― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalවිපක්ෂයේ අයට අපි කියනවා සර්වපාක්ෂික අටමගලය පැත්තකට දාලා රටේ ජනතාවගේ ජන...

විපක්ෂයේ අයට අපි කියනවා සර්වපාක්ෂික අටමගලය පැත්තකට දාලා රටේ ජනතාවගේ ජන මතයත් එක්ක හිටගන්න

සර්වපාක්ෂික ආණ්ඩු හැදීම පැත්තකට දාලා රටේ ජනතාවගේ ජන මතයත් එක්ක සිට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක මහතා පවසයි.

අද 04 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවතිමාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක

 හොර පාරෙන් ඇවිල්ලා ජනාධිපති වෙලා, රනිල් වික්‍රමසිංහ අරගෙන යන හොර වැඩේ සුජාතභාවය දෙන්න තමයි මේ හදන්නේ.

 අරගලය සුනුවිසුනු කරන්න එක පැත්තකින් වැඩ කරන ගමන් ආණ්ඩුව හදනවා තමන්ගේ හොර නඩයක් එක්ක එකතුවෙලා සියලුම දේශපාලන පක්ෂ   එ කට එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න.

 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පරණ කතා ආපහු කියන්න ලෑස්ති නම් එයා හදන්න ඕන සම්මුතිය ඔය හොර නඩය එක්ක නෙමෙයි.

 හදන්න ඕන ජනතාවත් එක්ක ජනතා සම්මුතියක්.

 ජනතාවගේ අපේක්ෂාවක් තිබ්බා වඩා සාධාරණය ඉෂ්ට වෙන යුක්තිය ඉෂ්ට වෙන සමාජයක් හදන්න ඕන කියලා.

 මේ රටේ ජනතාව උද්ඝෝෂණ කැඳෙව්වේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමා ජේ ආර් ජයවර්ධන හැත්තෑ අටේදී හයෙන් පහක බලයක් අරගෙන ඇවිල්ලා කලින් තිබුන හැත්ත දෙකේ ව්‍යවස්ථාව පැත්තකට දාලා අලූත් ව්‍යවස්ථාවක් හදා ගන්න කොට  හැත්තෑ අටේ ව්‍යවස්ථාව එකපැත්තකින් තුන් වෙනි වගන්තියෙ මේ විදිහට කියවෙනවා

 ජනතා පරමාධිපත්‍ය ගැන ශ්‍රී ලංකා ජන රජයේ ජනතා පරමාධිපත්‍ය ජනතාව සතු වන්නේය.. ජනතාව ගාව තියෙන ජනතා පරමාධිපත්‍ය ඉතාම ටික කාලයකට ඡන්දයෙන් මේ ගොල්ලෝ අතට පත් වෙනවා.

 හැට නම ලක්ෂයෙන් ජනාධිපති වෙච්ච ගෝඨාභය මහත්තයට මේ ජනතා පරමාධිපත්‍යය රකින්න බැරි වුණා.

 වියවස්තා හදන්න බලය දෙන්නේ පුටුවේ වාඩිවෙන්න බලය දෙන්නේ රටේ ජනතාව. ඒ ජනතාව කියනවනම් උඹලා තවදුරටත් වලංගු නෑ උඹලා පිළිගන්න ලෑස්ති නෑ කියලා හොර පාරෙන් ඇවිල්ලා ජනාධිපතිකම් කර කර මර්දනයට ලෑස්ති වෙන්න එපා මහත්තයෝ.

 එයා එක එක වර්ගීකරණයන් එක එක වෙලාවට ගේනවා. එක වෙලාවකට කියනවා මේගොල්ලෝ ෆැසිස්ට් කට්ටිය කියලා

 දැන් අපි අහනව බීර වීදුරුවක් අරගෙන ආපු කෙනෙක් පුටුවේ වාඩි වෙච්ච කෙනෙක් පුටුවේ වාඩි වෙච්ච කෙනා තමන්ගේ වගකීම ඉෂ්ට නොකර හොර පාරෙන් පැනලා ගියාට පස්සේ  ඒකට කඩා වැදුණු මිනිස්සු පුටුවෙ වාඩි උනහම අපි අහනව මොකක්ද තියෙන ප්‍රශ්නය.

 ඒක සාපරාධී වරදක් ද ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්ද.

 ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරේ කවුද රට බංකොලොත් භාවයට පත් කලේ කවුද.

 රටේ ජනතාව තමන්ගේ අනාගතය වෙනුවෙන් පාරට ආවේ.

 විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වලට අපි කියනවා රටේ ජනතාවගේ ජනමතයක් තවදුරටත් සලකනවා නම් මේ සර්වපාක්ෂික අටමගලය ට ඔයගොල්ලන්ට එකතු වෙන්න බෑ.

 සර්වපාක්ෂික අටමගලය පැත්තකට දාලා රටේ ජනතාවගේ  ජන මතයත් එක්ක හිටගන්න කියලා අපි විපක්ෂයේ මහත්තුරුන්ට කියනවා.

.

 භීතිය වපුරන්න පටන් අරගෙන එක පැත්තකින් පැතුම් කර්නල්ග න්නවා. අරගලයට දායක වෙච්ච තරුණ තරුණියන් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ව භීතියට පත් කරනවා..

 වෘත්තීය සමිති නායකයන් වත් අඩංගුවට ගන්නවා. මේ ක්‍රියාවට එරෙහිව අපිට සාමූහික අරගලයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.

 අරගලයේ ආරක්ෂාව අරගලයේ අපේක්ෂාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉස්සරහට යන්න ඕන අරගලයක් තියෙනවා කියලා අපි හිතනවා.

 විශේෂයෙන් 6 වෙනිදා වෙනකොට වෘත්තීය සමිති නායකයෝ විපක්ෂයේ දේශපාලන ක්‍රියාධරයෝ,  ශිෂ්‍ය ව්‍යාපාර, ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයින් සියලු දෙනාම එකතුවෙලා අරගලය නැවත පටන් ගැනීම සඳහා ආරම්භයක් තියෙනවා.

 දින ගණන් වලින් ඉස්සරහට යන්න බැරි මාස ගණන් වලින් ඉස්සරහට යන්න බැරි ආණ්ඩුවක් තමන්ගේ හෙළුව වහගන්න පටන් ගත්ත ගැලවිජ්ජාව තමයි මේ අත්අඩංගුවට ගැනීම් කියලා කියන්නේ.

 ඒවාට එරෙහිව සාමූහිකව අරගලයට එකතු වෙන්න කියලා අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඉල්ලනවා.