අධික ලාභ ලැබිය හැකි ඒකාධිකාරයක් ඇති රාජපක්ෂලා සෙට් එකක් ඉන්න රොස්මිඩ් ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමේ හිමිකාරීත්වය පිළිබදව සොයා බැලිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
30දින පෙරටුගාමි සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
2022 සැප්තැම්බර් මාසේ විසි දෙවැනි දා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරපු ලිපියක් තියෙනවා සියලුම දිස්ත්‍රික් පුපුරණ ද්‍රව්‍ය අලෙවි නියෝජිත වරුන් වෙත කියලා.
මේ ලිපිය ඉදිරිපත් කරල තියෙන්නෙ ඩී එම් සමන් දිසානායක සිවිල් ආරක්ෂක සහ සංවර්ධන අතිරේක ලේකම්
2022 මාර්තු මාසයෙන් පසුව වෙඩි බෙහෙත් එහෙම නැතිනම් ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කිරීම සිදු වුණේ නැහැ. මේ වෙනකොට මාස 6කට අධික කාලයක් රසායන ද්‍රව්‍ය ආනයනය නොකිරීම නිසා ගල් වලවල් ආශ්‍රිත කර්මාන්තයේ නිරත වෙලා ඉන්න සියලුම දෙනාගේ ජීවනෝපායන් අනතුරට වැටිලා තිබුනා.
මෙතෙක් කාලයක් ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කල කිසිදු සමාගමකට ඉඩ නොදී රොස්මිඩ් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමට මෙට්‍රික් ටොන් දාහක් ආනයන කිරීම සඳහා අවසර ලබා දීලා තියෙනවා.
එක සමාගමකට පූර්ණ ඒකාධිකාරියක් හැදෙනවා ලංකාවට ඇමෝනියම් නයිට්‍රේට් ගෙන්නන්න.
අපි මේ කාරණාව මතු කරාට පස්සේ 2022 සැප්තැම්බර් විසි නම වැනිදා දිනය සහිතව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා මේකට අත්සන් කරලා තියෙන්නේ මේජර් ජෙනරල් කමල් ගුණරත්න විශ්‍රාමික ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය. කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස අත්සන් කරලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේකේ තියනවා 2022 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිල නියම කරලා තියෙනවා.
රුපියල් එක්දහස් නවසිය විසි හයයි ශත දාසයක්. රුපියල් දෙදාහකට කිට්ටු මුදල ක් දළවශයෙන් අවුරුද්දක් ඇතුළත දහගුණයකින් වැඩි කරලා උපරිම සිල්ලර මිල.
ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නෙ මේ ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල නියම කරන්න ද. මෙච්චර කල් මෙහෙම ඒවා වුණේ නැහැ.
රොස්මිඩ් ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් කියන තනි සමාගමට මුළුමනින්ම ඒකාධිකාරය හදලා දීලා තියෙනවා.
ඒ සමාගමට අධික ලාභයක් ලබාගත හැකිවන පරිදි මිල නියම කරලා තියෙනවා. රොස්මිඩ් ටෙක්නොලොජීස් ලිමිටඩ් කියන සමාගම කාගේද මේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න දෙන්නෙක් කුමාර රාජපක්ෂ සහ නිලූෂා රාජපක්ෂ.
රාජපක්ෂ කියන වාසගම සහිත දෙන්නෙක් ඉන්නවා. කළමණාකරන කණ්ඩායමේ ඉන්නවා ප්‍රධාන අය. ඒකෙ ඉන්නවා චමිත් කා රාජපක්ෂ
කල්පනී රාජපක්ෂ හන්සනී රාජපක්ෂ කියලා රාජපක්ෂලා සෙට් එකක් මොකක්ද මේ සමාගම. මේ සමාගම කාගේ සමාගමක් ද
මේ ක නැවත රාජපක්ෂලාගේ සමාගමක්ද.
මහින්ද රාජපක්ෂලාගේ චමල් රාජපක්ෂ ලාගේ බැසිල් රාජපක්ෂ ලා ගේ නාමල් රාජපක්ෂලාගේ සමාගමක් ද මේක.
මහලොකුවට මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බ ගෙවල් ගිනි තිබ්බා කියලා කෑ ගහනවා. මේ ලක්ෂ ගණනකගේ ජීවිත ගිනි තියලා තියෙන්නෙ.
ඒ මිනිස්සුන්ගෙ ජීවිත පිච්චෙනවා. ගල් කඩන්න වගේ ගිහිල්ලා ඉන්නේ සමාජයේ ඉන්න දිළිඳුම කොටස්. ඒ මිනිස්සුන්ට මාස හයක් තිස්සේ රස්සාව නෑ.
රාජපක්ෂලාගේ සමාගමක් මොන රාජපක්ෂලා ද කියලා හොයන්න ඕනේ ඒකාධිකාරය හිමි කරලා දීල තියෙනවා ඒක හිමි කරලා දීලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ බලය භාවිතා කරලා.
ඒ නිසා රනිල් රාජපක්ෂගෙන් අපි ඉල්ලනවා ලොකු කතා මොකුත් නෙමෙයි පුරසාරම් නෙමෙයි තමන් යටතේ තියෙන අමාත්‍යාංශයේ තමන් විසින් පත් කරලා ඉන්න අමාත්‍යාංශ ලේකම්වරයාගේ අස්සනින් ලිපි නිකුත් කර කර මේ කරන නාඩගමේ තේරුම මොකක්ද.
මේ රාජපක්ෂ සමාගම මොකක්ද කියලා රනිල් රාජපක්ෂ ඇවිල්ලා කියන්න. මිනිස්සු අරගල කළේ මේවට විරුද්ධව තමයි.