― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅරගලයේ භාරදූර කර්තව්‍යය ඉටු කරන්න තියෙන්නේ ඉදිරියේ

අරගලයේ භාරදූර කර්තව්‍යය ඉටු කරන්න තියෙන්නේ ඉදිරියේ

අරගලයේ භාරදූර කර්තව්‍යය ඉටු කරන්න තියෙන්නේ ඉදිරියේබව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද10 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

ගෙවුණු අවුරුදු 74 ක කාලයක ජනතා බලය ජනතා පරමාධිපත්‍යය සාමාන්‍ය ක්‍රමවේදයට පිටින් ව්‍යවස්ථාවේ රාමුවට පිටින් ගිහිල්ලා ජනතාව ඉතා සාමකාමි ලෙස ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කරපු අවස්ථාවක්.

 2019 නොවැම්බර් මාසේ ලක්ෂ හැට නමයක් විවිධ දේශපාලන කුමන්ත්‍රණ හරහා ඡන්ද ලබාගෙන බලයට පත්වෙච්ච විධායක ජනාධිපති වරයෙක්.

 අනිත් පැත්තෙන් ඔහුට තුනෙන් දෙකක බලයක් තිබුණා. විසිවන සංශෝධනය හරහා සුවිශේෂී දේශපාලන බලයක් අත්පත් කරගෙන තිබුණා.

 ඒකාධිපතිත්වය හරහා රට විශාල අර්බුදයකට ගෙනගිය මේ ජනාධිපතිවරයාව බලයෙන් පහ කිරීම සඳහා මේ රටේ ජනතාව තමන්ගේ බලය පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියාත්මක කරපු වෙලාවක්.

 මේක ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වගේම ලෝක ඉතිහාසයේ මේක සුවිශේෂී සන්ධිස්ථානයක්.

මේ අරගලයට විවිධ පාර්ශව සහභාගි වුණා. විවිධ ජන කොටස් සහභාගි වුණා. ශිෂ්‍ය ව්‍යාපාරය මේකට සැලකිය යුතු නායකත්ව කාර්යභාරයක් ඉටු කරා.

 ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරන තත්ත්වයක් ඊයේ තිබුණා.

 මේ සියලු කුමන්ත්‍රණ උපායශීලීව උපක්‍රමිකව පරදව මින් මේ මර්දනය කිසිසේත්ම ගණනකට නො ගනිමින් තමන්ගේ අරමුණ වෙනුවෙන් සටන් කරපු ජනතාවක්.

 මේ ජයග්‍රහණය මේ රටේ සියලුම ජනතාවට අයිති. පක්ෂ පාට භේදයකින් තොරව මේක සියලු දෙනාගේම ජයග්‍රහණයක්.

අපි දිගටම කිව්වා පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් දියවන්නාවෙන් එළියෙ බලයක් කොහොමද සමාන්තර බලයක් නිර්මාණය කරන්නේ කියන එක.

 පවත්නා නීති පවත්නා ව්‍යවස්ථා රාමු මේ ව්‍යවස්ථා රාමුවලට පිටින් කිසිම දෙයක් කරන්න බෑ, අපි දැක්කා පහුගිය අරගලයේ මැයි නමවැනි ද කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා මේ අරගලයට යම්කිසි බාධාවක් සිද්ධ වෙච්ච වෙලාවේ සමහර දේශපාලන කණ්ඩායම් දැන් ඉතින් ගෝඨාභය ඉවත් කරන්න බෑ. ගෝඨාභය ඉවත් වෙන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ.

 ඉතාම පරාජිත තැන් වලට යමින් හිටියේ. නමුත් අපි දිගින් දිගටම කිව්වා. අරගලය ජයග්‍රහනය හරහාම තමයි මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රෙජිමය පරද්දන්න ඕනේ.

 ඒ පරාජය කිරීමේ හැකියාව ජනතාවට තියෙනවා. ඒක තමා ඊයේ ජනතාව මේ රටට ලෝකයට ඉගැන්නුවෙ.

 මේ තියන නීතිය දේව වාක්‍ය යක් ලෙස සලකලා මේකෙන් පිට මුකුත් කරන්න බෑ මේ ව්‍යවස්ථාවෙන් පිට මොකුත් කරන්න බෑ කියන මතය අද වන විට මුළුමනින්ම බිඳ වැටිලා තියෙනවා.

 දැන් අලුත් නීතියක්. ජනතාව අතර ගොඩනැගිලා තියෙන සම්මුතිය තමයි නීතිය කියන්නේ. ඒක තමයි ඊයේ වැඩ කළේ.

 මේ නීතිය වෙනස් කළ යුතු තත්ත්වයක් ඇතිවෙලා නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ.

 මේ තියෙන ව්‍යවස්ථාව තුළ මේ පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ උවමනාවන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

 මැතිවරණ ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ.

 මුළුමනින්ම රැඩිකල් ප්‍රතිසංස්කරණ සහිත ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු තත්ත්වයක් ඇවිල්ල තියෙනව.

 ඊට අදාළ බලය ඊට අදාළ සම්මුතිය ජනතාව තුළ ගොඩනැඟිලා තියෙනවා.

සමහර දේශපාලන පක්ෂවල නායකයින් පහුගිය කාලේ කියන්න ගත්තා මේ තියෙන ව්‍යවස්ථා රාමුවෙන් එහාට අපිට මුකුත් කරන්න  බෑ කියලා.

 අපි අහනව මේ ව්‍යවස්ථා රාමුව ඇතුළෙ ද ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම් සිදුවුණේ කියලා. මේ ව්‍යවස්ථා රාමුව ඇතුළෙ ද විධායක ජනාධිපතිවරයාට බලයෙන් පහ කෙරෙන තත්ත්වයක් ඇති වුණේ.

 අපි දන්නෙ නෑ දහතුන් වැනිදා ඉල්ලා අස් වෙනවා කියලා තව කුමන්ත්‍රණයක් අටවයි ද කියලා.

 මේ ගොල්ලන්ගෙ දේශපාලන ඉතිහාසය මේගොල්ලන්ගේ පැටිකිරිය ඒ තරම් හොඳ එකක් නෙමෙයි.

 කවුරු ආණ්ඩු කළත් ඔවුන්ට සිද්ධ වෙනවා අරගලයේ අපේක්ෂාවන් සමග සම්මුතියකට එන්න.

අරගලය ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළට අපි එකඟයි. රනිල් වික්‍රමසිංහ දැන් අයින් වෙන්න වෙලා තියෙන්නේ.

 පොදුජන පෙරමුණේ නායකයෝ හිතනවනම් ආයෙ සැරයක් තමන්ට පාර්ලිමේන්තුවෙ තියෙන බලය පාවිච්චි කරලා ආපහු සැරයක් මේක ඇතුළේ කුමන්ත්‍රණ කරන්න හිතනවානම් අපි කියනවා ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ.

 පොදුජන පෙරමුණේ ජනවරමත් අවසන්.

 දැන් තියෙන්නේ අලුත් නීතියක්.

 තමන්ට කැමති දේවල් ජනතාවට විරුද්ධ දේවල් කරන්න පුළුවන් තත්ත්වය අහෝසි කරන්න ඕනේ. ජනතාවට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවල ගන්න ඕන තීරණයක් ප්‍රශ්න කරන්න වෙනස් කරන්න ප්‍රජාතාන්ත්‍රීය ලෙස ඒකට මැදිහත් වෙන්න ක්‍රමවේදයක් අපි නිර්මාණය කරන්න ඕනේ.

 කොහෙද මේක ලෝකයේ තියෙන්නෙ ලෝකයේ කොහෙවත් නැත්තං අපි පටන් ගමු.

අපි පටන් ගමු ලංකාවේ කියලා කියන්නේ.

මේ අරගලයේ එක පියවරක් සම්පූර්ණ වුණා. මේ අරගලය බොහෝ කාලය ක්‌ ඉස්සරහට යනවා. මේ අරගලය නතර කරන්න පුළුවන් අරගලයක් නෙමෙයි.

 අරගලයේ භාරදූර කර්තව්‍යය ඉටු කරන්න තියෙන්නේ ඉදිරියේදී.

 මුළු පාර්ලිමේන්තුවට තිබූ ජනවරම එක්තරා ආකාරයකට අවසන් වීමක් තියෙන්නේ. දැන් තියෙන ජනවරම තියෙන්නේ ජනතාවගේ අරගලයට.

 ජනතාවට හදිසි ආර්ථික සහන අවශ්‍යයි. මහ බැංකු අධිපතිවරයා කියනවා ඩොලර් විතරක් නෙමෙයි දැන් රුපියලුත්නෑ  කියලා අපි කිව්වා රුපියල් හොයන විදිය.

 ධන කුවේරයෝ හංගපු සල්ලි ටික ගන්න. බදු නොගෙවු  වංචා කාරයන් ගේ බදු අත්පත් කරගන්න.

 බදු ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න.

 සුපිරි ධන කුවේරයන්ගෙන් විශේෂ බදු අය කරගන්නා ක්‍රම වේදයක් සකස් කරන්න.

 මේ හදිසි කෙටි කාලීන ආර්ථික වැඩපිළිවෙළේ තියෙන කරුණු.

 ජනතාව සංවිධානය වෙලා මේ කරපු අරගලය මේ ක්‍රියාවලිය මේ සංස්කෘතිය අපි දිගින් දිගටම රට ඇතුළේ ස්ථාවර බලයක් බවට පත් කිරීම සඳහා අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් ගොඩ නැගීමේ ක්‍රියාවලිය මීට සමාන්තරව පවත්වාගෙන යනවා.

 රට අස්ථාවර වීම සම්බන්ධ ප්‍රශ්නයක් නෑ. කිසිම අරාජික වීමක් නෑ. ලක්ෂ ගණන් ජනතාව ඇවිල්ලා කසිදු දේපළකට හානි කරන්නේ නැතිව තමන්ට වෙඩි තියද්දී මරණීය තුවාල සිදු කරද්දී  අතේ ගල් කැටයක් වත් නැති ව සාමකාමී ලෙස කොහොමද අරගලය ජයග්‍රහණය කරන්නේ කියන එක ලංකාවට ලෝකයටත් උගන්වලා තියෙන්නේ.

 හැමදාම ජනතාවට විවේචනය කරා අපේ රටේ ජනතාව රැවටෙනවා අපේ රටේ ජනතාවට ඉතාම ඉක්මනින් අමතක වෙනවා කියලා.

 නෑ මේ රටේ ජනතාව ලෝකයටම ඔප්පු කරලා තියෙනවා කොහොමද සටන් කරන්නේ කොහොමද ඉවසීමෙන් සටන් කරන්නේ කොහොමද ඉවසීමෙන් සටන් කරලා ජයග්‍රහණ එකින් එක එකින් එක ලබාගන්නේ කොහොමද පසු බහින්නේ නැවත පෙරලා සටන් කරන්නෙ කොහොමද කියන පණිවිඩය දැන් උගන්වලා තියෙන්නේ.