― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalකොමිස් හොරා වෙනුවට බදු හොරා

කොමිස් හොරා වෙනුවට බදු හොරා

බැසිල් රාජපක්ෂ ඉවත් වී ධම්මික පෙරේරා පාර්ලිමේන්තු පැමිණීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා අද 9 දින පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දක්වා සිටියා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ

බැසිල් රාජපක්ෂ ඉවත් වෙනවා ඒ වෙනුවට ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට එනවා. ඔහුට ආර්ථික සංවර්ධන ඇමති කමකුත් හම්බෙනවා වගේ කතා  යමින් තියෙනවා.

කොමිස් හොරා  වෙනුවට බදු හොරෙක්ව ගේන එක කරන්න යන්නේ. අපි මීට කලින් මාධ්‍ය හමුවක් තියලා පෙන්නුවා. ධම්මික පෙරේරාගේ මල්ලිගෙ නම යටතේ තියෙන බේලිස් කැසිනෝ ආයතනය  රුපියල් මිලියන 570 ක ගෙවිය යුතු බදු පැහැර හැරීමක් කරලා තියෙනවා.

 මල්ලිගෙ නමට තිබුනට ඕක ධම්මික පෙරේරාගේ කියලා ඔක්කොමල දන්නවා.

 එයා රූපවාහිනි මාධ්‍ය  ඉස්සර හ ට ඇවිල්ල කිව්වා ඒක මගේ නෙමෙයි මල්ලිගේ නමට තියෙන්නෙ කියලා . මල්ලිගෙ නමට තියෙන්නේ එයාගේ ඒ වා කියලා කවුරුත් දන්නවා

මේවා පලිගන්න ගහපු බදු කියලා කිව්වේ. පලිගන්න හරි මොකේට හරි බද්දක් ගැහුවට පස්සේ බද්ධ ගෙවන්න ඕනේ.

 අපිට බදු ගහලා තියෙන්නේ පළිගන්න. පරිප්පු එකට සැමන් ටින් එකට ඔක්කොටම බදු ගහලා තියෙන්නෙ.

 ජනතාවගෙන් පළිගන්න ගහපු බදු ජනතාව ගෙ වනවානම් බදු ගෙවන්න.

 එක හොරෙක් වෙනුවට වෙන හොරෙක් එනවා. බැසිල් යනවා ධම්මික එනවා. කොමිස් හොරා යනවා බදු හොරා එනවා.

 රටේ මිනිස්සු කවුරු කියලද ආණ්ඩුවේ අය හිතාගෙන ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ මිනිස්සු මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ.

 දැන් වුනත් ඔය ධම්මික පෙරේරාගේ කැසිනෝ එකට ගියොත් එතන ගහලා තියෙනවා ෆොරිනර්ස් ඔන්ලි කියලා. බලපත්‍රය ලබා දීලා තියෙන්නෙ විදේශිකයන් සඳහා කැසිනෝ ක්‍රීඩාවේ නිරත වෙන්න පමණයි.

 දැන් ගියොත් බලාගන්න පුළුවන් ලංකාවේ මිනිස්සු කොච්චර ඔතන ඉන්නවද කියලා. විදේශිකයෝ ඇත්තටම නැති තරම් ලංකාවෙ මිනිස්සු තමයි ඉන්නේ.

 පොලීසියටයි අනිත් ආයතන වල ටයි පගා දීලා අල්ලස් දීලා ලංකාවේ මිනිස්සු තමයි කැසිනෝ ගහන්නේ.

 ධම්මික පෙරේරාගේ කැසිනෝ නිසා විනාශ වෙච්ච ලංකාවේ ව්‍යාපාරිකයො කොච්චර ඉන්නවද.

 උදාහරනයකට හිතන්න සක්විති රණසිංහ නීතිවරෝධී මූල්‍ය ආයතනයක් හදලා ඒ ආයතනයේ මහජන මුදල් රුපියල් කෝටි 2000 ක පමණ මහජන මුදල් වංචා කරා.

 ඒ රුපියල් කෝටි 2000 දැන් තියෙන්නෙ ධම්මික ගාව.

 සී අයි එෆ්එල් මූල්‍ය සමාගමේ දීප්ති පෙරේරා එයා විනාශ වුනේ බංකොලොත් වුනේ කොහොමද ඔතන කැසිනෝ ගහලා.

 සාමාන්‍යයෙන් චේන් එකක් හොරකම් කලොත් එහෙම ඒ ක කඩේකට උගස් කළොත් එහෙම   නීතියෙන්ම බලයක් තියෙනවා  ඒ දුන්න මුදල් ඒව මොකුත් නැතුව ඒ චේන් එක ගන්න.

 හොර බඩු ගන්න කාටවත් අයිතියක් නැහැ.

 හැබැයි කැසිනෝ වල එහෙම නීතියක් නැහැ.

 මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා මහජන මුදල් හොරකම් කරලා.  ඒ ගත්ත මහජන මුදල් ටික ගිහිල්ලා ධම්මික පෙරේරාට පූජා කළොත් එහෙම ධම්මික පෙරේරාගෙන් ඒ සල්ලි ටික ගන්න ලංකාවේ නීතියක් නැහැ. ඒවට නීති හදන්න ඕනේ.

 සක්විති රණසිංහ ගාව තිබුනේ ජනතාවගේ මුදල්. ඒ මුදල් ටික කැසිනෝ ගහලා ගත්තා ධම්මික පෙරේරා. හරියට හොරකම් කරපු චේන් එකත් කඩේකට උගස් කළා වගේ.

 හොරකම් කරපු චේන් එකට නීතියක් තිබ්බට ඒ නීතිය නැහැ කැසිනෝ වලට.

 හිටපු ආදායම් බදු කොමසාරිස් ජයතිලක දැන් හිරේ ඉන්න එක්කෙනා වැට් බදු වංචාවට එයා විශාල වැට්බ දු වංචාවක් කරා . දැන් හිරේ ඉන්නේ. ඒ වැට්බ දු වංචාවේ සල්ලි ටික කෝ. මිනිහ ගාව සල්ලි නෑ.

 බලනකොට  එයා කැසිනෝ වලට ඇබ්බැහි වෙලා ඒ සල්ලි ටික තියෙන්නෙ ධම්මික පෙරේරා ගාව.

 මහලොකුවට ආර්ථික සංවර්ධන ඇමැති කියලා එන්න හදනවා.

 ආර්ථික සංවර්ධනය කරන්නේ කොහොමද තමන්ට ගෙවන්න තියෙන බදු ටික ගෙවන්නේ නැතිව ඉන්න ජාවාරම්කාරයෝ.

හිටපු ආණ්ඩුකාර මුසම්මිල්ගේ ඉඳලා තව නම් ගොඩක් කියඋනානේ  ප්‍රීති විරාජ් වීරරත්න ලාගේ සුනිල් ටී ප්‍රනාන්දු ලාගේ ගොඩක් අයගෙ නම් කියවුණා අර වෝඩ් ප්ලේස්    සුනන්ද කියන කෙනාගෙ ජේ ආර් ගේ ගෙදරට අල්ලපු ගෙදර හිටපු කෙනා රුපියල් කෝටි 300 ක්‌ සූදුවෙන් පරාද වුණා.

 සමහර අය ඉන්නවා පාරම්පරිකව මොනවහරි කර්මාන්තයක් කරලා සල්ලි හොයපු අය ඒ සල්ලිත් දැන් තියෙන්නෙ ධම්මික ගාව.

 රනිල් ආවොත් ආර්ථිකය හැදුව වගේ මතයක් හැදුවා වගේ ධම්මික පෙරේරා  ඩොලර් ගේ යි කියලා මතයක් හදන්න යන්නේ.

 රනිල් පස් වතාවක් අගමැති වෙලා හයවෙනි වතාවේ පස් වතාවක් නොකරපු දේ කරයිද.

 රනිල් එක දවසක ජාතිය අමතනවා  වේල් දෙකක් කන්න ලෑස්ති වෙන්න කියනවා.

 ඊළඟ දවසේ පාර්ලිමේන්තුවේ ආර්ථික තත්වය ගැන දේශනයක් කරනවා.

 ඒකෙදි කියනවා අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා තෙල් දෙන්න විදිහක් නෑ ගෙදරට වෙලා ඉන්න කියලා. ඕවා කියන්න අගමැති කෙනෙක් ඕනද.

 එයාගෙ ගෝලබාලයෝ කියනවා රනිල් ආවොත් හදයි කියලා. රනිල් ඇවිල්ල කි යනව මට බෑ මට බෑ.

 ධම්මික පෙරේරා ආයෝජන මණ්ඩලයේ සභාපති වෙලා හිටියනේ. එයාගේ රස්සාව තියෙන්නෙ ඩොලර් ගේන එක. ගෙනාවා ද ඩොලර්.

 ඒ කාලේ ගෙනාපු නැති ඩොලර් දැන් ගේ යිද

 මොන පිස්සු විකාරයක්ද මේ. මේ ජනතාවගේ විරෝධය යටපත් කරන්නයි. ඒක දියාරු කරන්නයි. ජනතාවගේ විරෝධය ඇතුලේ ගේම් ගහන්නයි එක එක ඒවා කරනවා.

 ධම්මිකගේ මල්ලි අනුරාද පෙරේරා ගත්තොත් එහෙම බදු නොගෙවීම සම්බන්ධ ඇප පිට ඉන්නේ.

 එයා මූල්‍ය සමාගමක සභාපති ධූරය දරනවා. වෙන කිසිම රටක මේ වගේ පිස්සු කෙලින්න බැහැ.

 මන්නාරමේ ඉඩම් අක්කර 1200 කුත් ඒ හාදයා ට දෙන්න දැන් කැබිනට් මණ්ඩලය තීරණය කරමින් ඉන්නවා.

 ප්‍රසන්න රණතුංග කප්පම් ඉල්ලලා උසාවිය වැරදිකාරයා වුණට පස්සේ එයාට හම්බ වෙන්නේ අත්හිටවූ සිර දඬුවම්.

 හැබැයි උද්ඝෝෂකයන්ට සිර දඬුවම් දෙනවා.

 එකම පත්තරේ සිරස් තල දෙකේ තියෙන්නේ කප්පම් ගත්ත ප්‍රසන්න රණතුංගට අත්හිටවූ සිර දඬුවම් මාතර පොලිස් වාහනයකට හානි කළ උද්ඝෝෂ ක යෙකුට වසර තුනහමාරක සිර දඬුවම් ඒවා අත්හිටවූ  නෙමෙයි.

 මුළු ආණ්ඩුවම යන්න ඕනේ ජොන්ස්ටන් ලා ප්‍රසන්න රණතුංග ල යන්න ඕනේ කප්පම් ගැනීමේ සිද්ධියකට මිනීමැරුම් තර්ජන එල්ල කරලා  මනුස්සයෙක් ගෙන් කප්පම් ගත්ත චෝදනාවට අධිකරණයෙන් වැරදිකරු වෙච්ච මිනිහා කොහොමද ඉන්නේ කැබිනට් එකේ.

 රනිල් වික්‍රමසිංහ මහලොකුවට මිස්ටර් කිලීන් පොලිටික්ස් ගැන කතා කරනවා. රනිල් කොහොමද කැබිනට් එකේ ඔය වගේ මිනිහෙක්ව තියාගෙන ඉන්නේ.

 කුණු ධම්මික වගේ පට්ට හොරු තමයි ගන්න යන්නේ කැබිනට් එකට.

 බෑ බෑ කියල හැමදාම නාහෙන් අඬනවා ටීවී එකේ මූසලයි රනිල් වික්‍රමසිංහ බැරිනම් දාලා යන්න.