― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙට(20) සිට පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරය

හෙට(20) සිට පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරය

අධ්‍යාපන අමාත්‍යංශය විසින් හෙට(20) සිට පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරය නිවේදනය කළා.

1. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ටල ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.

2. එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම්ල ඒ සදහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.

3. පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම්ල එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතී.

4. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ දී නොපැවැත්විමට තිරණය කරන ලද අතරල ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.

5.සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවනු පිණිස මහජන උපයෝගිතා කොමිසම පෙ.ව 08.00 සිට දහවල් 01.00 දක්වා විදුලිය විසන්ධි නොකිරිමට එකගවී ඇත.

මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරිම සඳහා ලබන සෙනසුරාදා(25) පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය පිළිබදව තිරණය නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.