27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalගෝඨාභයට ලංකාවේ දොර විවර කරමු - අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය

ගෝඨාභයට ලංකාවේ දොර විවර කරමු – අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකාවේ දොර විවර කල යුතු බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුෂාන්ත පවසයි.
මේ බව සදහන් කරමින් අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුෂාන්ත සමාජජාල ගිණුමේ තැබු සටහන …

ගෝඨාභයට ලංකාවේ දොර විවර කරමු – ජනාධිපති තනතුරට වගවීමේ ක්‍රියාවලියක් නිර්මාණය කරමු ‼️

රටින් පලාගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය කඩිනම්ව මැදිහත් වීය යුතු බවට අප විශ්වාස කරමු.

ගෝඨාභය ජනාධිපති ලෙස පත් වීමට පෙර පැවති නඩු නැවත විමසීමටත්, ඔහුට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් රටේ පවතින නීති රීති අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් එසේ ගෙන්වා ගැනීමෙන් පසු පුරවැසියන්ට අවස්ථාව ලබා දිය යුතුව තිබේ.

එසේම ජනාධිපතිවරයා වෙත ඇති මුක්තිය ඉවත් කිරීමටත් එම තනතුර දරන අවස්ථාවේ ගන්නා ලද තීන්දු අභියෝගයට ලක් කිරීමත් ඒ වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලියක් ඇති කිරීමත් ඉතා වැදගත් වනු ඇත. මන්ද පාලකයන්ගේ හිතුවක්කාරී සහ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමේ වින්දිතයන් බවට මෙරට පුරවැසියන් වන අප පත් වී ඇති බැවිනි.

ස්තුතියි.

මීට,
විශ්වාසී,

විමුක්ති දුෂාන්ත – සභාපති
අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය