― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසජිත් අගමැති වී අනුර මුදල් ඇමැති වෙන්න අපේ සම්පුර්ණ සහයෝගය දෙනවා

සජිත් අගමැති වී අනුර මුදල් ඇමැති වෙන්න අපේ සම්පුර්ණ සහයෝගය දෙනවා

උද්ඝෝෂණ හෝ හර්තාල් කිරීමෙන් රට තවත් අර්බුදයට යනවා මිස ඩොලර් හෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබීමක් සිදු නොවන බවත් විපක්‍ෂය ආණ්ඩුව භාර ගන්න කැමති නම් ඇමැති ධුර අත්හැරීමට ඕනෑම වේලාවක සූදානම් බවත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද කතාකරන අය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවයි කතා කරන්නේ. එදා ආණ්ඩු කරපු වැරදිවල පව් තමයි අද අපට ගෙවන්න වෙලා තියෙන්නේ. මහ පාරවල්වල තව තවත් අර්බුද ඇති කිරීමෙන් ඩොලර් හෝ අනෙක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා නම් කමක් නැහැ. මේවා ඇති කරන්නේ දේශපාලන පක්‍ෂයි. ජනතාව අවුස්සලා ඇවිත් මෙතන කියනවා රට තව තවත් අවුල් කරන්න එපා කියලා. දේශපාලන පක්‍ෂ තමයි මේ ජනතාව කුලප්පු කරලා පාරට ඇද දාන්නේ.

විශ්වවිiාල ළමයින් මෙහෙය වන්නේ කවුද. රඹුක්කන වගේ සිද්ධියක් වුණොත් කවුද වගකියන්නේ. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවල ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියලා විද්වතුන්, ප්‍රභූන් ඉල්ලනවා. මොන පක්‍ෂය ද ඊට එකඟ වුණේ. අපි සූදානම් හෙට හරි ඇමැතිකම් දීලා යන්න, භාරගන්න සුදුසු අය එනවා නම්. ඒත් සමහර පක්‍ෂවලට ඕන රට තව තවත් අවුල් කරන්නයි.

අද කොවිඩ් වසංගතය නැති කරන්න ජනපතිට හැකි වූ නිසයි පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කාලයේ ආර්ථිකය පසෙක තියලා ජන ජීවිත ආරක්‍ෂා කරන්න ජනපති දැඩි තීරණ ගත්තා. එහි ප්‍රතිඵල අද රටම, ලෝකයම දකිනවා.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි යම් කැපකිරීමක් කළ යුතුයි. මා ඒ සඳහා සූදානම්. සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම භාරගන්න කියනවා. ඒ වගේම අනුර කුමාරට මුදල් ඇමැතිකම භාර ගන්න කියනවා. අපි අපේ පූර්ණ සහාය ලබා දෙන්න සූදානම්.