අරගලයේ දිශානතිය හාමතෙන් ජීවත් වෙන්න බෑ අපිට කන්න ඕන කියන තැනකට දැන් ඇවිල්ල තියන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න පවසයි.
28 දින පෙරටුගාමී සමාජවාදීපක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේමමාලී අබේරත්න මේ බව පැවසීය.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න
යුනිසෙෆ් ආයතනය කියලා තියෙනවා අපේ රටේ ආර්ථික අර්බුදය නිසා අපේ රටේ අවුරුදු 5 ට වඩා අඩු දරුවන් ගෙන් ඒගොල්ලන්ගෙ උග්‍ර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගිය රට විදිහට ලංකාව දකුණු ආසියාවෙන් දෙවැනි තැනට ඇවිල්ල තියෙනවා කියලා.
මේක නිකම්ම කියපු දත්තයක් සංඛ්‍යා ලේඛනයක් කියලා කාට හරි මගහැරලා යන්න පුළුවන්.
මේ ආර්ථික අර්බුදය අපේ රටේ දරුවන්ගේ අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා.පවුල් දහයකින් එකක් තමන්ගේ ආහාර වේල මඟ ඇරලා තියෙනවා. වේල් තුනම ආහාර ගත්ත අය වේල් දෙකක් ආහාර ගන්න සූදානමින් ඉන්නවා සහ එහෙම ආහාර ගනිමින් ඉන්නවා.
වේල් දෙකක් ආහාර ගත්ත එක වේලකට තමන්ගේ ආහාර වේල පහත දමමින් තියෙනවා.
ආනයනික සනීපාරක්ෂක තුවා තමයි අපේ රටේ වැඩිපුරම පාවිච්චි කරන්නේ. බදු කිහිපයක් ගෙවලා තමයි මේක අපිට මිලදී ගන්න පුළුවන් වෙන්නේ.
මේ වල මිල දරාගන්න බෑ අපේ රටේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වල සහ දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් ඉන්න පවුල්වල දෙමව්පියන්ට..
ඒ දින කිහිපය අපේ රටේ දරුවන් පාසල් යාම අඩු කරලා තියෙනවා. යුනිසෙෆ් ආයතනය මානුෂීය ආධාර ඉල්ලලා තියෙනවා ලංකාවට. ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාර ඉල්ලලා තියෙනවා. ආහාර මිල ගණන් ඉහළ යාම ඇතුලේ අපේ රටේ දරිද්‍රතාවයෙන් ඉන්න ජනතාව පීඩාවට පත්වෙලා තියෙන්නේ.
පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා ඇමතිවරයාම කිව්ව අපේ රටේ මූලික ව රුපියල් ලක්ෂයක ආදායමක් ලබන කෙනෙකුට දැන් කරන්න පුළුවන් රුපියල් තිස් දාහක වැඩ කියලා.
මේ වෙලාවේ අපේ රටේ ජනතාව උපයන ධනයෙන් වැඩිපුර කපා හරින කොටස බවට පත් වෙන්නේ ආහාර. අපේ රටේ රට පුරාම මන්දපෝෂණය නෑ ඒක හරි හැබැයි උතුරු නැගෙනහිරට ගියොත් එහි බරපතළ මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා. නීරක්තියෙන් පෙළෙන ගැබිණි මව්වරු හම්බ වෙනවා.
ඩෑන් ප්‍රියසාද් කියනවා මන්දපෝෂණය තියෙන්නේ අපේ රටේ අම්මලාගෙ තියෙන කම්මැලි කම නිසා කියලා. අපිට ඩෑන් ප්‍රියසාද් ට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්
අම්මලා කම්මැලි වෙලාද නැත්තං ඩෑන් ප්‍රියසාද් ල පෝෂණය කරන අපේ රටේ පාලකයෝ අවුරුදු 74 ක දේශපාලන ගමන් මගේ දී දුන්න උත්තරය ද මේ හම්බ වෙලා තියෙන්නේ.
දරුවෙක් පාසලට කුරුම්බා ලොද පොල් මද ගෙනල්ලා තිබුණා. මේක ගැන මාධ්‍ය සාකච්ඡා වලදී වෛද්‍යවරයා ගෙන් මේ ගැන විමසද්දී වෛද්‍යවරයා කියනවා පොල් මද කන එක ශරීර සෞඛ්‍යයට හොඳයි ඉතාම හිතකර කෑමක් පොල් වතුර බොන එක ශරීර සෞඛ්‍යයට හොඳයි ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත වෙන්නේ හැමදාම පොල් මද කන අයට නෙමෙයි.
වෛද්‍යවරයාගේ පුතාගේ ආහාරවේලට අනුවනම් ඔහුට වේලක් පොල් මඳ කෑවට ප්‍රශ්නයක් නෑ.
ගීතා කුමාරසිංහ කියන විදිහට බඩ පිරුණට පෝෂණය අපිට හම්බ වෙන්නෙ නෑ.
අපේ රටේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු කියනවා මේ වෙලාවේ දරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. රෝහලට ඇතුළු වෙන දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් පෝෂණ ඌනතාවයට ගොදුරු වෙලා තියෙනවා කියනවා.
අපේ රටේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අනුව නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ජනාධිපතිවරයාට වෙන් වෙන්න මුදල ගත්තට පස්සේ සාමාන්‍යයෙන් පවුලක ආර්ථිකයක් ගත්තට පස්සේ මේ මුදලයි ඒ මුදලයි සංසන්දනය කරලා අපිට බලන්න පුළුවන්.
දැන් සමහර ඉස්කෝලවල ගුරුවරු විදුහල්පතිවරු තමන්ගේ කෑම පාර්සලය වෙනුවට තව කෑම පාර්ස ල් දෙකක් අරං එනවා කියලා අපිට ආරංචි වෙනවා.
මම ගම්පහ ගිය වෙලාවේ ගම්පහ මට හම්බවුන සහෝදරියක් කියනවා ඇයගේ දියණිය යන ඉස්කෝලේ උසස්පෙළ පාසල් දරුවෝ ඉන්ටවල් එකේදි ගුරු විවේකාගාරයට එනවලු ගුරු විවේකාගාරයේ ඔවුන්ට ඉතාම කිට්ටුවෙන් ඉන්න ගුරුවරිය ඇගේ ආහාර වේලෙන් පංගුවක් මේ දරුවන්ට දෙනවා.
මේක හැමදාම ගුරුවරුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපේ රටේ අඩුම පඩියක් ගන්නේ ගුරුවරු. රුපියල් තිහක් තමයි දරුවන්ගේ පෝෂණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙන් කරන මුදල.
අගෝස්තු මාසේ විසි දෙවැනි දා ඉඳලා රුපියල් හැටක් බවට යෝජනා කරලා තියෙනවා.
රුපියල් හැටක් දීලා දරුවෙක්ට පෝෂදායී ආහාර වේලක් දෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය එනවා. ලංකාවේ පාසල් වලින් බහුතර පාසල් ප්‍රමාණයක දෙමව්පියො තමයි පෝෂණ අවශ්‍යතාවයට අවශ්‍ය කරන බොහෝ දේවල් ගේන්න දෙමව්පියන්ගේ මුදලින් තමයි දිවා ආහාර වේල සකසන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිලිවෙලක් නිර්මාණය කරලා තිබ්බට අධ්‍යාපන අමාත්‍යාංශයේ ආහාර වැඩපිළිවෙල සම්පූර්ණ කරන සමාගම් අයිතිකාරයන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර කරන කඹ ඇදිලි නිසා මේක කරගන්න බැරිවෙලා තියෙනවා.
ත්‍රිපෝෂ සම්බන්ධ ප්‍රශ්නය බරපතළ ආන්දෝලානාත්මක කාරණයක් බවට පත්වුණා. ත්‍රීපෝශ අවශ්‍යතාවය අපි දරුවන්ට දෙනවා. පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කළ යුතු දරුවන්ට දැන් දෙන්නෙ නෑ ත්‍රීපෝෂ.
දැන් දෙන්නෙ අම්මලාට විතරයි. අම්මලාට දුන්න ත්‍රීපෝෂ පැකට් එක ඇතුලේ ඇෆල ටොක්සීන් කියන දිලීර අඩංගු වෙලා තියෙනවා. මේකෙ බරපතළ තත්ත්වයක් තියෙනවා.
සෞඛ්‍ය පෝෂක නිලධාරීන් පෙන්වල දීල තියෙනවා ත්‍රීපෝශ දරුවන්ට ලබා දෙන එකේ ඇෆල ටොක්සීන් දරුවන්ට ලබා දිය යුතු ප්‍රමාණය වෙන්නේ දශ ලක්ෂයකට එකක් තමයි දරුවෙක්ගේ ශරීරයට මේක අවශ්‍ය වෙන්නේ.
වැඩිහිටියෙකුට නම් දශ ලක්ෂයකට තිහක්. ඊට වඩා විශාල ප්‍රමාණයක් මේ කියන ත්‍රීපෝශ පැකට් වල අඩංගු වෙලා තියෙනවා. මොනවා හරි එළිය සමාගම් නිෂ්පාදනය කරන සුපෝෂ වෙන්න පුළුවන් සමපෝෂ වෙන්න පුළුවන් ඒ වගේ මේවා නැති වෙන්න පුළුවන්.
එක එක ජිල්මාට් තියෙන්න පුළුවන්. ඒගොල්ලො අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ත්‍රීපෝශ කන්නෙ නැතිව සමපෝෂ කන්න පෙලඹෙන්න පුළුවන්. නැත්තං සුපෝශ කන්න පෙලඹෙන්න පුළුවන්.
මේ සමාගම් අධ්‍යක්ෂවරුන්ට නොවැම්බර් මාසයේ 18 වෙනිදා උසාවියේ පෙනී සිටින්න කියලා නියෝග කරලා තියෙනවා.
මෙවැනි දේවල් කරලා තියෙන කාටවත් නීතිය ක්‍රියාත්මක වුණේ නෑ කියන එක ඉතාම පැහැදිලියි.
මේ ඛේදවාචකය අපි වෙනස් කරන්නේ කොහොමද, නිපුන හාල් අයිතිකරුවා එකේ මූලික හිමිකරුවා සාමාන්‍යයෙන් ඔහුගේ දවසක ආදායම කෝටි දෙකක්.
අරගලය දිශානතිය කලින් තිබ්බේ දේශපාලකයෝ පාලකයෝ වෙනස් කරන්න 225ම එපා කියන තැනකට, දැන් අරගලයේ දිශානතිය හාමතෙන් ජීවත් වෙන්න බෑ අපිට කන්න ඕන කියන තැනකට දැන් ඇවිල්ල තියනවා.
මහ බැංකු අධිපතිවරයා නන්දලාල් කිව්වා වගේ හෙට දවසේදී ලේ වැගිරීමකින් කෙළවර වෙනවා කියලා ලේ වැගිරීමකින් කෙළවර කරන්න අවශ්‍ය පස හැදුවේ මේ රටේ පාලකයෝ.
අපේ රටේ ජනතාව හෙට දවසේ බඩගින්න වෙනුවෙන් පාරට බහිනවා. හෙට දවසේ දී ඔබ ගෙනියන එළවළු මල්ල උදුරගෙන දුවන දෙමව්පියෙක් අපිට මුණ ගැහෙයි.
ඔබ කන්න ගෙනියන බත්පත උදුරගෙන කන දෙමව්පියෙක් දරුවෙක් අපිට මුණ ගැහෙයි .
සුපිරි වෙළඳසැලේ ආහාර ද්‍රව්‍ය කඩා වඩා ගන්න දෙමව්පියන් අපිට මුණ ගැහෙයි. මේ තත්ත්වයට ගොදුරු වීම අපට වළක්වා ගන්න බැහැ.
මේ කියන පාලකයින්ට තවදුරටත් මේක මේ විදියට ගෙනියන්න බෑ. මේකට විරුද්ධව සමාජයක් විදිහට ඉස්සරහට එන්න කියන යෝජනාව අපි අපේ රටේ විශේෂයෙන් කාන්තාවන්ගෙන් ඉල්ලනවා.
සාගතයේ බර ගැහැනුන්ට අත්පත් වෙන එක වළක්වන්න හාමතේ ගිනි දරුවන්ට අත්පත් වෙන එක වළක්වන්න අපි සාපය එන්ඩ් කරලා අරගලය වින් කරන සමාජයක් දක්වා මේක ගෙනියමු. ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම කරමු කියන යෝජනාව අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදිහට කරනවා.