― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅර්ජුන් ඇලෝසියස්ගේ සුරාබදු බලපත්‍රය අහෝසි කරාට පස්සේ ජනාධිපති ගේ බලතල පාවිච්චි කරලා...

අර්ජුන් ඇලෝසියස්ගේ සුරාබදු බලපත්‍රය අහෝසි කරාට පස්සේ ජනාධිපති ගේ බලතල පාවිච්චි කරලා ඒක නැවත දීලා – රනිල් වික්‍රමසිංහ මේ ගැන මොකද කියන්නේ ?

අර්ජුන් ඇලෝසියස්ගේ බදු වංචා කිරීම් නිසා අහෝසි කල සුරාබදු බලපත්‍රය නැවත ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

adha 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

පුවත්පත් වාර්තා කරලා තියෙනවා බිලියන 1.5 ක පොලු තැබූ අර්ජුන් මහේන්ද්‍රන්ට අරක්කු ලයිසන් .

 දැන් මේ අර්ජුන් ඇලෝසියස් කියලා කියන්නේ කුප්‍රකට මෙන්ඩිස් සමාගමේ හිමිකරුවා. ඒවගේම කුප්‍රකට බැඳුම්කර වංචාවට සම්බන්ධ කෙනා.

 රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුව කාලේ අර්ජුන් ඇලෝසියස් එක එකතුවෙලා මහ බැංකුව  කොල්ලකෑවා. දැන් ඔහු පිනට ජනාධිපති වුණාට පස්සේ ඒ ජනාධිපතිකම පාවිච්චි කරලා අර්ජුන් ඇලෝසියස් ල  බදු ගෙවන්නේ නැතිව බැංකුවලට පොලු තියලා මහා පරිමාණ වංචා කරපු නිසා අත් හිටවලා තිබුණු මත්පැන් බලපත්‍රය නැවත ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.

 මේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන්නේ බිලියන 1.5 ක සුරාබදු.

 බිලියන 1.4 ක ආදායම් බදු ගෙවීම පැහැර හැරලා තියෙනවා. ගෙවිය යුතු සමස්ත බදු මුදල තියෙනවා රුපියල් කෝටි 260.

 මෙන්ඩිස් සමාගම බැංකුවලට පොලු තියලා තියෙනවා. මහජන බැංකුවෙන් රුපියල් බිලියන පහක්. රුපියල් කෝටි 500ක ණය අරන් ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 300 ක ණය අරන් පොලු තියලා.

 ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ රුපියල් බිලියන දෙකක. පීපල්ස් ලීසිං සමාගමට රුපියල් මිලියන 400ක් පොලු තියලා අර්ජුන් ඇලෝසියස් සමස්ත බැංකු වලට වංචා කරපු මුදල ගත්තහම මහ බැංකුව නෙමෙයි මහ බැංකුව කොල්ල කාලා ඉවර වෙලා බැංකු වලට පොලු තියලා තියෙනවා රුපියල් බිලියන 10.4.

 රුපියල් කෝටි දාහක් පොලු තියලා.

 සුරාබදු බලපත්‍රය අහෝසි කරාට පස්සේ ජනාධිපති ගේ බලතල පාවිච්චි කරලා ඒක නැවත දීලා.

 රනිල් වික්‍රමසිංහ මේ ගැන මොකද කියන්නේ.