― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalගල් පාවිච්චි වෙනවද ගඩොල් පාවිච්චි වෙනවද මොනවද පාවිච්චි වෙන්නේ කියන එක තීරණය...

ගල් පාවිච්චි වෙනවද ගඩොල් පාවිච්චි වෙනවද මොනවද පාවිච්චි වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඒකට එරෙහි ප්‍රතිරෝධනය එක්ක

හෙට දිනයේ පැවැත්වීමට නියමිත අරගලය ආණ්ඩුවේ බාදා හමුවේ නතර නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 8 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ

මේ පාලකයෝ දැන් බියෙන් සලිත වෙලා ඉන්නේ.

 ගෝඨා රනිල් අශුද්ධ සංධානය බියෙන් සලිත වෙලා ඉන්නේ.

 බය වෙලා ඒගොල්ලන්ගෙ නෑයෝ යාළුවන්  පිටරට යවා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ආරංචියක් තියෙනවා ගෝඨත්    පැනලා යන්න හදන්නේ කියලා.

 ගෝඨා පැනලා යන්න හදනවා නම් ඒක අපේ රටේ ජනතාව මැදිහත් වෙලා නැවැත්විය යුතු ව තියෙනවා.

එහෙම පැනලා යන්න දෙන්න බෑ.

මේ සිදුවෙලා තියෙන විනාශයන්ට වන්දි ගෙවන්න ඕනේ වගකීම භාර ගන්න ඕන.

 රටක ආර්ථිකය රටක සමාජය බිඳ වට්ටලා තියෙන්නේ. ජනතාවගේ අනාගතය බිඳ වට්ටලා තියෙන්නේ

මේ අරගලය ඉතාම යුක්ති සහගතයි. දැන් ජනතාවට තියෙන්නෙ පාරවල් දෙකයි. එක්කෝ සටන් කරල දිනන්න ඕනේ. නැතිනම් මැරිල වැනසිලා යන්න ඕනේ.

 හෙට අනිද්දා වෙද්දී කන්නත් නැතිවෙයි ද කියන ප්‍රශ්නය තමයි ජනතාව ඉන්නේ.

බියෙන් සලිත වෙලා ඉන්න ආණ්ඩුව මේ උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න එක එක දේවල් කරනවා.

 එකක් තමයි පහුගිය දවස් වල වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වල පණිවිඩයක් හුවමාරු කලා. පෙසප සහ අනෙකුත් වමේ  පක්ෂ බලය අල්ලන්න ඉන්නවා බලය ඇල්ලුවාට පස්සේ සම්පූර්ණ මැද පන්තිය කියන එක නැති කරනවා. ඔන්න ඔය වගේ කතාවක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා වට්ස්ඇප් පණිවිඩ යමින් තිබුණා.

 මඩ කුමන්ත්‍රණ කරන පච මෝලේ වැඩ මේවා. වැටුප් ගෙවලා ගත්ත සේවකයන්ගෙන් පච මෝලක් හදලා තියෙනවා. පච මෝල සමාජ මාධ්‍ය හරහා පච ව පුරමින් හිටියා.

 බියගැන්වීම් කරන්න පටන් අරගෙන තියෙනවා. අද ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණය සහ හෙට ජනතාවගේ උද්ඝෝෂණය වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ගන්න ගියා අධිකරණ නියෝග ගන්න බැරි වුණා.

 දැන් නිල නොවන ආකාරයට විවිධ තර්ජන ගර්ජන තියෙනවා. හැමතැනම ආයුධ රැගත් සෙබළුන් දාලා දැන් මේ නුගේගොඩ හන්දියේ විශාල පිරිසක් ඉන්නවා ආයුධ අරගෙන මොකටද මේ ඉන්නේ.

 මොකටද මේ හමුදාව දාලා තියෙන්නේ මොනවා වෙයි කියලද හමුදාව දාල තියෙන්නෙ. මිලියන 22 ක ජනතාවක් නැගී සිටින කොට මේ ආණ්ඩුවේ දුර්දන්ත පාලනයට විරුද්ධව ඒක බය කරන්න දැන් හමුදාව දාලා තියෙනවා.

 අයිඕසී   ආයතනය ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කරලා තියෙනවා ඔවුන්ට දැනුම් දීමක් හම්බ වෙ ලා තියෙනවා කියලා රජයෙන් ඉල්ලලා තියෙනවා කියලා උද්ඝෝෂණ පැවැත්වෙන නිසා  අද සහ හෙට දවස් දෙකේ තෙල් නිකුත් කිරීම නවත්වන්න කියලා.

 සිපෙට්කෝ ඒකට කොහොමත් කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා තෙල් නිකුත් කරන්න එපා කියලා.

 අයිඕ සී එකට කියලා අදයි හෙටයි දවස් දෙක තෙල් නි කුත් නොකර වාහන වලට එන්න බැරි උනාට පස්සේ මිනිස්සු එන්නෙ නැති වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

 ජනතාව පයින් හරි එන්න සූදානමින් ඉන්නේ. දුර බැහැර නගරවල ඉඳලා පාපැදිවලින් එන්න සූදානමින් ඉන්නවා.

බස් සහ කෝච්චි වැඩ වර්ජනය කළොත් එහෙම ඒක හරහා අරගලය දුර්වල වෙනවා. අරගලය ශක්තිමත් කරන එක කරන්න ඕනේ ඒ වැඩ වර්ජන එක්ක.

 ගැමුණු විජේරත්නට ඇති බස් රථය කුත් නෑ එයාට ඇති මිනිස්සුත් නෑ එයාගෙ සංගමයත් දැන් විනාශ වෙලා තියෙන්නේ. එයා ඇවිල්ලා රනිල්ගේ යි ගෝඨගේ යි හොරණෑව බවට පත් වෙලා එක එක කතා කියනවා ඒව තුට්ටුවකටවත් ගණන් ගන්න එපා.

 හෙට පෞද්ගලික බස් රථ දුවනවා.. අපි ඒ සම්බන්ධ පෞද්ගලික බස්රථ හිමියෝත් එක්ක කතා කළා.

 නිශ්චිතවම බස්රථ දුවනවා ගැමුණු ඕන දෙයක් ගෙදරට වෙලා කරගත්තු දේ න්

 ලංගම සහ දුම්රිය කම්කරුවන්ගෙන් අපි ඉල්ලනවා මේ වැඩ වර්ජනය වෙනස් කරන්න. මේ වැඩ වර්ජනය කල්දාන්න දින කීපයකට. අරගලය සඳහා එන ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන්න.

 මිනිස්සු මේ පාරට බහින්නේ විනෝදාංශයට නෙමෙයි.

 ඉස්සර ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර කිය කිය ගමට ගියා. ගමට ආවා අපිව බලන්න. අපි ජනාධිපතිවරයාව බලන්න එනවා කොළඹට.

ඒ එනකොට බට දාලා එස්ටීඑෆ් එක දාල මේක නවත්වන්න එපා.

 අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේකට ප්‍රතිරෝධය පාන්න එපා.

 විශේෂයෙන් අපි හමුදාවේ පොලිසියේ කාර්ය මණ්ඩල වලින් ඒවායේ සේවයේ නියුතු නිලධාරීන්ගෙන් ඉල්ලනවා ජනතාවට එරෙහි සමාජ විරෝධී ජනතා විරෝධී තීන්දු කිසිවකට අනුමැතිය දෙන්න එපා. කිසිවකට ඔබ සම්බන්ධ වෙන්න එපා.

 ගලක් අරගෙන එන්න එපා වගේ කතා කියන්න එපා. ඒ කතා කියලා තේරුමක් නෑ. 

 ගල් පාවිච්චි වෙනවද ගඩොල් පාවිච්චි වෙනවද මොනවද පාවිච්චි වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඒකට එරෙහි ප්‍රතිරෝධනය එක්ක

 කොන්ද කඩපු සමාජයක කතාව ඉවරයි. ගාලු මුවදර  තිබුණු උද්ඝෝෂණයට පහර දුන්නට පස්සේ  ජනතාව තීරණය කළා ප්‍රතිප්‍රහාර දෙනවා කියලා. ප්‍රතිප්‍රහාර දුන්න ජනතාවක් ඉන්නේ කියන එක සිහිය තියාගන්න එක හොඳයි. ඒ නිසා සෙල්ලම් පෙන්නන්න එන්න එපා.

 අරගලයට එරෙහි ඕනෑම ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වැළැක්වීම සඳහා අපි මැදිහත් වෙනවා.

 අපි ජනතාවගෙන් ඉල්ලනවා නම වැනිදා උද්ඝෝෂණය සාර්ථක කරමු. මේ ඔක්කොම ගෙදර යවමු. අඩුම තරමේ ගේ ඉස්සරහ හරි උද්ඝෝෂණය කරන්න..

 අපි හෙට පෙන්නමු මුළු රටක ජනතාවක් මේ විරුද්ධ වෙලා ඉන්න කියලා. ඒ බලය හරහා ඕන ඒකාධිපතියෙක් දණ ගස්වන්න පුළුවන්.

 බස්නාහිර පළාතේ ජනතාවගෙන් ඉල්ලනවා පයින් හරි කොළඹට එමු. මේ ජනතාවගේ අරගලයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි අපේ උපරිම සහයෝගය පළ කරනවා.