23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිල අඩුවෙයි ද ? වැඩිවෙයි ද ?

මිල අඩුවෙයි ද ? වැඩිවෙයි ද ?

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (01) දිනයේ දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට ඉතා පහළ අගයක් ගෙන තිබෙනවා.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා පසුගියදා ට්විටර් සටහනක් තබමින් තොරතුරු අනාවරණය කළා.

එවන් පසුබිමක අද (01) දිනයේ දී සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඉන්ධන මිලේ අඩුවක් සිදුවනු ඇති බවයි පාරිභෝගිකයින්ගේ බලාපොරොත්තුව.

කෙසේ වෙතත් අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි මස 17 වනදායි