27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල්ගේ චණ්ඩි පාර්ට්

බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල්ගේ චණ්ඩි පාර්ට්

සිරකරුවෝත් මනුෂ්‍යයෝය යන වදන බන්ධනාගාර තාප්පයේ ලොකු අකුරින් සටහන් කර තිබේ.

එහෙත් එම වදන මෙම කාලය වන විට වෙනස්විය යුතුව ඇතැයි අපට හැඟී යයි. බන්ධනාගාර නිලධාරීන්ද මනුෂ්‍යයෝ ලෙස වෙනස් විය විය යුතුව ඇති බව බන්ධනාගාර නිලධාරීන් පවසති.

මෙම කතාවට පාදක වන්නේ කොළඹ රිමාන්ඩ් බන්දනාගාරයේ රාජකාරියෙහි නිරතවී සිටී ජේලර්වරුන් දෙදෙනෙකු ගේ හිසට රාජකාරි ගිනිඅවිය තබා අතිරේක බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර විසින් තර්ජනය කිරීමක් සම්බන්ධවය.

මැති ඇමැතිවරුන් ගිනි අවි රැගෙන බන්ධනාගාරය තුළ රඟ දැක්වීම් සිදු කළ අවස්ථා එමටය.

ඒවා මාධ්‍ය මඟින් අප දැක තිබේ. එහෙත් මෙම සිදුවීම පිටුපස තිබෙන කතාව ඉමහත් සෝචනීය .

බන්ධනාගාර නිලධාරියකු තමන්ට වූ සිදුවීමක් බන්ධනාගාර සටහන් පොතේ සටහන් කල පසු එයට බන්ධනාගාර ප්‍රදාන ජේලර් වරයා සහ අධිකාරීවරයා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සටහන් දැමිය යුතු ය.

එහෙත් බන්ධනාගාර මූලස්ථානයෙන් එල්ල වූ පීඩනය හමුවේ ඔවුන් එම රාජකාරිය පැහැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මේ වන විට බන්ධනාගාර ජේලර්වරුන් දෙදෙනා පොලිසියකට යාමත් නොහැකි තත්ත්වයක ජීවිත අවදානමක සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ට බන්ධනාගාර ඉදිරි දියුණුව සම්බන්දයෙන් ඇත්තේ ඉතාමත් අවංක සිතුවිල්ලකින් කටයුතු කිරීමේ අදිටනකි.

මේ වනවිට මුලස්ථානය දුෂිතයින්ගෙන් පිරී ගොස් ඇති බැවින් ඔහුට එම කටයුත්තට ලගා වීම අපහසු වී ඇත.

මාධ්‍යවේදියා විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගේ පහසුව උදෙසා ඉදිරියේදී අනාවරණයන් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමු.