සමස්ත විනාශයේ වගකීම රාජපක්ෂවරු බාර ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 10 පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා
ඊයේ සිද්ධ වෙච්ච සිද්ධියෙන් පස්සේ ඉතාම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි. මාසයකට අධික කාලයක් සාමකාමීව පැවති අරගලයට ඉතාම අවබෝධයෙන් යුතුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ මර්දනය යන්ත්‍ර පාවිච්චි කරලා මේක අර්බුදයට ගෙනයාම සඳහා ගත්ත ඉතාම නින්දිත ක්‍රියා මාර්ගයක් ලෙස අපි හෙළා දකිනවා
මේ සිද්ධිය ඉතාම සැලසුම් සහගත ක්‍රියාවක් රාජපක්ෂ පාලනයට තමන්ගේ බුද්ධි අංශ වලට මේක වාර්තා නොවී තියෙන්න කිසිම හේතුවක් නෑ.මේක ඔවුන් වේලාසන දන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදී පවත්වපු රැස්වීමක් හිටපු අගමැති වරයාට ඉවත් වෙන්න කියන එක ජනතාව ගෙන් ආපු ඉල්ලීමක් නෙමෙයි තමන්ගේ ප්‍රාදේශීය සභා සභාපති වරු මන්ත්‍රීවරු කැබිනට් ඇමතිවරු හිටපු ඇමතිවරු මෙවැනි පිරිස සහ තව එහෙන් මෙහෙන් හොයා ගත්තු පිරිස මේ ප්‍රහාරය දියත් කිරීම සඳහා සැලසුම් සකස් කළේ.
බුද්ධි අංශ වාර්තා මොවුන්ට ලැබී තියෙන්න ඕනා. අපි දන්නවා රටේ සේනාධි නායකයා විදිහට , රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සම්බන්ධ අවබෝධයක සිටිය යුතුයි.
ආරක්ෂක ලේකම් හමුදාපති පොලිස්පති මේ සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක සිටිය යුතුයි ඒ ගැන කිසිම විවාදයක් නෑ.
සාමාන්‍ය බුද්ධියට නිගා නොකරන්නේ නම් මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතා සමීපව නිරීක්ෂණය කරද්දී අපිට පේනවා රාජපක්ෂ පාලනය තවදුරටත් ගෙන යාම සඳහා රාජපක්ෂවරුන් ටත් වඩා රාජපක්ෂ භාවය තියෙන සමහර නියෝජ්‍ය පොලිස්පතිවරු මේ ක්‍රියාදාමය ඉතා ම අවබෝධයෙන් හැසිරෙව්වා.
ගාලු මුවදොර පැවතෙන සාමකාමී විරෝධයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මැර කණ්ඩායම් නැවැත්වීමේ හැකියාව ඉතාම හොඳින් තිබියදී ජල ප්‍රහාර යන්ත්‍ර කඳුළු ගෑස් ප්‍රහාර සඳහා තිබෙන තත්වයක් තුළ පවා ඒවා පාවිච්චි කලේ නෑ කවුද මේවා පාවිච්චි කරන්න එපා කිව්වේ කියලා අපි හොයන්න ඕනේ.
අපි හොයන්න ඕන ඉක්මනට කවුද මේක පාවිච්චි කරන්න එපාය කියලා අණ දුන්නේ කාගේ අණින් ද දේශබන්දු තෙන්නකෝන් වැනි නියෝජ්‍ය පොලිස්පතිවරු කටයුතු කළේ කොහෙන්ද මේ අණ ලැබුණේ සාමකාමී උද්ඝෝෂණ භූමියට එන්න උපදෙස් ලැබුනේ කාගේ අනින්ද කියන එක අපි හොයන්න ඕනේ.
පහුගිය දවස්වල රටේ මතුවෙච්ච උද්ඝෝෂණ වලදී ශිෂ්‍ය ව්‍යාපාරය උද්ඝෝෂණ වලදී මොවුන් කොහොමද දවස් ගණනාවකට කලින් සූදානම් වුණේ. තිබිච්ච බුද්ධි තොරතුරු වාර්තා අනුව උල් සහිත බැරියර සකස්කරමින් පොළොව හාරලා ඉස්තාවර බැරියර් සකස් කරමින් දින ගණනාවක් තිස්සේ පුහුණුවීම් කරමින් ඔවුන් කොහොමද සූදානම් වුණේ කියලා අපි දන්නවා.
දැනට වාර්තා වෙලා තියෙන විදියට ජීවිත අටක් නැති වෙලා තියනවා. විශාල පිරිසක් අද වෙනකොට රෝහල් ගත වෙලා ඉන්නවා.
විශාල මහජන දේපල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. මේ සමස්ත විනාශයට වගකීම රාජපක්ෂවරු බාර ගන්න ඕනේ.
අගමැති ධූරයෙන් විතරක් ඉවත්වෙලා හරියන්නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිතනවා නම් මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරලා අර්බුදයක් නිර්මාණය කරලා මේක හරහා හමුදාව සහ පොලිසිය යොදලා යම්කිසි විදිහක හමුදා ජුන්ටාව කට අර අදිනව නම් අපි හිතනවා ඒ උත්සාහය බොහොම බොළඳ උත්සාහයක්.
මේ තියෙන ජන බලය හමුවේ සියලු දෙනාට ගෙදර යන්න සිද්ධ වෙනවා නිසැකයි ඒකාන්තයි.