― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා!

රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා!

ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවුඩය

මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ විසින් අපේක්ෂා කරනු ලබන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි.

රාමසාන්, මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් ඉටු කරන විවිධ ආගමික චාරිත්‍ර අතර සුවිශේෂී උත්සවයකි. සෑම දිනයක ම අල්ලාහ් දෙවියන්ගේ ධාර්මික මූලධර්ම අනුව යහපතෙහි ම යෙදීමට මානසික උත්තේජනයක් මෙමඟින් අපේක්ෂා කෙරේ.

සමගි ව රැස්වීම, සාමූහික සම්මුති, පරිත්‍යාගය, අයහපතින් මිඳීම, යහපතෙහි යෙදීම, පිළිබඳ ඔවුනොවුන් අතර පවතින සංස්කෘතිකමය සබඳතා සමාජ ප්‍රගමනයට හේතු වනු ඇත. මෙකී යහපත් සිතුවිලි සියලු දෙනා කෙරෙහි පැතිරවිය යුතු ය.

සියලු ආගමික ශාස්තෘවරයන්ගේ දර්ශනය, විමුක්තිය උදා කර ගැනීම පිළිබඳ පදනමක පිහිටා තිබේ. ඉස්ලාමීය දර්ශනයෙහි ඇති රාමසාන් සැමරුම් ඇතුළු එකී ආගමට අයත් ඇදහීම් දීර්ඝ කාලයක් අපි දැක ඇත්තෙමු. එමඟින් දෙන පණිවිඩය සාමාජීය යහපැවැත්ම උදෙසා ම යෙදවීමෙන් එකිනෙකා අතර අවබෝධය වර්ධනයට හේතු විය. එමඟින් අන්තර් ආගමික සාමාජීය, සංස්කෘතික අවබෝධය තහවුරු කරයි.

ආගම් විසින් උගන්වන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතු වන ලෙස යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇත.

ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ