― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකවට පාලකයෙක් ගේ නිවට මර්දනයක්

කවට පාලකයෙක් ගේ නිවට මර්දනයක්

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් මර්දනය කිරීම කවට පාලකයෙක් ගේ නිවට මර්දනයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

අද 7 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

අරගලය තවමත් අවසන් නෑ අරගලය නව අදියරකට මාරු වෙමින් තියෙනවා. ඉතා සාමකාමී ලෙස උද්ඝෝෂණය කරපු රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තිබ්බා. ඝාතනය කළා අවස්ථා ගණනාවකදී සාමකාමි ලෙස තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරපු ජනතාවට පහරදීම් කලා වෙඩි තැබීම් සිදුකළා. අත්අඩංගුවට ගැනීම් සිදු කළා. බරපතළ මර්දනයක් දියත් කළා. රනිල් වික්‍රමසිංහ අගමැති ජනාධිපති වෙන්න කලින් ඉඳගෙනම තිබුණ ආණ්ඩුව මේ අරගලය යටපත් කරන්න උත්සාහ කළා. ප්‍රචණ්ඩත්වය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ භාෂාව වුණා. රාජපක්ෂ එක්ක එකඟතාවයට ආපු රනිල් වික්‍රමසිංහගේ භාෂාව වෙලා තියෙන්නෙත් ප්‍රචණ්ඩත්වය. මේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාකාරීත්වය ඔවුන් විසින් තමයි ගෙනාවේ.

 රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දීලා පළමු ක්‍රියාව ලෙස පටන් ගත්තේ ගෝල්ෆේස් එකේ සාමකාමී අරගල කරුවන්ට ප්‍රහාර එල්ල කරපු එක.

 පොලිසිය සාමාන්‍ය උද්ඝෝෂණයක් මර්දනය කරන්න ගන්න සාමාන්‍ය ක්‍රියා කාරිත්වය ඉක්මවලා ගිහිල්ලා ඉතාමත් ප්‍රචණ්ඩ ලෙස සාමාන්‍යයෙන් භාවිතා නොකරන පොලු මුගුරු අරගෙන තමයි වයර් වැනි දේවල් අරගෙන තමයි අරගල කරුවන්ට ප්‍රහාර එල්ල කළේ. 

 අරගලය සාමකාමී කියන්න අපි අලුතෙන් කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. සාතිශය බහුතරයක් ජනතාව මේ අරගලයට සම්බන්ධ වුණා.මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයට ගෙනාපු මැරයන් අරගලයට කොහොමද ප්‍රචණ්ඩත්වය ගෙනාවේ කියන එක අපි දැක්කා. මැයි නමවෙනි ද පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් එකතුවෙලා කරපු මැර ප්‍රහාරය පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නායකයන් නායකයන් ගේ ආශිර්වාදය මැද සිද්ධ වෙච්ච ප්‍රහාරයට අද වෙනකොටත් වගඋත්තර කරුවන් නීතිය ඉදිරියට පමුණුවා නෑ 

රනිල් වික්‍රමසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ගේ කල්ලිය හොඳින්ම දන්නවා අරගලය අවසන් නැහැ අරගලය නැවතත් ඉදිරියට එන්න නියමිතයි. අරගලයේ ඉදිරි වර්ධනයන් අත්පත් කරගන්න නියමිතයි.. අරගලය බිහිවෙන්න බලපාපු කිසිම හේතුවකට මොවුනට උත්තර දෙන්න බැරි වෙලා තියෙනවා.

 මොවුන්ගේ අභිප්‍රාය පොදු ජනතාව අරගලයෙන් ඈත් කරවන්න. භීතියේ දේශපාලනය ගේන එක. රනිල් වික්‍රමසිංහගේ මාමත් මේක පහුගිය කාලේ අත්දැකපු ක්‍රියාවේ යොදවපු අත්දැකීම් අපි දන්නවා. ඔහු ඒ පාරේ යන්න උත්සාහ කරනවා. මේක එක්තරා ආකාරයක කවට පාලකයෙක් ගේ නිවට මර්දනයක්……

රනිල් විවිධ ආකාරයෙන් අටවන උගුල්වල අහු නොවී අපි ඉතාමත් සබුද්ධික ලෙස අපි අරගලය තුළ දිගින් දිගටම බලාපොරොත්තු වෙච්ච දේශපාලන අභිප්‍රායන් සහ ආර්ථික අරමුණු කරා යන්න අදිටන් කරගන්න ඕන කියන ඉල්ලීම කරනවා.

මේ රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කොළඹට රැස්වෙලා ඉල්ලපු ඉල්ලීම තවම ඉටු වෙලා නෑ

අරගලයේ අරමුනු එලෙසම තියෙනවා. රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අරගලය වටා පෙළ ගැහෙමු.