― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකවුරු බලයට පත් වුනත් අරගලය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙලට අනුව කටයුතු...

කවුරු බලයට පත් වුනත් අරගලය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙලට අනුව කටයුතු කල යුතුයි

කවුරු බලයට පත් වුනත් අරගලය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙලට අනුව කටයුතු කල යුතු බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද 16 දින කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසීය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි දිගින් දිගටම අවධාරණය කළා අරගලය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල.

 ඒ ක්‍රියාකාරී සැලසුමට අනුව කටයුතු කරන්න කියලා. කවුද බලයට පත් වෙන්නේ කියලා අපේ නිර්දේශයක් නැහැ.

 පොදුජන පෙරමුණු ආණ්ඩුවට දූෂිත ආණ්ඩුවට මේ රට මෙතරම් ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වයට ඇදලා දාපු අයට නැවත දේශපාලන වශයෙන්  සදාචාරමය වශයෙන් ආචාර ධාර්මිකව ඔවුන්ට නැවත දේශපාලන බලය හොබවන්න අයිතියක් නැහැ.

 පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ තියෙන ඉලක්කම් හරඹ පාවිච්චි කරලා නැවත සැරයක් බලේ ඉන්න හිතනවා නම් අපි හිතනවා ඒකට බරපතළ ජනතා විරෝධයක් මතු වෙන්න නියමිතයි.

 ගෝඨාභයට සිද්ද උනා තමන්ට හිමි වෙලා තිබුණ ජනවරම අහෝසි යි කියලා පිළිගන්න.

 අවසානයේ දී ඔහුට රටින් පළා යන්න සිද්ධ වුණා.මේ යථාර්ථය මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු නැවත සැරයක් අර දූෂිත බලය තහවුරු කරන්න උත්සාහ දරන කණ්ඩායම් මේක වටහා ගත්තොත් හොඳයි.

රටේ අරාජිකත්වය මතු නොවෙන්න නම් රට ඉස්තාවර වෙන්න නම් කරන්න තියෙන පළමු කාරණය තමයි අරගලයත් එක්ක සම්මුතිගත වෙන එක.

 මේ රටේ විවිධ තානාපති අංශ නියෝජනය කරන අයට කියනවා ජාත්‍යන්තරයට කියනවා මානව හිමිකම් සංවිධාන වලට කියනවා මේ රටේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවනම් ස්ථාවර රජයක් එක්ක ගනුදෙනු කරන අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ජන අරගලයේ අභිප්‍රායන් සමග සම්මුතිගත වන ආණ්ඩුවක් එක්ක තමයි මේ ස්ථාවරත්වය ගොඩ නඟන්න පුළුවන්.

 පොදුජන පෙරමුණේ ම අවශ්‍යතාවයන් ඉටු කරන්න ගොඩනඟන රනිල් වික්‍රමසිංහ එක්ක සම්මුතිගත වීමෙන් නෙමෙයි.

 අපි කැමතියි නිර්පාක්ෂික ජනාධිපති වරයෙක් පත් වෙනවා නම්.

නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් පත් කර ගන්න ක්‍රම ගොඩක් තියෙනවා පාර්ලිමේන්තුවෙන් පිට කෙනෙක්ව ජාතික ලැයිස්තු වලින් පත් කරගන්න පුළුවන්.

 ඒකට සහය දෙන්න පුළුවන් දේශපාලන පක්ෂවලට.

 එහෙම වුනොත් මේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කර ගැනීමේ පහසුවක් තියෙනවා. දේශපාලන පක්ෂ අභිලාෂය කින් තොර අයෙක් ජනාධිපති වෙනවා නම් ඒ වගේම අගමැති වෙනවා නම් අපි හිතනවා ඒක මේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඒක පහසුවක්.

 ජනාධිපති බලතල පළවෙනි පියවරේදී පුළුවන් තරම් අඩු කරල දෙවැනි පියවරේ දී අළුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා ඒක පහසුවක් වෙයි.