වර්තමානයේ සිදුවන දේවල් නිසා මිනිසුන්ට වෛරය ඇති වන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි .
ඊයේ 29 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.
ඊයේ පොදුජන පෙරමුණ විසින් පවත්වපු මාධ්‍ය හමුවේ දී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා කියනවා සංවිධානාත්මකව ආණ්ඩුව කෙරෙහි වෛරයක් ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂ වල පිරිස් ක්‍රියා කරමින් ඉන්නවා කියලා.
ඔහු කියන එක ඉතාම හාස්‍ය ජනකයි.වෛරය කියන දේ අපි කාටවත් හදන්න පුළුවන් එකක් නෙමෙයි.
මිනිස්සු මොනවා හරි තත්ත්වයකට මුහුණ දෙද්දී එකේ එන මනෝභාවය තමා වෛරය හරි කෝපය හරි අතෘප්තිය හරි අසහනය හරි සටන්කාමීත්වය හරි ඒක මනෝභාවයක්.
අපි පක්ෂයක් විදිහට මේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට ඇත්ත කියන්න ඕන කියලා හිතුවා.අපි කලින්ම කිව්වා අර්බුදයක් එනවයි කියලා.
අජිත් නිවාල්ක බ්රාල් මුදල් අච්චු ගගහා ඉද්දි උද්ධමනය වැඩි වෙනවා කියලා අපි කිව්වා.අපි හිතනවා ඇත්ත කියන්න ඕන කියලා.
පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවගේ පීඩාව ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ජනතාව දේශපාලනයට සක්‍රීය කරලා මේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න වෙන්නේ.
වෛරය වෛරය කියලා මේ ගොල්ලෝ මහලොකුවට කිව්වට දවසට පැය අටක් දහයක් වැඩ කරලා තමන්ගේ දරුවට කන්න දෙන්න බැරිවෙච්ච මිනිස්සුන්ට වෛරයක් එන්නේ නැද්ද. ඊයෙ විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි දැක්කා හමුවෙන දරුවන්ගෙන් සීයට 14.6ක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා කියලා.
දරුවෝ සම්බන්ධ මේ සංඛ්‍යාලේඛන වලට අමතරව අපි දන්නවා ජනතාව ගෙවල්වල කන්නේ බොන්නේ කොහොමද කියලා. පහුගිය කාලය පුරාම එක දිගට ආහාර වල මිල වැඩි වුණා. අපි දැක්ක එක්කෙනෙක් කියලා තියෙනවා මන්දපෝෂණය ඇති වෙන්නේ අම්මලාගේ නොසැලකිලිමත්කම ට කියලා.
ගීතා කුමාරසිංහ කියලා තියෙනවා රට පුරාම මන්දපෝෂණය නෑ මන්දපෝෂණය තියෙන්නේ තැන් කීපයක විතරයි කියලා. මෙතැන ප්‍රශ්නය මුළු රටේම මේක වෙනවද තැන් කීපයක මේක වෙනවද කියන එක නෙමෙයි.
පහුගිය කාලේ රවි කරුණානායක එක්ක ලැගලා හිටපු කෙනෙක් ඇවිල්ලා කියනවා පොල් කෑවට කමක් නෑ කලටිපොල් කන එක ඇඟට ගුණයි කියලා.
කලටිපොල් ඇවිල්ලා පොලිටිකල් කලටිපල් කෑවට කමක් නෑ කියන්නේ දේශපාලන අදහසක්
කලටිපොල් ඔය කියන තරම් ගුණ නම් පාර්ලිමේන්තුවේ අයට කලටිපොල් දෙන්න.
බඩගින්නෙ ඉන්නවට වඩා කේන්ති යන්නේ නැද්ද කලටිපොල් කන එක ගුණයි කියලා මිනිස්සුන්ට කියන එක.
බඩගිනියි ඉන්නවට වඩා කේන්ති යන්නේ නැද්ද පෝෂණ ඌනතාවයන් ඇවිල්ල තියෙන්නෙ අම්මලාගෙ කම්මැලිකමට කියලා එක එක පුබ්බ ඩයන් ඇවිල්ලා කියද්දී.
ගෑස් එක පුපුරලා ගෙවල් විනාශ වුණාට පස්සේ ගෙවල් ගිනි ගත්තට පස්සේ එතකොට මිනිස්සුන්ට වෛරයක් එන්නේ නැද්ද.
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ඇවිල්ලා හිතලා ගෑස් පිපිරෙව්වේ නෑ මේක අහම්බෙන් වෙච්ච දෙයක් කියලා මේවට වන්දි ගෙවන්න බැහැ කියලා කියද්දී මේවට කේන්ති යන්නේ නැද්ද.
නීතිපතිවරයා විසින් නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙද්දී ඔහුගේ වැඩ තහනම් කරන්න කියලා ඔහුගේ වැඩ තහනම් කරනවා වෙනුවට ඔහුට අධි ආරක්ෂිත කලාප සම්බන්ධ තීරණය කිරීමේ බලය ලබාදීම කරද්දි මිනිස්සුන්ට වෛරයක් එන්නේ නැද්ද.
2022 සැප්තැම්බර් මාසේ විසි දෙවැනි දා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අතිරේක ලේකම් සමන් දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපිය, මේ ලිපියේ කියනවා 2022 මාර්තු ඉඳලා ගල් වලවල් සඳහා අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කරලා නෑ කියලා.
ඒක විසින් ගල් වලවල් වල වැඩ නැවතිලා තියෙනවා. ඒ ආශ්‍රිතව ජීවත් වෙච්ච සියලු දෙනාගේ ජීවනෝපායන් අහිමි වෙලා තියෙනවා.
මෙතෙක් මේවා ආනයනය කරපු අය වෙනුවට රොස්මිඩ් ටෙක්නොලොජි ප්‍රයිවට්ලි මිටෙඩ්කි යලා සමාගමකට ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කරන්න අවසර දුන්නා. මේ ලිපිය කියනවා එහෙම ආනයනය කරන්න අවසර දුන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් නවසිය අසූ එකයි ශත 54 ට කියලා කියනව
දැන් ප්‍රශ්නය තියෙන්නෙ මේ ඇමෝනියම් නයිට්‍රේට් 2022 මාර්තු මාසය වෙද්දී කිලෝග්‍රෑම් එක තිබුන රුපියල් 232 ට ඊට පස්සේ අප්‍රියෙල් මැයි වෙනකොට මේක රුපියල් හාරසිය හැටක් බවට පත්වුණා .
දැන් මේ ඇමෝනියම් නයිට්රේට් කිලෝ එක රුපියල් නවසිය අසූ එකයි සත 54 ගානේ ලංකාවට ගෙන්නන්න ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුමැතිය දීලා තියෙනවා මේ රොස්මිඩ් ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් කියලා මීට කලින් මේ දේවල් වලට කිසිසේත්ම මැදිහත් නොවී ච්ච එකපාරටම මේ ඥාති හිත මිත්‍ර හදාගත්ත සමාගමක් කියල සැකයි.
ප්‍රශ්නය තියෙන්නේ මේ නවසිය අසූ එකයි සත පනස් හතර කියන එක හරිද.
මේ වෙනකොට ලෝක වෙළඳපොලේ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් එකක මිල තියෙන්නෙ ඩොලර් 575 යි.
මේක 360න් විතර වැඩි කරාට පස්සේ අපිට බලන්න පුළුවන් රුපියල් ලක්ෂ දෙකක් විතර වෙන්නේ.
මිලදී ගන්නා අවස්ථාවේ මේක මිල වැටෙන්න රුපියල් දෙසීයක් විතරයි. ප්‍රවාහනය ලාභ ඔක්කොම තියලා ඕන නම් රුපියල් 350 ක් විතර වෙයි.
ඇමෝනියම් නයිට්‍රේට් දෙන්න පුළුවන් මිල වගේ දෙගුණයකට තමයි මේගොල්ලෝ දැන් මේ මිල කරලා තියෙන්නේ.
ඒ දෙගුණයකට මිල කරලා තියෙන්නේ ඉතුරු දේවල් සියලු දේවල් වල මිල ඉහළ යන තත්ත්වයක් තුළ.
සියලු මිල ඉහළ යම් එකතු උනාට පස්සේ මේ අවුරුද්දේ ඇමෝනියම් නයිට්රේට් කිලෝ එකක් රුපියල් එක්දාස් පන්සීය තිහක් වෙනවා.
මේ අවුරුද්දේ ජනවාරි මාසයේ රුපියල් දෙසිය තිස්දෙකට ගත්ත ඇමෝනියම් නයිට්රේට් කිලෝ එක.
මේ විදියට ගියොත් එහෙම අඟල් 6 නමය ගල් කියුබ් එක අත්තිවාරම් සඳහා යොදාගන්න ගල් කියුබ් එක රුපියල් පහළොස් දාහට යන එක වලක්වන්න බෑ.
කැබිනට් මණ්ඩලය මුදල් අනුමත කරනවා මහින්ද රාජපක්ෂගේ විජයරාම මාවතේ නිවස අලූත්වැඩියා කරන්න කියලා රුපියල් කෝටි අසූවක් මුදල් වෙන් කරනවා.
එතකොට මිනිස්සුන්ට වෛරයක් එන්නේ නැද්ද.
දැන් රටේ කොහේ වත් බෙහෙත් නෑ. බෙහෙත් මිලදී ගන්න ලැබුණු ආධාර සල්ලි වලින් වෙන වෙන දේවල් කරලා කියලා දැන් තොරතුරු වාර්තා වෙනවා.එතකොට මේ බෙහෙත් නැතුව ඉන්න මිනිස්සුන්ට වෛරයක් එන්නේ නැද්ද.
මේ විදිහේ උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්.මේ තියෙන තත්වය තුළ ජනතාවට අරගල කිරීම හැර වෙන කිසිදු විකල්පයක් නැහැ.