― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalවෙඩි තියද්දී වෙඩි පාර කාගෙන ජනාධිපති මන්දිරය වටලපු ජනතාවක් මේ රනිල්ලා ඇවිල්ල...

වෙඩි තියද්දී වෙඩි පාර කාගෙන ජනාධිපති මන්දිරය වටලපු ජනතාවක් මේ රනිල්ලා ඇවිල්ල අත්අඩංගුවට ගන්නවා කිවුවහම බය වෙයි ද ?

අරගලයේ නිරත ජනතාව මර්දනයෙන් නතර කල නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 26 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

අරගලය ලංකාවේ ලක්ෂ 220 ක ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවට පස්සේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ජනතාවට හිමි කරලා දීලා තියෙනවා.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාලනයට නීති සම්පාදනයට දීලා තිබූ අසීමිත බලතල දීලා තිබුණු යුගය අවසන් කරමින් ජනතාවගේ මැදිහත්වීමක් ජනතාවගේ නියාමනයක් ජනතාවට ඒවට අතපොවන්න අවශ්‍යයි කියන එක මේ අරගලය හරහා මතු වෙලා තියනවා.

 ඒ නිසාම රාජ්‍යයට වඩා සමාජය ශක්තිමත් වෙමින් යනවා.මහජන අරමුදල් සම්බන්ධයෙන් සියලු දෙනාට වග වෙන්න වෙන තත්ත්වයක්අරගලය විසින් ඇති කරල තියෙනවා.

ඊයේ රෑ අද පාන්දරට වෙන්න හතර දෙනෙක් ව අත්අ ඩංගුවට අරගෙන, අත්අඩංගුවට අරගෙන තියෙන්නේ බණ්ඩාරනායක පිලිමය ගාව හිටිය කියලා.

 පිලිමය ගාව හිටියා කියලා අත්අඩංගුවට ගන්න බෑනෙ. මේ විදියේ බියගැන්වීම් කරන්න හදනවා.

 අත්අඩංගුවට අරගෙන බය වෙයි ද වෙඩි තියද්දී වෙඩි පාර කාගෙන ජනාධිපති මන්දිරය වටලපු ජනතාවක් මේ රනිල්ලා ඇවිල්ල අත්අඩංගුවට ගන්නවා  කිවුවහම බය වෙයි ද.

 මේ අරගලය පොදුවේ ගත්තොත් එහෙම රාජ්‍ය  සහ සමාජය අතර සිදුවෙන බල හුවමාරුවේදී සමාජය සතු බලය කියන එක රාජ්‍ය  ඉක්මවලා වැඩි කරලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ඇවිල්ල ජනතාවගේ එක ප්‍රශ්නයක්වත් විසඳුවෙ නෑ.

 ඒ වෙනුවට එක පැත්තකින් රාජපක්ෂලා බේරගන්න එක කරා රාජපක්ෂලා බේරගන්න වැඩේ හරහා තමන් බේරුනා.

 මහබැංකු වංචාව ඇතුළු ඒ තිබුණු චෝදනා වලින් නිදහස් වෙන්න පාර කපා ගත්තා 

මහින්ද රාජපක්ෂ අරගලය විනාශ කරන්න කියලා කරපු වැඩෙන් අන්තිමට වුණේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනය විනාශ වුණා. පොහොට්ටුව ඉවර කරා මහින්ද රාජපක්ෂ.

 අරගලය ඉවර කරනවා කියලා හිතාගෙන ඇවිල්ල රනිල් වික්‍රමසිංහ මොකද කළේ හමුදාව සම්බන්ධ තියෙන සමාජ සුජාතභාවය ඉවර කරලා දැම්මා.

රනිල් වික්‍රමසිංහට ඉතාම කරුණාවෙන් කියන්න තියෙන්නේ අපිට ඔයාව දැක්කහම බය හිතෙන්නෙ නෑ.

 ඔයාව දැක්කහම හිනා යනවා ඔයා ජෝකර් කෙනෙක්.

 ඔයා කවුද ගෝඨාභය රාජපක්ෂ එක්ක බලද්දි.