― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපඩි නොගෙන ඇමතිවරු වැඩ කරන්න සැරසෙයි

පඩි නොගෙන ඇමතිවරු වැඩ කරන්න සැරසෙයි

ඇමතිවරුන් වැටුප් නො ගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වුණේ.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදයත් සමඟ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.