― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරනිල් වික්‍රමසිංහ අටවෙනි ජනාධිපති නෙමෙයි අටවපු ජනාධිපති 

රනිල් වික්‍රමසිංහ අටවෙනි ජනාධිපති නෙමෙයි අටවපු ජනාධිපති 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අටවෙනි ජනපති නොව අටවපු ජනපති කෙනෙක් බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසයි.

වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර

අරගලයෙන් පැන්නුවාට පස්සේ විධායක ජනාධිපතිවරයාව නව ජනාධිපතිවරයෙක් පත්කරගන්න රනිල් වික්‍රමසිංහ ගේ නමත් යෝජනා වෙනවා.

රනිල් වික්‍රමසිංහ පත්වෙන්නේ මහින්ද රාජපක්ෂ එලෙව්වට පස්සේ රාජපක්ෂලා ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමට තමයි රනිල් වික්‍රමසිංහ පත්වෙන්නේ.

මහින්ද රාජපක්ෂලා හිටියෙ හැංගිලා රාජපක්ෂ පවුලේ කිසි කෙනෙකුට දේශපාලනය කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුනේ.

ගෝඨාභය රාජපක්ෂලාගේ ආරක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ පත් වුණා.

මැතිවරණයෙන් පරාජයට පත්වෙලා ඡන්ද ගත්ත නැති මිනිහෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ ඡන්ද 134 ක් අරගෙන.

 රනිල් වික්‍රමසිංහ ටයි ගෝඨාභය රාජපක්ෂ ටයි දෙන්නටම ගෙදර යන්න කියලා කියද්දි මේ පාර්ලිමේන්තුවට බැරි වුණා ඒ ජනමතය නියෝජනය කරන්න.

 මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අසමත්.

 බලය තියෙන්නේ තවදුරටත් පාර්ලිමේන්තුව ඇතුළේ නෙමෙයි. බලය තියෙන්නෙ දියවන්නාවෙන් එලියේ.

 මොහු තමයි 8 වෙනි විදායක ජනාධිපතිවරයා අපි දැක්කා මේ වෙද්දි අටවපු ජනාධිපති ජනාධිපති පුටුව මෙයා අ ට වල තියෙන්නේ.

 අටවෙනි ජනාධිපති නෙමෙයි අටවපු ජනාධිපති කියලා කියන්නේ මෙයාට.

 මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින්.මේ පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ ම කියනවා එයාට වගකියන්න පක්ෂයක් නෑ.

 එයාට වග කියන්න කෙනෙක් නැහැ වගකියන්න මන්ත්‍රී කණ්ඩායමක් නෑ.

 පහුගිය කාලේ ක්‍රියාත්මක වෙච්ච ජනතා නැගිටීම් වලට එරෙහිව ක්‍රියා කරනවා කියලා රනිල් වික්‍රමසිංහ කෙලින්ම කියනවා.