― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsLocalඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දිනකට රුපියල් කෝටි 8 ගානේ පාඩුයි ! ...

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දිනකට රුපියල් කෝටි 8 ගානේ පාඩුයි ! ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයුතු ලාභයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දිනකට රුපියල් කෝටි 8 ගානේ පාඩුසිදුවන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඊයේ 29දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඛනිජ තෙල් අර්බුදය දෙයාකාරයි. ඛනිජ තෙල් මිල දරන්න බැරි විදියට ඉහළ ගිහිල්ලා. ඒ අතර නැවත ඛනිජ තෙල් හිඟයක් ඇති වෙමින් තියෙනවා.

ආණ්ඩුව කිව් ආර්එ කක් හදලා දුන්න කියල ලොකු පුරසාරම කියමින් හිටියා 

 තෙල් මිල කොතරම් ඉහළ ගියත් මෙන්න මේ අහවල් ගාන තමයි කොමිෂන්එ කේ උපරිම ගාන තෙල් මිල කොච්චර පහත ගියත් මෙන්න මේ අවම ගාන  තමයි තෙල් මිලේ අවම කමිෂන් එක ලෝවර් කැප් අපර් කැප් කියලා නිර්දේශයක් කරනවා.

 මේ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවේ. තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා වේ 2019 ජූලි 30  දිනැති සියයට තුනක් කරද්දි කමිශන් එක අපර්කැ ප් එක සහ ලෝවර් කැ    ප් එක නම් කරලා තියෙනවා .

 මේකෙ වෙනසක් වෙන්න පටන් ගත්ත 2021 ජූනි විසි එක් වැනි දා ඉන්ධන මිල සංශෝධනය ක් සිද්ධ වුණා.

 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක කොමිෂන් එක වැඩි කළ හැකි උපරිම මිල රුපියල් එකසිය හැත්තෑ වෙන් සියයට පහක්. නමුත් තෙල් මිල 184 දක්වා වැඩි වුණාම රුපියල් 184 න් 5% ක් ගානේ කොම්ෂන් 1 දීලා තියනවා.

 ජුනි 11 මධ්‍යම රාත්‍රියේ සිට තමයි පටන් ගන්නෙ. මුලින්ම 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා දියයුතු කමිෂන් එකට වඩා වැඩි කමිෂන් එකක් තෙල් පිරවුම් හල් සඳහා දීලා තියෙනවා.

 මේක තවත් වෙනස් වුණා 2021 දෙසැම්බර් මාසේ  95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට දෙන්න පුලුවන් උපරිම ගාණ රුපියල් පහයි සත ද හ ය යි.

 නමුත් රු.5යි සත පනස් දකක්   ගා නේ ගෙවලා තියෙනවා පිරවුම්හල් වලට.

 ඇමතිවරුන්ගේ සියලු දෙනාගේ සිට ලොක්කෝ ඔක්කොටම  සෙඩ් අයිතියි.

 පිරවුම්හල් වලට වාසිදායක විදිහට තමයි මේක කරලා තියෙන්නේ.

 මේක තවත් වෙනස් වුණා 2021 දෙසැම්බර් මාසේ  නැවත වතාවක් ඉන්ධන මිල වැඩි වෙච්ච අවස්ථාවේ. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 දක්වා ගියා.

 හැබැයි අප ර්කැ ප් එක තිබුණේ රුපියල් එකසිය හැට හතයි.

 95 වර්ගය පෙට්‍රල් ලීටරයක් රුපියල් 207 දක්වා ගියා 

 අප ර්කැ ප් එක තිබුණේ 170 ට.

 එකසිය හැත්තෑ වෙන් සියයට තුනක් ගෙවන්න තිබුණේ නමුත් 270ක් සියයට තුනක් ගෙව්වා.

 අප ර්කැ ප් එක නොසලකා කොමිෂන් 1 වැඩි කරගෙන වැඩි කරගෙන ගියා.

 මේ විදියට කිසිදු විමසිල්ලකින් තොරව 2022 ජනවාරි 18 දක්වා කොමිෂන්එ ක විචාරයකින් තොරව වැඩි කරගෙන ගියා.

 මේක පිළිබඳ මුල්ම සොයා බැලීම වෙලා තියෙන්නේ 2022 ජනවාරි මාසේ 18 වෙනිදා.

 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් ඔහු ලිපියක් යවලා තියෙනවා කළමනාකාර අධ්‍යක්ෂ වරයාට අපි මෙච්චර කල්  ඉන්ධන පිරවුම්හල් වලට ගෙවන්න ඕන කමිෂන්එ කට වඩා වැඩි මුදලක් ගෙවලා තියෙනවා මේකට මොකක්ද කරන්න ඕනෙ කියල අහල තියනවා.

 කළමනාකාර අධ්‍යක්ෂවරයා කඩිනම් මැදිහත්වීමක් කළ යුතුව තිබුණ නමුත් ඔහු එහෙම කළේ නෑ. ඔහු කළේ තව සති දෙකක් කල් ගත්තා.

 මේ ගැන තොරතුරු එකතු කරන්න කියලා.

 2022 මාර්තු මාසේ 10 වැනිදා තමයි චක්‍රලේඛය නිකුත් කළේ  වැඩිපුර ගෙවලා තියෙනවා ඉන්ධන පිරවුම්හල් වලට කමිෂන්එ ක ගෙවපු කමිශන් එක වාරික හතරකින් නැවත සංස්ථාවට ගෙවන්න කියලා.

 ඊට පස්සේ ඉන්ධන පිරවුම්හල් හිමියෝ පිරිසක් ඇවිල්ලා එවකට ඛනිජ තෙල් අමාත්‍ය වරයා විදියට හිටපු ගාමිණි ලොකුගේ හම්බුනාම කියලා තිබුණා මේක ප්‍රශ්නයක් නෑ මේක පරණ විදිහට කරන්න වාරික ගෙවීමක් අවශ්‍ය නෑ කියලා.

 ගාමිණී ලොකුගේ ගෙන් හම්බුනු අවසරය පාවිච්චි කරලා තෙල් පිරවුම් හල් හිමියෝ හතර දෙනෙක් කොළඹ දිසා අධිකරණයෙන්  වාරණ නියෝගයක් ඉල්ලුව දැන් මේ දුන්න සල්ලි මේ ගොල්ලෝ ආයෙ ඉල්ලනවා අන්න ඒක වළක්වලා වාරණ නියෝගයක් නිකුත් කරන්න කියලා.

 කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා දුන්න ඒක පාර්ශවීයව.

 ඔය වෙනකොට දවසකට රුපියල් කෝටි 8 ගානේ අහිමි වෙනව කොමිෂන්එ කෙන් විතරක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට.

 මේ වාරණ නියෝග සතියකට දික්කරන්න සංස්ථාවේ නීතිඥයෝ එකඟ වුණා.

 කොහොමද එහෙම වුණේ.

 අවසානයේ දී වාරණය ඉවත් කළා.

 මේකේ තීන්දුව දීලා තියෙනවා ගාස්තුවට යටත්ව වාරණ නියෝගය ඉවත් කරලා තියනවා. සංස්ථාවට ලොකු චාන්ස් එකක් ආවා

 අධිකරණ වාරණ නියෝගය ඉවත් කරලා තියෙනවා දැන් මේ කමිෂන්මු දල ගන්න පුළුවන් .

 මේ නඩු තීන්දුව දෙන්නෙ 2022 ජූලි 15. රුපියල් බිලියන 4ක් පමණ  ඒ කියන්නේ රුපියල් කෝටි 400ක් පමණ වැඩිපුර ගෙවීමක් කරලා තිබුණා පිරවුම්හල් හිමියන්ට.

 මේක මුළු රටේම ජනතාව ගෙවන්න ඕනේ අපි කතා කරන්නෙ ඒක නිසා. ඒ මුදල අත්පත් කරගෙන ඉන්නේ ඉන්ධන පිරවුම්හල් එක්දහස් දෙසීයක් පමණ.

 හිටපු ඛනිජතෙල් ඇමති වරයා සතුව තියෙන ඉන්ධන පිරවුම් හල් ගැන හැමෝම දන්නවා. හැබැයි ඔප්පු කරන්න බැහැ.

 ඉන්ධන පිරවුම්හල් හිමියාට  නීතියේ සඳහන් කමිෂන් එකට වඩා ඉහළ කමිෂන් එකක් ලබාගන්න හැකිවෙන විදියට තීරණ අරගෙන.

 ඩී ජී ඒ එස් අනුරසිරි කියලා නියෝජ්‍ය විගණකාධිපති අත්සනින් මේක නිකුත් කරලා තියෙන්නේ මේකේ සියලු තොරතුරු තියෙනවා.

 මේ බර මුළුමනින් උහුලන්න වෙන්නේ පාරිභෝගිකයාට. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් නමයයි ශත දාහතක් මේ අමතර කමිෂන්මු දල එකතු වෙලා තියෙනවා.

 මේ හොරකම නැවැත්තුවොත් එහෙම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දහයයි සත අ ට කින් අඩු කරන්න පුළුවන්.

 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 යි ශත 95 කින් අඩු කරන්න පුළුවන්.

 ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් නමයයි ශත විසි හතකින් අඩු කරන්න පුළුවන්

 සුපර්ඩී සල් ලීටරයක මිල දහයයි සත 95 කින් අඩු කරන්න පුළුවන්.

 මේ විගණන වාර්තාව නිශ්චිතව කියනවා මේකේ බර මුළුමනින්ම ජනතාවට දරන්න වෙලා තියෙනවා.

මේ වාර්තාවෙ තියෙනවා වැඩිපුර ගෙවන මුදල දවසකට රුපියල් මිලියන හැට හතයි දශම නමයක්, දවසකට රුපියල් කෝටි හයක් විතර මේ සෙඩ්ටි කට වැඩිපුර ගෙවනවා.

 ඒක මාසෙකට ගත්තොත් රුපියල් මිලියන 2037 ක්‌. ඉදිරි මාස 12 ඇතුලේ ඉන්ධන මිල මේ ආකාරයට තිබ්බොත් එහෙම රුපියල් කෝටි 2500ක්  වැඩිපුර ගෙවනවා සංස්ථාව ඉන්ධන පිරවුම්හල් හිමියන්ට.

 ඉන්ධන වැඩිපුර බෙදුවොත් එහෙම වෙනදා විදියට රුපියල් කෝටි 3600 ක් යනවා.

 පාඩුයි මේවා පෞද්ගලීකරණය කරන්න ඕන කියනවා අවුරුද්දකට වැටුප් දීමනා ඔක්කොම එකතු කරාට පස්සේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසරක වියදම යන්නේ රුපියල් බිලියන 5.5 යි.

 මෙතන රුපියල් බිලියන 21 ක ප්‍රශ්නයක් අවුරුද්දකට. වැටුප් දීමනා ගෙවන මුදල වගේ හතර ගුණයක් ශෙඩ්  වලට ගෙවලා.

 කොරල්  එනර්ජි කියන කම්පැනිය ඒ සමාගම රුසියාවේ තෙල් ඉන්දියාවෙන් ගෙනල්ලා තමයි මෙහෙට බාන්නේ.

 රුසියාවෙන් ඩොලර් 87 ට දෙන තෙල් බැරල් එක 168 ගානේ සල්ලි දීලා ඉන්දියාවෙන් අරගෙන මෙහෙට ගෙනල්ලා බාන්නේ.

 මේ සමාගමේ හිමිකරුවා විදියට ඉන්නේ මනි වර න් චිචී ට රොකට් එකක් අරන් අභ්‍යවකාශයට යන්න ආසාවක් ආවට පස්සෙ රොකට් එක හදන්න මැදිහත් වෙච්ච කෙනා.

 පැහැදිලි සැකයක් තියෙනවා මනි වරන්ට ඇයි මේ විදිහට තෙල්    ගේ න්න දුන්නේ.

 ඉතුරු අය ඩොලර්3ට  ප්‍රිමියම්  එක කියද්දී ඩොලර් 25ට මනි වරන්ට තෙල් ගේන්න දුන්නෙ.

 ඉතුරු අය ඩොලර් 129 ට තෙල් බැරල් එක ගන්න පුළුවන් කියද්දි 145 ට විතර තෙල් බැරල් එක මෙයාගෙන් ගත්තේ.

 රාජපක්ෂලාගේ හෙවනැලි ද තාම වැඩ කරන්නේ. රනිල් වික්‍රමසිංහගෙ රූකඩය නටව නටව පිටිපස්සේ ඉන්න රාජපක්ෂලා ද

 ඉන්ධන පිරවුම් හල් වල බලපත්‍ර ගැනීමේදී දේශපාලනඥයෝ සම්බන්ධයි. යාලු හිතමිතුරන්ට බලපත්‍ර දීමේදී දේශපාලඥයෝ සම්බන්ධයි.

 භූමිතෙල් මිල 340 ට නැග්ගුවා.

ඊට පස්සේ කියනවා පාඩුවට දෙන්න බෑ කියලා. පාඩු වෙන්නේ මෙහෙම . අයිඕසී එක ලාභ ලබා දී සිපෙට්කෝ එක පාඩු ලබන්නේ කොහොමද

 පාඩු වෙන්නේ මේවා කරලා.