23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහමුදා කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගෙන යද්දී ප්‍රදේශවාසීන් සලකයි

හමුදා කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගෙන යද්දී ප්‍රදේශවාසීන් සලකයි

රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබියදී අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි සැකකාර සෙබළෙක් අවට සිටි පිරිසක් විසින් අල්ලා නිට්ටඹුව පොලීසියට භාර දි තිබෙනවා

කළගෙඩිහේන හෝටලයක හෝටල් හිමියාට අයිති බස් රථය පාන්දර 01 ට පමණ මෙලෙස සොරා ගෙනතිබේ

මෙලෙස අල්ලාගෙන ඇත්තේ බෙම්මුල්ල කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල බෝයගොඩ හමුදා කදවුරට අනුයුක්ත සෙබලෙකි.මොහු පොලීසියට භාර දුන් අවස්ථාවේ තුවාල ලබා සිටි හෙයින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කීය.

ඉකුත් 27 වනදා සිට හමුදා කඳවුරෙන් අතුරුදහන් වී සිට ඇති අතර බස් රථයද පොලීසිය භාරයට ගෙන ඇත.