― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalබඩු මිල දරා ගන්න බැරුව දෙමව්පියො තමන්ගෙ දරුවන්ට ආහාර වේලක් දෙන්නෙ කොහොමද...

බඩු මිල දරා ගන්න බැරුව දෙමව්පියො තමන්ගෙ දරුවන්ට ආහාර වේලක් දෙන්නෙ කොහොමද ?

දරා ගත නොහැකි බඩු මිල වැඩි වීම හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න පවසයි.

අද 9 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න මේ බව පැවසීය.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න

අපේ ජන ජීවිත ඉතාම බරපතළ ඛේදවාචකයකට මුහුණ දීලා ඉන්නේ. ඒක විශේෂයෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

 කලින් තියපු  මාධ්‍ය හමු වල මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා  කිව්වට ජනතාවට ඒක අත්විඳින්න හම්බ උනේ නෑ.

 නමුත් අද අපේ රටේ ඉතාම පීඩිත පන්තියේ ජනතාව බරපතළ විදිහට මේ සමාජ ඛේදවාචකය අත්විඳිමින් ඉන්නවා.

බඩගින්න උහුලගන්න බැරුව දෙමව්පියො තමන්ගෙ දරුවන්ට ආහාර වේලක් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරමින් ඉන්න වෙලාවක්.

මේ රටේ පාලකයෝ ආණ්ඩුව අපට යෝජනා කරනවා වගා කරන්න කියලා. මේක තමයි ලොකුම විහිලුව. වගා කරපු ලක්ෂ ගණනාවක් ගොවිජනතාව මහ පාරට ඇදලා දාලා පොහොර සහනාධාරය කපල පොහොර දෙන්නෙ නැතිව දැන් වැඩ කරන ජනතාවට සාමාන්‍ය ජනතාවට යෝජනා කරනවා වගා කරන්න කියලා.

 මොන විහිලුවක්ද කරන්නේ මේ ආණ්ඩුව. පර්චස් දහයක් පහළොවක් තියෙන මිනිහෙක් බටු ගහක් වවලා මේ මිනිස්සු කන්නේ කොහොමද .

 බටු ගෙඩියක් කඩා ගන්න අපිට කොච්චර කාලයක් යනවද. මේක දන්නේ නැති කෘෂිකර්ම ඇමතිවරු අපේ රටේ ඉන්නේ. මේක දන්නේ නැති ජනාධිපතිවරු අපේ රටේ ඉන්නේ.

 මේක දන්නේ නැති අගමැතිවරු අපේ රටේ ඉන්නේ. මේ විෂයන් ගැන දන්නේ නැති මිනිස්සු අපිට මොකටද.

සරත් වීරසේකර ඇමැතිවරයා ඔහු කියනවා මේ වෙලාවේ අපේ රටේ මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියලා දර ලිපේ උයපු  වාම. මේවට කොහෙන්ද හිනා වෙන්න කියන ප්‍රශ්නය අපිට තියෙන්නෙ.

 සරත් වීරසේකර ඇමතිතුමාට කියනවා ඇමතිතුමා ඔයයි ඔයාගෙ පවුලෙ කට්ටියයි ඔය කැබිනට් එකයි ඔය ජනාධිපති ඔය අගමැති මේ රට පාලනය කරපු පාලකයෝ ටිකයි දර ලිපේ උයාගෙන කන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ  අපේ රටේ වැඩ කරන සාමාන්‍ය ජනතාවට ගෑස් දෙන්න.

 අපේ ආයුකාලය වැඩි නොවුනට කමක් නෑ..  ඔහෙලා වගේ දේශපාලකයෝ පාලනය කරන රටක් ඇතුලේ අපේ ආයු කාලය තව වැඩිය නෑ. අපිට බොහොම පොඩි කාලයයි තියෙන්නෙ.

 හැබැයි අපේ දරුවන්ට අනාගත පරපුරට ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ඔවුන්ට කන්න බොන්න ඕනේ.

 ඔවුන්ට කන්න බොන්න ඕනේ කෑම ටික මේ වෙලාවේ මැදිහත්වෙලා ගෙනත් දෙන්න. සාමාන්‍ය ජනතාවට වගා කරන්න කියන එක කියන්න එපා ඉතිහාසයෙත් ගොඩක් අය කරපු එකක්. ඔය  සංග්‍රාම  වලින් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හම්බවෙලා නෑ.

 හැම පෝලිම කම අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ජනතාව මේ වෙලාවේ ඉන්නවා. මේ වෙලාවේ අපේ රටේ සාමාන්‍ය ජනතාව කාර්යාලවල නෙමෙයි ඉන්නේ මහ පාරේ.

අන්තිම නරක විදියට බඩු මිල වැඩි කරමින් ඉන්නවා.  අපේ රටේ ජනාධිපතිවරයා යන්න කියද්දි යන්නේ නැතුව පුටුවෙ වාඩිවෙලා ඉන්න ජනාධිපතිවරයාට බල කරන්න ඕනේ විශේෂයෙන් බඩු මිල අඩු කරන්න ඕනේ.

 මේ ක අ ඩු කරන්නේ නැතුව සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අපි සූදානම් කරලා තියෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් මේ මස එකොළොස් වැනිදා උදේ දහයට මහරගම නගරයේ දී පැවැත්වෙනවා. ඒකට ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙන්නේ කියන යෝජනාව විශේෂයෙන් කාන්තාවන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලනවා.