― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocal ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත බල මුළු ගැන්වෙන්න ඕනා.

 ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත බල මුළු ගැන්වෙන්න ඕනා.

 ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත බල මුළු ගැන්විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මහතා පවසයි.

ඊයේ 22 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කුමාර් ගුනරත්නම් මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්

රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධුරයේ බලය පෙන්වීම සඳහා ඉතාම තිරස්චීන ප්‍රහාරයක් ගෝල්ෆේස් සාමකාමී අරගල කරුවන් වෙත මුදා හැරියා.

දින සීයකට වැඩි ගණනක් ඉතාම සාමකාමී අන්දමින් මේ අරගලය දිගින් දිගට ක්‍රියාත්මක වුණා.

 ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ අද වන විට ව්‍යවස්ථාවේම සඳහන් පුද්ගලයින්ගේ භාෂණය සහ උද්ඝෝෂණ කිරීමට ජනතාවට ඇති අයිතිය  මුග්ධ ප්‍රහාරය හරහා අභියෝගයට ලක් කරා.

 අපි මෙම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා මේ ප්‍රහාරය බියසුළු සහ නිවට ප්‍රහාරයක්.

 පාර්ලිමේන්තුවේ පහුගිය ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී අපි දැක්කා මේක පැහැදිලිවම කුමන්ත්‍රණ ආණ්ඩුවක්

.

 රාජපක්ෂවාදය සරණගිය රාජපක්ෂවරුන්ගේ මුදල් මත තීන්දු තීරණ ගන්න රාජපක්ෂවාදය ට ගොදුරු වෙච්ච දූෂිත මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු කොහොමද නැවත සැරයක් රනිල් වික්‍රමසිංහගේ පහනෙන් එලිය බලන්න කටයුතු කරලා තියෙන්නෙ කියලා.

 රනිල් වික්‍රමසිංහ ගේ අගමැති ධුරය වගේම ඔහුගේ ජනාධිපතිධූරය ප්‍රජාතන්ත්‍ර විරෝධී.

 සදාචාර විරෝධී.

2020 මහ මැතිවරණයේදී ජනතාවගේ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වෙන්න අසමත් වෙච්ච ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න වසරකට වැඩි කාලයක් ගත කරපු පුද්ගලයෙක් අද වෙනකොට ජනාධිපතිධුරයට පත් වෙලා තියෙනවා.

 මේක ප්‍රජාතන්ත්‍රවාදය රටේ ජනතාවගේ ජනමතය රටේ ජනතාවගේ දේශපාලන අභිලාශය මුළුමනින්ම විකෘතියට පත් කිරීමක්.

 එවැනි ජනාධිපතිවරයෙක් අද වෙනකොට මේ රටේ ජනතාවට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් ඉන්නවා.

 මෙයාට මේක එතරම් නුපුරුදු දෙයක් නෙමෙයි අපි දන්නවා 1983 1987 89 වකවානුවේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භූමිකාව සම්බන්ධ බරපතළ විවාදයක් තියෙනවා.

 ඒ ගැන මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනවා.

 ඊයේ පාන්දර එල්ල වෙච්ච ප්‍රහාරය මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සමහර ආරක්ෂක අංශවල පුද්ගලයෝ කියාගත්ත සමහර පුද්ගලයන් මුහුණු ආවරණය කරමින් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස තමයි ඔවුන් මේ ප්‍රහාරය යෙදුණේ.

 අරගලේ නිරත වෙලා හිටපු සාමාන්‍ය ජනතාවට එරෙහිව එල්ල කරපු මේ තිරස්චීන ප්‍රහාරය මෙහෙයවපු පුද්ගලයෝ හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන් වෙස් වලාගෙන ඇවිල්ල කරපු පහරදීමක් ලෙස අපිට පේනවා.

 සමාජ මාධ්‍ය වල මේක සැලකියයුතු ආකාරයකට ප්‍රචාරය වුණා.

 සමහර ආරක්ෂක අංශ පුද්ගලයින් මේක වළක්වන ආකාරයකුත් අපි දැක්කා. අපිට පේනවා මේක යම්කිසි ආකාරයකින් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උවමනාවට මේ ප්‍රහාරය මෙහෙයවපු බවක් අපිට පේනවා.

 මේ රටේ සබුද්ධික ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේකට මුහුණ දීම සඳහා අපි සංවිධානාත්මකව පෙරට ආ යුතුයි.

පැරණි දූෂිත රාජපක්ෂ රාජ්‍ය යන්ත්‍රය ම නැවත සැරයක් වෙනත් මුහුණුවරකින් තහවුරු වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ගේ කුමන්ත්‍රණ මැද්දේ.

 මේ රටේ ජනතාව අසල්වැසි රාජ්‍යයන් ගේ පොදු මහජනතාව ප්‍රගතිශීලී චින්තනයක් සහිත දේශපාලන පක්ෂ සංවිධාන අනිත් පැත්තෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානත් මේ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු වෙනවා.

 මේ වෙලාව  ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක්.

 ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත බල මුළු ගැන්වෙන්න ඕනා.

 පාර්ලිමේන්තුවෙන් පිටත සංවිධානය වෙන්න ඕනා.

 ඡන්දය දීමෙන් පමණක් තමන්ගේ දේශපාලන කටයුතු අවසන් කරන ජනතාවක් වෙනුවට අඛණ්ඩ ඒ දේශපාලන ක්‍රියාකාරීත්වය නියැලෙන ජනතාවක් බවට අපි පත් වෙන්න ඕනා.

 පහුගිය කාලේ අපි දැක්කා මේ රටේ ජනතාව වේගයෙන් දේශපාලන ක්‍රියාකාරීත්වයට අවතීර්ණ වුණා.

 අපි හිතනවා ජනතාවගේ ඒ විභවය තාම තියෙනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ජනතාවගේ ක්‍රියාකාරීත්වය තව ඉදිරියට වර්ධනය කරමි න් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජය කිරීම සඳහා පැහැදිලිව මැදිහත් වෙනවා ඒකට නායකත්වය දෙන්න අපි සූදානම්.

 අපි ඉල්ලා හිටිනවා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් මේ කුමන්ත්‍රණ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමු.

 රනිල් ප්‍රමුඛ මේ කුමන්ත්‍රණ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන මේ ව්‍යාපාරය වටා ඒකරාශී වෙන්න.ජනතාවාදී පාලනයකට අවශ්‍ය පසුබිම ගොඩ නැඟීම සඳහා සෑම සියලු දේශපාලන කණ්ඩායමකටම දේශපාලන ව්‍යාපාරයකටම වගකීමක් තියනවා.