25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපාර්ලිමේන්තුවේ බලය නිරූපණයෙහි විකෘතියක් 

පාර්ලිමේන්තුවේ බලය නිරූපණයෙහි විකෘතියක් 

පාර්ලිමේන්තුවේ බලය නිරූපණය විකෘතියක්  බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය. එහිදී විශේෂයෙන්ම සඳහන් කළේ මෙම හදිසි නීතිය පැනවීමට එරෙහිව අද සවස 5.00ට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපටදී ජාතික ජන බලවේගය විසින් විරෝධතාවක් පවත්වන බවය. මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ද සහභාගී වූහ.

මේ වනවිට පාර්ලිමේන්තුවේ බලය නිරූපණයෙහි විකෘතියක් ඇති වී තිබෙන බවත් රට පුරා ජනතාව හර්තාල් පවත්වමින් ජනාධිපති ඇතුළු ආණ්ඩුව ජනතා හඬට කන් දී වහාම ඉවත්විය යුතු බවත් අවධාරණය කෙරිණි. හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට රට තුළ ඇති වී තිබෙන හදිසි තත්වය කුමක් දැයි වැඩි දුරටත් ප්‍රශ්න කළ අතර මෙම හදිසි නීතිය පැනවීම මගින් ජනතාව මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම් ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගෙදර යවන දිනය කඩිනමින් ලඟා කර ගනු ඇති බවට අනතුරු ඇඟවීය.