29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිරිමි වෙස් ගෙන සිටින STF නිලධාරිනිය, විශේෂ කාර්ය බලකායේ අණසක පතුරවයි

පිරිමි වෙස් ගෙන සිටින STF නිලධාරිනිය, විශේෂ කාර්ය බලකායේ අණසක පතුරවයි

පිරිමි වෙස් ගෙන සිටින එස්ටීඑෆ් නිලධාරිණියක් නිසා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන්ට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා.

රාත්‍රී කාලයේ දී කාන්තා නේවාසිකාගාරයේ සිටින නිලධාරිනියන් තමන්ගේ ආරක්ෂාව උදෙසා නිදි වර්ජිතව කාලය ගත කරන බවද වාර්තා වනවා.

පුරුෂ යනුවෙන් යෙදු හැඳුනුම්පත් දෙකක් භාවිතා කරන ඇය බොහෝ අවස්ථාවල උසස් නිලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක් වී ඇති බව බලකා ආරංචි මාර්ග පවසනවා.

බොහෝ පිරිස් මෙම සම්බන්ධව උසස් නිලධාරීන් දැනුවත් කළ ද චෝදනාවට ලක්වන මෙම කාන්තාවගේ හිතවතියක මූලස්ථානයට කොඩිවිනයක් වූ සිවිල් නිලධාරිනියකගේ සහයෙන් දිගින් දිගටම දූෂිත ක්‍රියාවල නිරත වනු ලබන බවයි වාර්තා වන්නේ.

දූෂිත ක්‍රියා සම්බන්ධව පැමිණිලි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා ස්ථාන මාරු ලබා දීමටද මූලස්ථානය හා සිවිල් නිලධාරීනිය ඇතුළු පිරිසක් කටයුතු කරන නිසා විශේෂ කාර්ය බළකා නිලධාරීන් බොහෝ අපහසුතාවන්ට මුහුණ පා තිබෙන බවද සඳහන්.