27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalioc එක අපිට ඩොලර් වලින් තෙල් මිල ගෙවන්න කියන්නේ කොහොමද ?

ioc එක අපිට ඩොලර් වලින් තෙල් මිල ගෙවන්න කියන්නේ කොහොමද ?

ලංකා ioc සමාගම කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ඩොලර් වලින් මුදල් අය කර ගැනීමට කටයුතු කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 28 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊයෙ දාතම සහිත ව අයිඕසී එක නිකුත් කරල තියෙනවා ලිපියක් මේ ලිපිය මොකක්ද කියන්නේ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා ගන්න කොට අයිඕසී එකෙන් ඩොලර් වලින් ගෙවන්න කියලා තියෙන්නේ ලංකාව ඇතුලේ කොහොමද ඩොලර් වලට ඉන්ධන විකුනන්නෙ. අයිඕසී එකට කවුද ඒ බලය දුන්නේ.

 කර්මාන්ත වලට ඉන්ධන ලබා ගන්නවා නම් එක ලීටරයක් ඩොලර් 1.40 ට‍ ගන්න වෙනවා.

 දැන් මේ රට පාලනේ කරන්න කැබිනට් එකද නැත්තං අයිඕසී එකද. අයිඕසී එකේ මේකට අත්සන් කරලා තියෙන මනෝජ් ගුප්තා මැනේජින් ඩිරෙක්ට්ටර් අයිඕසී එකේ එම් ඩී ද රට පාලනය කරන්නේ.

 ලංකාවේ ව්‍යහාර මුදල් ඒකකය ගැන තීරණ අයිඕ සී එක ගන්නෙ කොහොමද.

 මේක ඉතාම බරපතළ තත්ත්වයක්.