විතර කාලයක් යනවා. මේ කාලය ඇතුලත මිනිස්සු මැරෙනවා රෝගී වනවා
 කන්න නැතුව මැරෙනවද ඖෂධ නැතුව මැරෙනවා ද කියලා කියලා තෝරගන්න තත්ත්වයට අපි පත්වෙලා.

උද්ධමනය අතින් ලංකාව ලෝකයේ තුන්වැනි තැනට ඇවිල්ලා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, කෙහෙළිය රඹුක්වැල්ල, ඒ කාලයේ ඖෂධ සම්බන්ධ  රාජ්‍ය  අමාත්‍යවරයා විදියට හිටපු  වර්තමාන සෞඛ්‍ය ඇමති  චන්න ජයසුමන මේ සියලු දෙනා මේ අපරාධෙ වගඋත්තරකරුවන්.
 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මිනීමැරුම් වල වගඋත්තරකරුවෙක්‌.
 තවදුරටත් මේ අයට ගෙදර යන්න කියන එක නෙමෙයි තියෙන්නේ මිනීමැරුම් චෝදනා යටතේ විමර්ශන කරලා නඩු පවරන්න ..
 දැන් හොයන්න ඕන මේ ඖෂධ හිඟය නිසා කී දෙනෙක් මැරිලා තියෙනවා ද ඉදිරියේ දී කීදෙනෙක් මැරෙන්න නියමිත ද කියලා.
 ඖෂධ මිල ඉහළ දාන්න තීරණය කරලා තියෙනවා රජය.
 සමාගම් තීරණය කළා සී අයි එෆ් වැලියු    එකෙන් සීයට 160 ක්‌, බර තැබීමක් කරලා ඖෂධ මිල තීරණය කරන්න. මේ තීරණය ගත්තේ රජය නම් අපිට පෙන්නන්නකෝ.
 පහුගිය දවස් වල ආණ්ඩුව ඖෂධ මිල සියයට 29 කින් නිල වශයෙන් ඉහළ දැම්මා. පස්සේ ආණ්ඩුව හොරරහසේ එකඟ වුණා ගිය සතියේ තව සීයට විස්සකින් මිල ඉහළ දාන්න.
 නිල වශයෙන් ඉහළ දැම්මා සීයට 29 යි හොරරහසේ අනුමැතිය දීලා ඉහළ දාපු සීයට විස්සයි එක්ක 50% කින් ඖෂධ මිල ඉහළ ගිහිල්ලා.
 සමාගම් සැරින් සැරේ සැරින් සැරේ ඩොලර් එකේ මිල එළ ගියා කියලා මිල වැඩි කරනවා.  ඒකට ලයිසන් එකක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයා තීරය කරලා.
 සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කරලා තියෙනවා සති දෙකෙන් දෙකට ඖෂධ මිල සංශෝධනය කරනවා කියලා.
 ඖෂධ මිල සති දෙකෙන් දෙකට වැඩි වෙනවා. රෝගීන්ට සිද්ධවෙන්නේ මැරෙන්න. ඔය සමාගම් ඖෂධ ගෙන්වන්නේ මාස තුනකට ඩොලර් එකේ මිල වෙනස් වෙන විදිහට ඖෂධ මිල වෙනස් කරන්නේ කොහොමද
 පහුගිය සති 2ක 3ක කාලය තුළ බෙදා හරින්නන්ට ලබාදීලා තියෙන ඖෂධ තොග නැවත කැඳවනවා.
 කැඳවලා අලුත් මිල ලේබල් කරලා දානවා..
 ඊයේ උදේ කොළඹ ජාතික රෝහලට ගිය වෙලාවේ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මට පෙන්නුවා බීටා මෙට සෝල් කියන  එකේ කුප්පියක් පරණ මිල ගහලා තියෙනවා රුපියල් 563 කියලා. ඒ මිල ළඟින්ම තවත් අලුත් ලේබලයක් අලවලා තියෙනවා රුපියල් 696 යි කියලා.
 මේවා නියාමනය කරන්නේ කවුද.
 රෝහල් වලට පිටින් ඖෂධ මිලට ගන්න කියලා තියෙනවා. මාළිගාවත්තේ වකුගඩු රෝහලට ඖෂධය ගන්න ඕන උනාට පස්සේ කලින් වෛද්‍ය සැපයුම් අංශය ඒක මිලට අරන් තිබුණේ රුපියල් 13 යි ශත 56 ට .
 මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  චාල්ස් නුගවෙල මහත්තයා වෛද්‍ය සැපයුම් අංශයට ලිඛිතව දැනුම් දීලා තියෙනවා සිද්ද වෙලා තියෙන දේ පිටින් මිලට ගන්න කිව්වට පස්සේ මේ ඖෂධය මිලට අරගෙන තියෙන රුපියල් 175 ගානේ.
 ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයා කියනවා රෝහලට අවශ්‍ය වකුගඩු රෝහලේ ඖෂධ සඳහා කලින් ගිහින් තිබුණේ රුපියල් 45834 යි.
 දැන් රුපියල් අසූ ලක්ෂ විසි දාස් නමසිය පනහ ක් ගිහින් තියෙනවා කියල.

පහුගිය දවස්වල ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳෙව්වා  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  එ ටෙන්ඩර් කැද වද්දී උපදෙස් දීලා තියෙනවා ටෙන්ඩර් ඉදිරිපත් කළ යුත්තේ ඉන්දියානු සමාගම් වලින් ඖෂධ ගන්නා අය පමණයි කියලා.
 ඒ තීරණය ගත්තේ කොහොමද ඉන්දියාවෙන් නය හම්බ වෙනවා නම් ඉන්දියාවෙන් විතරයි ඖෂධ ගන්න කියලා.

ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ කවුද වගකියන්නේ. අපේ කලාපයේ බංගලාදේශයේ සහ පාකිස්තානය ඖෂධ සාමාන්‍ය වශයෙන් ඒ වගේ තියෙන ප්‍රමිතිය ටත් වඩා ඉන්දියාවේ ඖෂධ දුර්වලයි.
 ඉන්දියාවේ සමාගම් කීපයක් තියෙනවා ගුණාත්මක වශයෙන් ඖෂධ හදන. නමුත් සාමාන්‍ය තත්ත්වය ඉන්දියාවේ  ඖෂධවල ගුණාත්මක භාවය දුර්වලයි.
 ඒ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධව ඔක්කොම ලිපිගොනු අපේ අතේ තියනවා. දැන් මේ වෙලා තියෙන්නෙ ඉන්දියාවේ බඩු ගන්න එහෙම ණය දෙනවා.
 මේක තෙල් වලටත් වුණා. රුසියාවෙන් කුණුකොල්ලයට තෙල් අරගෙන ගිනි ගන්න ගානට තමයි තෙල් වික්කේ ඉන්දියාව  ලංකාවට
 අඩු මිලට තෙල් ඕනේ නම් කෙලින්ම රුසියාවෙන් ගන්න තිබ්බ නේ.
 ඖෂධ සම්බන්ධයෙනුත් ඒ තෙල් වල ප්‍රශ්නයම ඇවිල්ලා.