23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසර 30කට පසු තරගාවලි ජයක් වාර්තා කරමින් සිංහයන් ශ්‍රි ලංකා භුමියේදි කැන්ගරුවන්...

වසර 30කට පසු තරගාවලි ජයක් වාර්තා කරමින් සිංහයන් ශ්‍රි ලංකා භුමියේදි කැන්ගරුවන් දණගස්වයි

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කල අතර සිව්වන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 49 ක් අවසනයේ 258ක් රැස් කළේ සියල්ලන් දැවී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 60ක් ලබාගත් අතර චරිත් අසලංක 110 ක් ලබාගත්තේ පන්දු 109කදීයි. වනිදු හසරන්ග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා

ඒ අනුව ඔස්ට්‍රේලියාව ජයග්‍රාහණය සදහා පන්දුවාර 50කදි ලකුණු 259ක් ලබාගත යුතු වනවා.

ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 1ක් ලබාගත් අතර මැතිව් කිවනෙමන් කඩුලු 2 ක් ද, මිචෙල් මාස් කඩුලු 2ක්, ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රාහණය උදෙසා පිටියට පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදි ලබා ගැනිමට හැකි වුයේ 254ක් පමණි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර්ට සිය 19වන සතකය අහිමි කරමින් ලකුණු 99 ට ධනංජයගේ පන්දුවක් හමුවේ අහිමි වුවා.
ඒ අනුව ශ්‍රි ලංකා භුමියේ වසර 30කට පසු තරගාවලි ජයක් වාර්තා කිරිමට සමත් වෙනවා.මචෙල් මාෂ් 26ක්ද,මැක්ස් වෙල් 1ක්ද ට්‍රෙවිස් හෙඩ් 27ක් ද ලබා ගත්තා

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි මහේෂ් තීක්ෂණ පන්දුවාර 10 අවසානයේදී ලකුණු 40ක්ට 1 කඩුල්ලක් දවාගත්තා.ධනංජය ද සිල්වා පන්දුවාර 10 යි කඩුලු 2යි.

තරග 5කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ ජය ලබා ගත්තා.