― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalඅගමැති රනිල් නාමල් රාජපක්ෂ රවී කරුණානායක නඩු වලින් බේර ගන්න ගෙනාපු...

අගමැති රනිල් නාමල් රාජපක්ෂ රවී කරුණානායක නඩු වලින් බේර ගන්න ගෙනාපු 2017 අංක 12 දරන විදේශ විනිමය පනත නිසා ලංකාවට වුන විනාශය !!!

අගමැති රනිල් නාමල් රාජපක්ෂ රවී කරුණානායක නඩු වලින් බේර ගැනීම සදහා ගෙනාපු 2017 අංක 12 දරන විදේශ විනිමය පනත නිසා ලංකාවට ලැබීමට තිබු අපනයන ආදායම් අහිමි වී ගිය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 28 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඇයි ඩොලර් නැත්තේ නැතිවෙන ප්‍රධාන හේතුව තමයි ලංකාවේ අපනයන ආදායම් රට තුළට එන්නේ නෑ.

 මේවා විවෘත ගිණුම්වල ඕපන් එකවුන්ට්  වල තියාගන්න නීතියෙන් ඉඩ දීලා තියෙන්නේ.

 පිටරටවල් වල රඳවා ගන්නා ගිණුම්වල අපනයන ආදායම් රට තුළට අනිවාර්යෙන් ගෙන ඒම සඳහා වන නීති නෑ. මේවා රට ඇතුළට ගෙනාවේ නැත්තං කරන්න පුළුවන් දේකුත් නෑ.

 මීට අවුරුදු හැත්තෑවකට කලින් 1953 දී සම්මත කරා පනතක් 1953 විනිමය පාලන පනත ඒ පනතට අනුව අපනයන ආදායම් සියල්ල ලංකාව තුළට ගේන්න ඕනේ.

 ඒ නීතිය වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ 2017 අගමැති වෙලා ඉද්දි යහපාලන ආණ්ඩුවෙන් ඒ පනත අහෝසි කළා. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත ගෙන ආවා.

 ඒ පනත ගෙනාපු එකෙන් තමයි මේ අපනයන ආදායම් අපිට සම්පූර්ණයෙන් එකතු කරගන්න බැරි.

රනිල් 2017 පනත ගෙන ආවේ ම රවී කරුණානායක ලට නාමල් රාජපක්ෂලාට තිබුන චෝදනාවලින් නඩු වලින් ඔවුන්ව බේරගන්න අවසානයේ දී ඒක විසින් මුළු රටක්අවදානමට හෙලලා තියෙනවා.

 රනිල් ඇවිල්ලා ආර්ථිකය ගොඩ ගනී කියලා කට්ටිය බලාගෙන හිටියා අර එළුවාගේ මොකක්ද එක වැටෙනකම් බලාගෙන හිටපු නරියෝ වගේ ඇත්තටම රනිල් වික්‍රමසිංහ කරපු වැඩ නිසා තමයි මේ අර්බුදය උත්සන්න වෙලා තියෙන්නේ.

 නීතිමය ක්ෂේත්‍රයේ ඔහු කරපු වෙනස්කම්.

 ඔහු ඇවිල්ල කියන්න ඕනේ. මේ පනත් සංශෝධන හරහා වෙච්ච විනාශයට වගකියනවා ද නැද්ද කියලා.