― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalවිදුලි බල පනත වෙනස් කරමින් කරන්න හදන දේ

විදුලි බල පනත වෙනස් කරමින් කරන්න හදන දේ

විදුලි බල පනත වෙනස් කරමින් ආණ්ඩුව කිරීමට යන දෙය තුලින් රටට විශාල පාඩුවක් සිදු වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 9 දින පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා විදුලි බල පනත වෙනස් කරමින් කිරීමට යන දෙය පිළිබදව මෙලෙස අදහස් දක්වා සිටියා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා

අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත නමි  න් පනත් කෙටුම්පතක්.

 මේ පනත් කෙටුම්පත 2009 අංක 20 දරන විදුලිබල පනත සංශෝධනය කරමින් ඉදිරිපත් වෙන්නේ. 

 මේ පනත් කෙටුම්පත හරහා කරන්න යන්නේ පෞද්ගලික අංශයෙන් විදුලි බලය මිලදී ගැනීමේදී දැනට තියෙන 2009 අංක 20 දරන විදුලිබල පනතට අනුව මූලික කොන්දේසි දෙකක් සපිරෙන්න ඕනේ.

 එකක් තමයි තරගකාරී  ක්‍රමයක් යටතේ මිල ගණන කැඳවීමක් කරන්න ඕනි පෞද්ගලික අංශයේ.

 දෙවෙනි එක තමයි  ඒ ටෙන්ඩර් කැඳවීම කදී  විදුලි ඒකකයක් සදහා අවම මිල ගණන් ඉදිරිපත් කරන ආයතනයට තමයි ටෙන්ඩර් එක ලබාදිය යුත්තේ කියලා තියෙන්නේ.

 අද මේ ගොල්ලෝ පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ මේ දෙක වෙනස් කරන එක.

 මේක ඉතාම භයානකයි ඇයි මේක ගෙනල්ලා තියෙන්නේ.

 ඇයි විදුලි බලයට අදාල නීතිය වෙනස් කරන්න යන්නේ.

 මන්නාරමේ සහ පුනරින් වල ඉන්දියාවේ අදානි සමාගම මැදිහත්වෙලා සුළං විදුලි බලාගාර දෙකක් හදන්න යනවා. මේ අය කියන විදියට ඩොලර් මිලියන හාරසිය විස්සක් වියදම් කරලා මෙගාවොට් 500 විදුලි බලාගාර තමයි හදන්න යන්නේ.

 මේකේ එක විදුලි ඒකකයක් අදානි සමාගම ලබා දෙන්න හදන්නේ ඩොලර් ශත 7.55 කට.

 දැනටමත් සුළං විදුලි බලාගාරයක් ලංකා විදුලිබල මණ්ඩලය යටතේ තියෙනවා.

 ඒ තමයි මන්නාරමේ තම්බපණ්ණි විදුලි බලාගාරය.  මෙගාවොට් 100 ක විදුලි බලාගාරයක්.  ඒකෙ විදුලි ඒකකයක පිරිවැය ඩොලර් ශත හතර ටත් වඩා අඩුයි.

 අදානි සමාගමට මේ විදුලි බලාගාරය හදන්න අදාල ව්‍යාපෘතිය ලබා දන්නේ කොහොමද. ඒක ලබා දෙන්න බෑ නීතියට අනුව.

 තියෙන පනතට අනුව ඩොලර් ශත 7 හමාරකට විතර විදුලි ඒකකයක් මිලදී ගැනීමට අදානි සමාගමට දෙන්න විදිහක් නෑ, මොකද දැනටමත් ලංකාවේ සමාගම්  දේශීය සමාගම් ඉල්ලලා තියෙනවා ඩොලර් ශත හතර ටත් වඩා අඩු ගණනකට විදුලි ඒකකයක් දෙන්නම් කියලා මේ අවස්ථාව තමන්ට දුන්නොත්.

 දේශීය සමාගම් වලට ඉඩ නොදී අදානි සමාගමට මේ ටෙන්ඩරය ලබා දෙන්න අදානි සමාගමෙන් ඉතාම ඉහල මිලකට විදුලි ඒකක මිලට අරගෙන ඉන්දියාව පෝසත් කරන්නයි තමයි  මේ පනත සංශෝධනය කරන්න යන්නේ.

 ලංකාවේ සමාගමකට දුන්නොත් ශත හතරකට වඩා අඩුවෙන් විදුලිය ගන්න පුළුවන්.

 අනිත් පැත්තෙන් අපි ගෙවන්න ඕන රුපියල් වලින්.

 ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවේ ඉන්දියාවට ගෙවන්න වෙන්නේ ඩොලර්ව ලින්.

 සාමාන්‍යයෙන් මේ ව්‍යාපෘතිය අවුරුද්දකට ඩොලර් මිලියන 150ක විතර ශුද්ධ ලාභයක් ගන්න පුලුවන් අදානි සමාගමට. මේ ගිවිසුම අත්සන් කරන්න යන්නේ අවුරුදු තිහකට.

 මේ ව්‍යාපෘතියේ වියදම තියෙන්නෙ ඩොලර් මිලියන හාරසිය විස්සයි.  අවුරුදු තුනක් යනකොට මේ වියදම සම්පූර්ණයෙන් ඒගොල්ලො හොයනවා. ඉතුරු අවුරුදු 27 ම ලංකාවේ ජනතාව සූරා කනවා.

 මේකෙ තියනවා කෙරවළපිටිය නිවු ෆොට්ට්‍රස් එනජී එකෙන් කරන ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රශ්නය.

 එල් එන් ජී ගෙන්වීමේ ඒකාධිකාරය ඇමරිකානු සමාගමට දෙන්න යද්දි ඒකට විරුද්ධව නඩුවක් ගිහිල්ලා තියෙනවා ඒ නඩුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ටෙන්ඩර් කැඳවීමක් නොකර කොහොමද මේ අනුමැතිය දුන්නේ.

 ඊට වඩා අඩු මිල ගණන් වෙනත් සමාගම් ඉදිරිපත් කරලා තියෙද්දි වැඩි මිලකට කොහොමද නිවු ෆෝට්ට්‍රස් එනර්ජි එකට       මේක දුන්නෙ.

 ඒ නඩුව ගොඩදාගන්න එක ක්‍රමයයි තියෙන්නේ නීතිය වෙනස් කරන එක.

 දැනට තියන නීතිය වෙනස් කරන්න මේ යන්නේ.

 ඇමතිවරයා දිගටම කියන්නේ විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවෝ විරුද්ධයි පුනර්ජනනීය බලශක්තියට ඒකයි.

 මෙතැන පුනර්ජනනීය ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ.

 මේ පනත් කෙටුම්පතේ කිසිම තැනක පුනර්ජනනීය බලශක්ති කතාවක් කතා කරලා නෑ.

 ආන්ඩුවේ කට්ටිය හිතාගෙන ඉන්නේ රට ඉන්නේ මෝඩයෝ කියලා. පුනර්ජනනීය පුනර්ජනනීය කිව්වම රැවටෙයි කියලා හිතාගෙන ඉන්නේ. මෙතන පුනර්ජනනීය කතාවක් නෙමෙයි තියෙන්නේ.

  2007 අංක 35 දරණ පුනර්ජනනීය සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත තියෙනවා.  ඒ පනතට අනුව මෙගාවොට් 25 ට වඩා අඩු විදුලි නිෂ්පාදන ඒකක සඳහා යම් බලපත්‍ර නිකුත් කිරීමේ බලය  සුනිත්‍ය බලශක්ති අධිකාරියට දීලා තියෙනවා. ඇයි ඒක වෙන්නෙ නැත්තෙ.

 ගෙවල් වල වහලෙ වත් සූර්ය පැනල හයි  කරගෙන ඒක විදුලිබල මණ්ඩලයට විකුණන තැනකට ඇවිල්ලා නැත්තෙ.

 ඒක වෙන්න හේතු දෙකක් තියෙනවා. මේකෙ මිල සූත්‍රයක් නෑ.

 මිනිස්සු දන්නෙ නෑ විදුලි ඒකකයට කොච්චර ගෙවයි ද කියලා. හරියට මිල කිව්වොත්  ඒකෙ ලාභයක් තියෙනවා නම් ගොඩක් අය විදුලි නිෂ්පාදනය පටන් ගනී.

 එතන තමයි විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්න තියෙන්නේ. විදුලිබල මණ්ඩලයේ ඩීසල් මාෆියාව ඉඩ දෙන්නේ නැහැ මේ මිල සූත්‍රය හදන්න.  ඒ විතරක් නෙමෙයි අනිවාර්යෙන් පොදු ගිවිසුමක් හදන්න වෙනවා.

 ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවානම් ඒ ගොල්ලන්ට කරන්න තියෙන විදිහ තමයි මෙගාවොට් 25 ට වඩා අඩු විදුලි උත්පාදනය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව අනුමැතිය ලබා දෙනවා. මෙගාවොට් 25 ට වඩා වැඩි විදුලි උත්පාදනය සඳහා නිශ්චිතවම ටෙන්ඩර් කැඳවලා තරගකාරී මිල ගනන් කැඳවීමක් කරලා  අඩුම මිල ගණන් ඉදිරිපත් කරන ආයතනයට මේ සඳහා ව්‍යාපෘතිය භාර දෙනවා.

 මෙගාවොට් 25 ට වඩා අඩු විදුලි ව්‍යාපෘතියක් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීලා පොදු ගිවිසුමක් හඳුන්වලා දීලා ඒක කරනවා.